අ වෙයාවුල්ෆ් බෝයි (කොරියානු늑대소년) යනු දකුණු කොරියානු සුන්දර නව යොවුන් යුවතියක් හා නිසි ශිෂ්‍ඨ පරිසරයක නොහැදුනු තරමක ප්‍රචන්ඩ තරුණයෙකු අතර ඇති වන මනඃකල්පිත ප්‍රේම වෘතාන්ත චිත්‍රපටයකි. යුවතිය (පාක් බෝ යංග්) තම මව සහ සොහොයුරිය සමග ගම්බද නිවසකට පිටත් වන්නේ ඇයගේ සෞඛයය තත්වයට නගරය නුසුදුසු බැවිනි. එහිදී ඇය හට හමු වන සමාජශීලී නොවූ තරුණයෙකු (සුන් ජුන්ග් කී) හා මිතුරු වේ. එනමුත් ඇය නොදත් කරුණ නම් ඔහු සැබැවින්ම මනුෂ්‍යයෙක් නොවන අර්ධ මනුෂ්‍යය අර්ධ වෘක - වෘක මනුෂ්‍යයෙකු බවයි.[2][3][4]

අ වෙයාවුල්ෆ් බෝයි
අධ්‍යක්‍ෂණයජෝ සුන්ග් හී
රචනයජෝ සුන්ග් හී
නිශ්පාදනයකිම් සූ ජින්
යූ ඉන් බියොම්
ජියොන්ග් තේ සියොන්ග්
රංගන ශිල්පීන්සුන් ජුන්ග් කී
පාක් බෝ යංග්
සිනෙමාරූපණයචෝයි සන්ග් මක්
සංස්කරණයනම් නා යොංග්
සංගීතයශිම් හ්‍යන් ජන්ග්
Production
company
බිඩංගිල් පික්චර්ස්
බෙදාහැරීමසී ජේ එන්ටටේන්මන්ට්
නිකුත්වූ දින
  • සැප්තැම්බර් 11, 2012 (2012-09-11) (ටී අයි එෆ් එෆ්)
  • ඔක්තෝබර් 31, 2012 (2012-10-31) (දකුණු කොරියාව)
තිර කාලය
මිනිත්තු 122
රටදකුණු කොරියාව
භාෂාවකොරියානු
ආදායමඇඩො41,336,378[1]

අධ්‍යක්ශක ජෝ සුන්ග් හී චිත්‍රපටයේ පිටපත මුලින්ම ලියන ලද්දේ ඔහු කොරියානු චිත්‍රපට කලා අධ්‍යයන ආයතනයේ ඉගෙනුම ලබන අතරය. නමුත් පිටපතේ වර්තමාන තත්වයට ලගා වීම සඳහා එහි ප්‍රතිසංස්කරණ කිහිපයක්ම කිරීමට ඔහුට සිදු විය. මෙය ජෝගේ වාණිජමය මංගලාවතරන වන අතර ඔහු මීට පෙර ආතෝස් ෆ්ලික් එන්ඩ් ඔෆ් ඇනිමල් සහ ඩෝන්ට් ස්ටෙප් අවුට් ඔෆ් ද හව්ස් නම් කෙටි චිත්‍රපටය අධ්‍යක්ශනය කර තිබිණ.[5][6]

අ වෙයාවුල්ෆ් බෝයි චිත්‍රපටය තම අන්තර්ජාතික මංගලාවතරණය 2012 ටොරොන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ "සමකාලීන ලෝක සිනමා" අංශය යටතේ ඉදිරිපත් කරන ලදි. [7][8][9][10] ඉන් පසුව 17 වන බුසන් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදීද තිරගත කරන ලදි. මෙම තිරගත වීම් 2ම සිදු වූයේ චිත්‍රපටයේ නිල තිරගත කිරීමේ දින වන 2012 ඔක්තෝබර් 31 දිනට පෙරාතුවය.[11][12] මෙම චිත්‍රපටය ඉතා ඉක්මනින්ම බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිනි අතර වඩාත්ම සාර්ථක උද්වේගකර කොරියානු චිත්‍රපටය යන නාමයද ලබා ගන්නට හැකි විය.

කථා වස්තුව සංස්කරණය

කිම් සුන් යී නම් එක්සත් රාජධානියේ වෙසෙන වයසක කාන්තාව හට ඇයගේ දකුණු කොරියාවේ ඇති පැරණි නිවස විකිනීම සඳහා දුරකතන ඇමතුමක් ලැබේ. මෙම නිවස විකිනීමට නැවතත් කොරියාව බලා පැමිණෙන ඇය තම මිනිබිරිය වන ඉඋන් ජූ සමග නිවස පිහිටි පිටිසර පලාත වෙත පිටත් වේ. මෙහිදී ඇය මෙම නිවසේ ඇය ගැටවර වියේදී සිදු වූ සිදුවීමක් සිහිපත් වේ.

ඇය ගැටවර වියේදී ඇයගේ පවුල මෙම නිවසට අලුතින් පදිංචියට පැමිණෙන අතර අහම්බයකින් ඔවුන්ට තරමක ප්‍රචණ්ඩ තරුණයෙකු ඔවුන්ගේ ඉඩමේ සිට හමු වේ. ඔවුන් ඔහුට චෝල් සූ ලෙස නම් තබන අතර ඔහුට කතා කිරීමට තරම්වත් අධ්‍යාපනයක් නොතිබුනි. ඔහුගේ පැමිනීමත් සමග සුන් යීගේ මානසික මට්ටම පවා යහපත් අතට පත් වන්නට විය. ක්‍රම ක්‍රමයෙන් ඇය හා තරුණයා අතර සෙනෙහසක් හට ගැනීමෙන් සුන් යීගේ පෙම්වතා කලහකාරී ලෙස හැසිරෙන්නට විය. දිනක් මෙලෙස කලහකාරීව හැසිරුනු ඔහු සුන් යීට පහර දෙන විට චෝල් සූ ඔහුගේ සත්‍ය පෙනුම වන මිනිස් වෘක ස්වරූපයට පත්ව ඔවුන්ට පහර දෙන්නට විය. මේ නිසා හටගත් ක්‍රෝධයෙන් සුන් යීගේ පෙම්වතා චෝල් සූ උගුලකට හසු කරමින් ඔහුව පොලීසියේ සිර බාරයට පත් කරයි. කෙසේ නමුත් සුන් යී හා චෝල් සූ අතර ඇති වන ස්නේහය පිලිබදව මෙම චිත්‍රපටයෙන් පිලිබිඹු කෙරේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. "A Werewolf Boy Box Office Gross". Box Office Mojo. සම්ප්‍රවේශය 2012-11-25.
  2. Lee, Claire (27 September 2012). "Werewolf tale brings out beast in Song". The Korea Herald. සම්ප්‍රවේශය 2012-11-19.
  3. Park, Eun-jee (26 October 2012). "Uncomplicated relationship central to A Werewolf Boy". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-11-19.
  4. Paquet, Darcy (5 October 2012). "In Focus: A Werewolf Boy". Korean Film Biz Zone. සම්ප්‍රවේශය 2012-11-19.
  5. Lee, Claire (5 November 2012). "Director scores debut hit with coming-of-age beast tale". The Korea Herald. සම්ප්‍රවේශය 2012-11-19.
  6. "Korean films competing for major awards at international film fests". Korean Film Biz Zone. 28 August 2012. සම්ප්‍රවේශය 2012-11-19.
  7. "A Werewolf Boy". TIFF.net. 21 August 2012. සම්ප්‍රවේශය 2012-11-19.
  8. Hong, Grace Danbi (17 August 2012). "Song Joong Ki's A Werewolf Boy Gets Invited to the Toronto International Film Festival". enewsWorld. සම්ප්‍රවේශය 2012-11-19.
  9. Sunwoo, Carla (20 August 2012). "A Werewolf Boy gets Toronto invite". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-11-19.
  10. Hong, Lucia (20 August 2012). "4 Korean movies to head on over to Toronto International Film Festival". 10Asia. සම්ප්‍රවේශය 2012-11-19.
  11. Sunwoo, Carla (26 September 2012). "BIFF to show Song Joong-ki's movie". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2012-11-19.
  12. Jeon, Chan-il. "Werewolf Boy". BIFF.kr. සම්ප්‍රවේශය 2012-09-26.
"https://si.wikipedia.org/w/index.php?title=අ_වෙයාවුල්ෆ්_බෝයි&oldid=386551" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි