ආදායම් බද්දේ අතීතය

  • 1840 දී ප්‍රංශයේ අධිරාජ්‍යා බවට පත්වූ නැපෝලියන් සෙනෙවියාගෙන් බ්‍රිතාන්‍යයට එරෙහිව පැවති ආක්‍රමණික තර්ජනය නිසා 1790 දශකය අගදී බ්‍රිතාන්‍යය රාජ්‍ය ආර්ථිකය ශීඝ්‍රයෙන් පිරිහෙන්නට විය.ඊට තාවකාලික පිළියමක් වශයෙන් රටේ යමක් කමක් අැති ජනතාවගේ දායකත්වය රජයට ලබාගැනී එක් උපාය මාර්ගයක් වශයෙන්

1799 දී ඉතිහාසයේ මුල් වරට ආදායම් බද්ද හදුන්වා දී තිබේ.*ලංකාවේ ආදායම් බද්ද අාරම්භ වී තිබෙන්නේ 1932 වර්ෂයේදීය. එනම් ඉංග්‍රීසි පාලන සමයේදීය. වචනයේ අර්ථයෙන්ම ආදායම් බද්ද අයකරනු ලබන්නේ පුද්ගලයන්ගේ ආදායම මතය. එය තවත් කෙනෙකුට විතැන්කළ නොහැක.ඒ නිසා එය ඉතාමත් සංවේදී බද්දකි. ආදායම් බද්ද තනි පුද්ගලයන්පමණක් නොව ආයතනික පුද්ගලයන් ද අයත්වේ.(සංස්ථා,සමාගම්) තනි තනි පුද්ගලයන් ගෙවනු ලබන ආදායම් බදු පෞද්ගලික ආදායම් බදු වශයෙන් හැඳින්වේ. ඊට හොඳම උදාහරණය නම් උපයන විට ගෙවීමේ බද්දයි.අනෙකුත් ආයතනිකපුද්ගලයන්ගේ අයකරන බදු සාමූහික ආදායම් බදු වශයෙන් හැඳින්වේ. මේ කොටස් දෙකහිම ආදායම් බදු අනුපාතය එක සමාන නොවේ.

  • ආදායම් මත අයකරන, කලින් කලට ඇති නැති වන වෙනත් බදු වර්ගද අපට දැකිය හැකිය. අප රටේ මෑතක් වන තුරැ පැවති ජාතිය රැකගැනීමේඅරමුදලද පුද්ගලයාගේ ආදායම් මත අයකරගත් බද්දකි. එසේම 2002 වසරේ සිට ක්‍රියාත්මක වන පොලී මත අයකරන බදු ද ආදායම් බද්දකි. රඳවා ගැනීමේබද්දද ආදායම් බද්දකි. සමාජයේ ආදායම් විෂමතාව අවම කිරීමට ආදායම් බද්ද හොඳ මාර්ගයක් වුවත් එය තනි පුද්ගලයන්ගේ ආදායම් ඉපදවීම මන්දෝත්සාහී කිරීමට බලපායි.ගොනුව:TaxReady.jpg

යොමුව සංස්කරණය

  • සටහන සගරාව
"https://si.wikipedia.org/w/index.php?title=ආදායම්_බද්දේ_අතීතය&oldid=470541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි