ආගමික සාහිත්‍ය
Religiousආගමික සාහිත්‍ය
මධ්‍යකාලින යුගයේ පුස්තකාලයන් තුල බහුලව දක්නට ලැබුනේ සාහිත්‍යම හා දේව ධර්මය පිළිබද වු ග්‍රන්ථයන්ය. එසේ විමටං හේතුව වුයේ සමාජයේ සාහිත්‍ය පිළිබදව කේන්ද්‍රස්ථානය කතෝලික පැවදිවරැන් වු බැවිනි. මන්ද, ඔවුන් විසින් කරන ලද අතිවිශාල සාහිත්‍යමය කර්තවය නිසාය.
එදා සිට පැවතෙන්නා වු ගීතිකා අද වන තුරැම පැවතේ. දේව මෙහෙයන් කිසිවිටෙක ඒකාකාර නොවීය. විවිධ පුද්ගලයන් විසින් දේව මෙහෙයේ පිලිවෙත් සහ පිලිවෙල පිළිබද කරැණු ඉදිරිපත් කරන ලදියි.
කැන්ටබරිහි ඇන්ස්ල්ම්, තෝමස් ඇක්වයිනාස් හා පියරි ඇබලාර්ඩ් වැනි ආගමික විද්වතුන් දේව ධර්මය මෙන්ම දේව දර්ශනය පිළිබදව ඉතා දිගු නිබන්ධනයන් ග්‍රන්ථාරූඪ කරන ලදි. බොහෝ විට මේවා රචනය කරන ලද්දේ ග්‍රික හා රෝම මිත්‍යා දෘෂ්ටික කෘතින් සමග සැසදිමටත්, ධාර්මික කිතුනුවන් ධෛර්යමත් කර ඔවුන්ගේ විශ්වාසය යලි අවදිකිරිමටත් පිණිස වේ. hagiographies එනම් සාන්තුවරයන්ගේ ජිවිත නම් කෘතින් මෙලෙස රචනා ගද්‍යයන් සදහා උදාහරණ වේ.
එදේස ජකොබ් ද වෝර්ගින් විසින් රචිත The Golden Legend (ස්වර්ණමය පුරාවෘත්තය) එයා ජන සමාජයේ ශුද්ධ වු බයිබලයට වඩා ප්‍රසිද්ධ විය. අසිසි හි ෆ්‍රැන්සිස් වනාහි බොහෝ කවි ලියන ලද, ඉතා විශ්ෂ්ඨ කවියෙකි. එබැවින් ඔහුගේ ෆ්‍රැන්සිස්කානු නිකායේ පැවිදිවරුන්ද ඔහුන්ගේ ශ්‍රද්ධාව දක්වමින් කවි ලියන ලදියි. Dies Lare සහ Stabat Mater යනු ඉතා ප බලය හා බලවත්ම ආගමික ලතිනක් කවි දෙකකි. සමහර පුජකවරැන් තමන්ගේ විරැද්ධත්වය ප්‍රකාශ කිරිමට Golidaric poetry නම් පද පේලි 4 කින් යුක්ත වු උපහායාත්මක කවි ද යොදා ගන්නා ලදි. පුජකවරැන් විසින් ලියනු නොලැබු එකම ප්‍රසිද්ධ ආගමික ගද්‍ය, 'ප්‍රාතිහාරාත්මක නාට්‍ය' (Mystery Plays) ලෙස හැදින්වේ. Rableauz කලාවේ වැඩිදියුණුවත් සමග ප්‍රචලිත වු මෙම කලාව මගින් බයිබලයේ ඇති විවිද සිදුවිම් හෝ අවස්ථාවන් එම ගැමියන්ට අදාල පරිද්දෙන් සකසා එලි දක්වන ලදි. මෙම නාට්‍යයන්හි පාඨ දේශිය පැවිදිතුමන් විසින් පාලනය වේ. උත්සව දිනවලදි මෙම නාටක මුළු දිනය පුරාම සහ පසුදා පහන්වන තුරැම පවත්වන ලදියි.
මධ්‍යකාලින යුගයේදි යුරෝපයේ වෙසෙන යුදෙව් ජනගහණයෙන් ද අග්‍රගණය කතුවරැන් බිහිවිය. ස්පාඥ්ඤයේ කෝඩොබා හි උපත ලද ටයිමොනයිඩස් (Maimonaides) හා ප්‍රදේශයේ ට්‍රෝයිස් හි උපත ලද රාශි (Rashi) යන කතුවරැන් ිඅතර වු සුප්‍රසිධ්ම සහ බලවත්ම කතුවරයින් දෙදෙනකි.