අෂ්ඨපාන
බෞද්ධයින්ගේ පූජාවක් වන මෙම අෂ්ඨපාන පූජාව සඳහා පහත සඳහන් පාන වර්ග අට පූජා කරනු ලබයි.
- අම්බපානය
- ජම්බුපානය
- චෝච පානය
- මෝච පානය
- මධුපානය
- මුද්දික පානය
- සාලුක පානය
- ඵාරුසක පානය
මෙම පාන වර්ග අට සෑදීම සඳහා පලතුරු වර්ග අටක් යොදාගන්නා අතර ඒවා එක එකක් වෙන වෙනම ඇල් දියෙන් මිරිකා ගැනීමෙන් පානයන් සකසා ගනී.
ඒ සඳහා යොදා ගන්නා පලතුරු වර්ග පහත පරිදි වේ.
- අම්බපානය - අඹ
- ජම්බුපානය - මාදං (Syzygium cumini. මෙහි පාලියෙන් ජම්බු යනු දඹ හෙවත් මාදං නමින්ද හදුන්වන පලතුරයි. දඹදිව හෙවත් ජම්බුදීපය නමින් ඉන්දීය භූමිය සදහා අතීතයෙ ඒ නම සෑදී ඇත්තේද මේ ජම්බු හෙවත් දඹ හෙවත් මාදං නිසාය. https://en.m.wikipedia.org/wiki/Jambudvīpa
- චෝච පානය - ඇටි කෙසෙල්
- මෝච පානය - කෙසෙල්
- මධුපානය - අමු මිදි
- මුද්දික පානය - වියළි මිදි
- සාලුක පානය - ඕලු ගෙඩි
- ඵාරුසක පානය - මසන් ගෙඩි