ආදියෙහි ක්‍රිස්තියානි සංකේත

මූලික සංකේත මුල් කාලීන කරිස ස්තියානි පල්ලිය විසින් මූලික සංකේත බහුල ලෙස භාවිත කරන ලදී. ජලය කිතුනුවන්ට විශේෂ සංකේතාත්මක වැදගත්කමක් දැරීය. බෞතීස්මයට අමතරව ජලය යනු පිරිසිදු කිරීම හෝ පාරිශුද්ධභාවය හඟවන්නක් විය. ගින්න, විශේෂයෙන්ම ඉටිපහන් දැල්ල, ශුද්ධාත්මය සහ ආලෝකය සංකේතවත් කළේය. මෙම සංකේත වල මූලයෝ බයිබලයෙන් පැමිණි ඒවාය. උදාහරණයක් ලෙස අග්නි ජිහ්ව යන්න පෙන්තකොස්ත ශුද්ධාත්මයන් වහන්සේව සංකේතවත් කරන අතර අනුගාමිකයෝ ආලෝකය පසුපස යන්නෝ ලෙස සැලකීම් හෝ දෙවියන් ගින්න අනුභව කරයි වැනි වදන් පෙළ හෙබ්රෙතව් 12 හි හමුවේ. මත්ස්යතයා Main article: Ichthys මුල් කාලීන කරින ස්තියානි සංකේත අතර මත්ස්යියා ට වැදගත් තැනක් හිමිවේ. සොහොන්කොත් වැනි ස්මාරක වල මුල් කාලීන කරි් ස්තියානියට සමීප වූ මත්ස්යද සලකුනු දැකිය හැක. දෙවන සියවසේ පළමුවන දශකයේ පමණ මත්ස්යලයා කරිව ස්තියානි සංකේතයක් ලෙස භාවිත විය. මත්ස්යකයා විසින් උත්ථානයෙන් පසු ගලීල මුහුදු වෙරළෙහි අනුගාමිකයෝ සත් දෙනාහට භෝජන පිණිස හාස්කමකින් පාන් සහ මසුන් ගුණනය වීම සංකේතවත් කරනු ලැබීයැයි සිතිය හැක. සොහොන් පින්තාරු මුල් කාලයේ සිටම කිතුනුවෝ තම උමං සොහොන් ජේසුස් වහන්සේ ගේ ශාන්තුවරයන්ගේ හා බයිබල් සිදුවීම් වල චිතර ෙම වලින් පින්තාරු කළෝය. උමං සොහොන් සියලූ කිතුනු කලාවන්ගේ තොටිල්ලයි. මුල් කිතුනුවන්ට පරරු තිමා හෝ රූප පිළිබඳ කිසිදු පරජන ශ්නයක් නොතිබුණු බව සෑම කිතුනු පුරාවිoHd සිසුවකුම පාහේ පරලය කාශ කරයි. පළමු සියවසේ සිට පැමිණෙන පරහො තිමා මේ මතය සනාථ කරයි පළමු සියවසේ දෙවන භාගයේ සිට මහා කොන්ස්ටැන්ටින් දක්වා වූ කාලයේ ඔවුන් සිය මලවුන් වලදමා භුගත කුටීර වල චාරිතරන් ඉටුකළෝ ය. කිතුනු සොහොන්බිම් පාම් ගස්, මොනරු, යහපත් එඬේරා ලෙස හෝ ශාන්තුවර අතර හිඳගෙන සිටින යේසු තුමන් ගේ චිතරකාල වලින් අලංකරනය කර තිබේ. ඇතැම් විට නව තෙස්තමේන්තුවේ සිදුවීම් ද මේ අතර දැකිය හැක. අනෙකුත් කිතුනු සංකේත අතර ශුද්ධාත්මයන් සංකේතවත් කරන පරෙවියා, කිර් ්ස්තුස් වහන්සේ ගේ පරිත්යාිගය සංකේතවත් කරන බිලිදීමට නියමිත කොටළුවා, වයින් සහ තවත් බොහෝ දැ ඇත. මේ සියල්ල නව තෙස්තමේන්තුවෙන් උකහා ගත් සංකේත වේ.


කුරුසිය සහ කුරුසි සුරුවම

කුරුසි සුරුවම හෙවත් සිරුරක් රැඳි කුරුසිය මෙය ඇන්ග්ලිකන් වාදයේ ලූතර්වාදයේ හා රෝමානු කතෝලsක සමයේ සංකේතයක් ලෙස භාවිත වුවද කුරුසය පමණක් භාවිත කරන ප්රො තෙස්තාන්තිකයන්ගෙන් වෙනස් වේ.

අද ලොව බහුලතම සංකේත වලින් එකක් වන කුරුසිය මුල් කාලයේ සිටම කිතුනුවෝ භාවිත කළෝය. තුන්වන සියවස අවසානයේ හෝ හතරවන සියවස මුල් භාගයේ පමණ මිනුෂියස් ෆිලික්ස් විසින් රචිත ඔක්ටේවියස් හි කිතුනු විරෝධී තර්ක වලින් මෙය සඳහන් වේ. එයට අනුව 211 ත් 216 ත් අතර මියගිය ඇලෙක්සැන්ඩිර ොවයායේ ක්ලෙමන්ට් කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව කුරුසිය හැඳින්වීමට දෙවියන්ගේ සංකේතය යන්න භාවිත කළ අතර එමගින් එය ජේසුස් වහන්සේ සමග එකල පවා සමීපව පැවති බව පැහැදිලි වේ. යුදෙව් විශ්වකෝෂය මෙසේ සඳහන් කරයි. "කිතුනු සංකේතය හෝ මුද්රාිව ලෙස කුරුසිය භාවිතය දෙවන සියවස තරම් ඈතකදී ආරම්භ විය. එසේම නලලේ සහ උරසේ කුරුසය සනිටුහන් කර ගැනීම යක්ෂබලවේගයන්ට එරෙහි ආරක්ෂාවක් ලෙස සැළකුණි. දෙවන සියවස තරම් ඉහතදී පවා කුරුසිය වන්දනාමාන කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ දේවගැතිවරු පිලිබඳව මිනුෂියස් ෆිලික්ස් ගේ ඔක්ටේවියා හා ටේටුලියන් ගේ ඇපොලොජියා වැනි කෘති වල සඳහන් වේ. කිතුණුවෝ කුරුසියේ බලය මත දිවුරීමට පුරුදුව සිටිති". කුරුසිය මුල්කාලීන කිතුනුවෝ පටන් භාවිත කළද කුරුසි සුරුවම පස්වන සියවස දක්වාම භාවිත නොවුනි.


http://en.wikipedia.org/wiki/Christian_symbolism#Early_Christian_symbols