අසාමාන්‍ය මනෝ විද්‍යාව (මනස හා කායික සිරුර)

න්‍යායක් යනු ලෝකයා දෙස පොදුවේ බලන මතයක් වන අතර එය සිද්ධාන්තයකට වඩා පුළුල්ය. අද මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ මානසික රෝග ගැන පැහැදිලි කිරීම් ප්‍රධාන න්‍යායන් 2ක් මත කේන්ද්‍රගත වේ. එනම් මනෝවිද්‍යා න්‍යාය සහ ජීවවිද්‍යා න්‍යාය වෙයි. මනෝවිද්‍යා න්‍යාය වඩා මානවවාදය, සංජනනය සහ චර්යාව යන යථා දර්ශන ඉලක්ක කර ගන්නා අතර ජීව විද්‍යාත්මක න්‍යාය රඳා පවතින්නේ ජානමය සහ ස්නායු රසායන විද්‍යාව වැනි කායික හේතු මත වෙයි.


අසාමාන්‍යතා පිළිබඳ නූතන සංකල්ප සංස්කරණය

  • අසාමාන්‍යතා පිළිබඳ සංඛ්‍යාන විද්‍යාත්මක සංකල්ප - ජනගහණයේ ඉතා අඩු කොටසක් තුළ පවතින හැසිරීම් වෙයි. නමුත් එම පුද්ගලයින් අත්‍යාවශ්‍යයෙන්ම මානසික රෝගවලින් පෙළෙන්නන් නොවේ.
  • අසාමාන්‍යතා පිළිබඳ මනෝමිතික සංකල්ප - ඇතැම් හැසිරීම් / ලක්ෂණ ජනගහණයේ එයට අදාල සාමාන්‍ය ව්‍යාප්තියෙන් වෙනස් වීමයි. උදාහරණ ජනගහණය මධ්‍යන්‍යය IQ අගය 100 වන විට IQ අගය 35 ක් ඇත්තා අසාමාන්‍ය ලෙස සැලකිය හැක. නමුත් මෙය මානසික රෝගයක් විශේෂ කොට නොසලකයි.
  • අපගමනය වූ හැසිරීම් - මෙය සෑම විටකම මානසික රෝගයක නිමිත්තක් නොවේ. එනම් මානසික රෝගයක් අපගමනය වූ හැසිරීම්වලින් තොරව තිබිය හැකි අතර ද, එවැනි හැසිරීම් මානසික රෝගයකින් ‍තොරව වුව ද ඇති විය හැක.
  • සම්මිශ්‍රණයන් - පීඩනයන් , විෂම ක්‍රියාකාරිත්වයන් වෙනස් මානසික ක්‍රියාවලීන්, කිසියම් අවස්ථාවකට නොගැලපෙන ප්‍රතිචාරයක් සහ (තමාගේ/ අන් අයගේ) ජීවිතයට හානිදායක වන ක්‍රියා ඇතුළු කළ හැක.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Abnormal_psychology#Mind_and_Body