ආමාශය
★ උදර කුහරයේ ඇති "J " හැඩැති විස්තෘත පැසකි. ★ ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨය ඉතා විශාල වශයෙන් නැමී ඇති අතර ,ඒවා තුළ කුහර දක්නට තිබේ. ★ මේවා ආමාශයික ග්‍රන්ථි කරා යොමුව ඇත . ★ ආමාශයික ග්‍රන්ථි තුළ සෛල වර්ග තුනක් දක්නට ලැබේ. ★ ඒවා නම් ශ්ලේෂ්මල සෛල ,ප්‍රධාන සෛල හා පාර්ශ්වික සෛල වේ. ★ ආමාශ බිත්තිය විශාල වශයෙන් ඇදෙනසුලුවේ. ★ ආමාශයේ විදුර කොටස කුඩා අන්ත්රය සමග සම්බන්ධ වේ. ★ අන්නශ්රෝතය හා ආමාශය අතර ඇති සන්ධියේ හෘදාසන්න වක්‍ර පිධානය හමු වේ. ★ ආමාශය හා ක්ෂුද්‍රාන්තය අතර සන්ධියේ ආලාරවක්‍ර පිධානය ඇත. ★ ඒවා වෘත්තාකාර සිනිදු පේශිවලින් සෑදී ඇත. ★ මේ අවයව හරහා ද්‍රව්‍ය ගමන යාමනයට මේ වක්‍ර පිධාන උදවු වේ.
ආමාශයේදී ආහාරයට වන දේ
සංස්කරණයආමාශයික යුෂයේ අඩංගු එන්සයිම 2 කි.
- පෙප්සීන්
- රෙනින්
ආමාශය තුල සිදුවන රසායනික ජීරණය ආමශයික ග්‍රන්ථි මගින් ස්රාවය වන ආමශයික යුෂයේ අඩංගු සංඝටක මගින් සිදු වේ. ආමශයික යුෂය ස්රාවය වීම ස්වයංසාධක ස්නායු පද්ධතියෙන් හා හෝර්මෝන මගින් සිදු වේ.
පෙප්සීන් මගින් ප්‍රෝටින් පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය කරයි. රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරයි.ඒය සිදු වන්නේ කුඩා ළමයින්ගේ ය. මෙහි ආහාර පැය 3ක් පමණ රදවා ගනියි.මේ සදහා ආලාර චක්‍ර පිදානය උපකාරී වේ. ජීර්ණය අවසන් වූ පසු ආලාර චක්‍ර පිදානය විවර වී වරින් වර ආමලසය ක්ෂුද්‍රාන්තය ට ඇතුලු වේ.