ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමට සඳහා විධායක ජනාධිපති ධුරයක් හඳුන්වා දී තිබිණි. එහි පනවා තිබූ ප්‍රතිපාදනයන්ට අනුව විධායක ජනාධිපතිධූරය ඉතා බලසම්පන්න එකක් වූ අතර විධායකයේ සියලු බලය කොන්දේසි විරහිතව ජනාධිපති ධුරය වෙත ගොනු කර තිබුණි. වරෙක මේ බව සනාථ කරමින් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා සඳහන් කළේ තමන්ට කළ නොහැක්කේ ගැහැණියක් පිරිමියකු කිරීමත් පිරිමියෙක් ගැහැණියක කිරීමත් පමණක් බවයි.

ලෝකයේ බලවත්ම ජනාධිපති ධුරය වන අමරිකානු ජනාධිපති ධුරයටත් වඩා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය බලවත් බවට දැඩි විවේචන එල්ල විය. විධායක ජනාධිපති ධූරය හා එහි ක්‍රියාකාරීත්වය සමාජය තුළ දේශපාලනික වශයෙන් කෙතරම් පීඩනයක් එල්ල කළ තිබුණේ ද යත් 1994 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ එක් ප්‍රධාන සටන් පාඨයක් වූයේ තමා බලයට පත්වූ වහාම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවයි. කෙසේ වෙතත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙවරක් ජනාධිපති ධුරයට පත් වුවද ඉහත කී පරිදි එය අහෝසි කිරීම සිදු නොවීය. ඒ වෙනුවට එය තවත් ශක්තිමත් කරමින් එවැනි ශක්තිමත් විධායකයට පවතින අසීමිත බලය දේශපාලනිකව ද අභ්‍යාස කරනු දක්නට ලැබිණි. මෙම ක්‍රමය තුළ දක්නට ලැබුණු ප්‍රධානතම දුර්වලතාවය වූයේ විධායක බලය සංවරණ හා තුලනය කිරීම සඳහා ප්‍රතිපාදන ස්ථාපනය නොවීමයි.

2001 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ලබා දුන් ප්‍රතිඥාව යම් තරමකට සඵල කරමින් 2001 ඔක්තෝබර් මාසයේදී එවකට පැවති ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට දහහත්වන සංශෝධනය එක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හඳුන්වා දෙන ලදී.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ව්‍යුහය පහත පරිදි විය.‍ සංස්කරණය

  1. අග්‍රාමාත්‍ය වරයා
  2. කථානායකවරයා
  3. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකවරයා
  4. ජනාධපතිවරයා විසින් පත් කළයුතු එක් තැනැත්තෙක්
  5. අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායකවරයා යන දෙදෙනාගේම නාම යෝජනා කිරීම මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන තැනැත්තන් පස් දෙනෙක්
  6. අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂයේ නායක වරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ නොවන පාර්ලිමේන්තුවේ නියෝජනය ව ඇති අනෙකුත් දේශපාලන පක්ෂ වල සහ ස්වාධීන කණ්ඩායම් වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟත්වය මත නාම යෝජනා කර ජනාධිපතිවරයා විසින් පත්  කරනු ලබන එක් තැනැත්තෙක්.

මෙහිලා වැදගත්ම සාධකය වූයේ ජනාධිපතිවරයා විසින් සිදුකරන කාර්යයන්ට අනුමැතිය හා නිර්දේශ ලබා දීමේ ව්‍යුහයක් ලෙස මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක වීමයි.

ඒ අනුව පහත දැක්වෙන කොමිෂන් සභා සඳහා සිය නිර්දේශ ලබා දීම ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථා සභාව විසින් සිදුවිනි. සංස්කරණය

  1. මැතිවරණ කොමිෂන් සභාව
  2. රාජ්‍ය සේවා කොමිෂම
  3. ජාතික පොලිස් සේවා කොමිසම
  4. මානව හිමිකම් කොමිසම
  5. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම
  6. මුදල් කොමිසම
  7. සීමා නිර්ණය කොමිසම  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රතිපාදන සංස්කරණය

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය සඳහා විනිශ්චයකරුවන් පත් කිරීම සහ පොලිස්පතිවරයා පත් කිරීම කළ යුත්තේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන්ට අනුව බවට ප්‍රතිපාදන පනවා ඇත. එමෙන්ම  ජනාධිපතිවරයා විසින් සිදුකරන පහත සඳහන් පත් කිරීම සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය බවට ප්‍රතිපාදන පැනවිනි.

  1. අග්‍ර විනිශ්චකාර සහ  ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයන්
  2. අභියාචනාධිකරණ සභාපති සහා අභයාචනාකරණයේ විනිශ්චකාරවරයන්
  3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයින්
  4. නීතිපතිවරයා
  5. විගණකාධිපතිවරයා
  6. පොලිස්පතිවරයා
  7. පාර්ලිමේන්තු කටයුතු පිළබද මහ කොමසාරිස් (ඔම්බුස්ට්මන්මන්වරයා)
  8. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා3

මෙම ප්‍රතිපාදන හරහා සිදුවූයේ ජනාධිපතිවරයාට සිය බලය අත්තනෝමතිකව  ක්‍රියාවේ යෙදවීමට හැකියාවක් නොමැතිවීමයි. ජනාධිපතිවරයාගේ විධායක බලය සංවරණය හා තුලනය කිරීම සදහා වන තාක්ෂණික උපක්‍ර‍මයක් ලෙස ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථා සභාව ක්‍රියා කිරීම මෙහි ලා ඇතිකරනු ලැබූ ප්‍ර‍ධානතම පරිවර්තනයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශ කර ජනපති විසින් පත් කරනු ලබන  මෙම කොම්ෂන් සභා ක්‍රියාකාරීත්වය මගින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා වන ඉහළ  ප්‍රජාතන්ත්‍රීය ගුණයක් සහිත සුරක්ෂිත සමාජයක් බිහිකිරීම අරමුණු කරගත් අතර එම ආයතනවල ස්වාධීන ක්‍රියාකාරීත්වය විසින් සපයනු ලබන සේවය විනිවිදභාවයකින් හා ස්වාධීන බවකින් යුක්තව මහජනයා වෙත එළඹුමක් ඇති කරන ලදී.  එමඟින් සැමට  සමාන හා සැමට සාධාරණ සැලකීමක් මෙන්ම හා වගවීම් වගකීම් ක්‍රියාවලිය යන සංකල්ප ආරක්ෂා වීමත් සිදුවේ. එමගින් නීතියේ ආධිපත්‍යය තුළ විද්‍යමාන කෙරෙන නීතිය සැමට සමාන හා සැමට ඉහළින් තිබිමේ සංකල්ප  මැනවින් තහවුරු කරන වටපිටාවක් නිර්මාණය කිරීම සිදුවිය.

මෙම තත්වය මෑත කාලිනව ලංකාවේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ඉතිහාසයෙහි යම් සාධනීය සලකුණක් එක් කළ ධනාත්මක වෙනස්කමක් හා ඒ ඔස්සේ පැහැදිලි ලෙසම ප්‍ර‍තිඵලදායි ලෙස නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරිමට පිටුවහලක් සැපයූ සිදුවීමක් බව පැහැදිලි වේ.

බාහිර සබැදි සංස්කරණය

1978 ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව