ආදි බුද්ධ (සංස්කෘත: आदिबुद्ध) යනු වජ්‍රයාන බුදු ධහමට අනුව "පළමු බුදුන්" හෝ "ආදිතම බුදුන් වහන්සේය".[1] මෙම ස්වරූපය සඳහා තවත් පොදු යෙදුමක් වන්නේ ධර්මකාය බුදුන්ය.[2]

වජ්‍රධර, සර්ම සම්ප්‍රදාය තුළ නිරූපණය කර ඇති ප්‍රධාන ආදි බුදුන්

නිරුක්තිය සංස්කරණය

"ආදි" යන්නෙහි තේරුම "පළමු" යන්නයි, එනම් ආදිබුද්ධ යනු ප්‍රථමයෙන් බුදු බව ලබා ගත් තැනැත්තායි.[3] "ආදි" යන්නෙන් "ප්‍රාථමික" යන්න ද අදහස් විය හැක, එය පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කිරීමක් නොව, සියලු සංවේදී ජීවීන් තුළ පවතින අනන්ත ප්‍රඥාවයි.[4]

ඉන්දු-ටිබෙට් බුදු ධහම සංස්කරණය

ඉන්දු-ටිබෙට් බුදු ධහම තුළ ආදි බුදුන් විස්තර කිරීමට සමන්තබද්‍ර, වජ්‍රධර හෝ කාලචක්‍ර යන යෙදුම් බොහෝ විට භාවිතා වේ. මංජුශ්‍රීනාමසංගීතියට විලාසවජ්‍ර දී ඇති අටුවාවෙන් නිදසුන් වන පරිදි මංජුශ්‍රී ආදි බුදුන් ලෙස දුටු සම්ප්‍රදායක් ද භාරතයේ තිබිණි. විලාසවජ්‍ර සිය අටුවාවේ මෙසේ සඳහන් කරයි.

මංජුශ්‍රී යනු දස අදියරෙහි අධිපති වූ බෝසතාණන් වහන්සේ නොවේ. ඒ වෙනුවට ඔහු ද්විත්ව නොවන ඥානයයි (අද්වයඥාන), ඔහු ප්‍රඥාවේ (ප්‍රඥාපාරමිතා) පරිපූර්ණත්වයයි.[5]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Wayman, Alex (2013). The Buddhist Tantras: Light on Indo-Tibetan Esotericism. Routledge. p. 53. ISBN 978-1-135-02922-7.
  2. Gray, David (2007), The Cakrasamvara Tantra (The Discourse of Sri Heruka): Śrīherukābhidhāna: A Study and Annotated Translation (Treasury of the Buddhist Sciences), p. 32.
  3. Buswell, Robert E.; Lopez, Jr., Donald S. (2013). The Princeton dictionary of Buddhism. Princeton: Princeton University Press. ISBN 9781400848058. Entry on "ādibuddha".
  4. Buswell, Robert E.; Lopez, Jr., Donald S. (2013). The Princeton dictionary of Buddhism. Princeton: Princeton University Press. ISBN 9781400848058. Entry on "ādibuddha".
  5. Tribe, Anthony (2016). Tantric Buddhist Practice in India: Vilāsavajra’s commentary on the Mañjuśrī-nāmasaṃgīti, p. 8. Routledge.
"https://si.wikipedia.org/w/index.php?title=ආදි_බුදුන්&oldid=513551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි