අශෝක හේවාවිතාරණ
අශෝක හේවාවිතාරණ (ඉංග්‍රීසි: Ashoka Hewawitharana) යනු 1960 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රිය රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙකි.
අශෝක හේවාවිතාරණ Ashoka Hewawitharana | |
---|---|
උපත | 6 මැයි 1941 කැලණියේ දලුගම ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 8 මැයි 2019 |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | චිත්‍රපට නළු |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රවීන චිත්‍රපට නළු 1960 වකවානුව |
කාල සීමාව | 1960 - 2019 |
ආගම | බෞද්ධ |
අශෝකගේ හොඳම සමකාලීනයන් වන්නේ ක්ලැරිස් ද සිල්වා, ගර්ලි ගුණවර්ධන, ජෝ අබේවික‍්‍රම, වොලී නානායක්කාර, ඔස්වල්ඞ් ජයසිංහ, ටෝනි රණසිංහ, ශිරානි කුරුකුලසූරිය, නීටා ප‍්‍රනාන්දු, ශි‍්‍රයානි අමරසේන සහ ස්වර්ණා මල්ලවාරච්චියි. මුල්ම රංගනය ‘මාතෘ භූමි’ චිත‍්‍රපටයයි. ඒ වර්ෂ 1964 දී.
ඔහුගේ පියා විල්බට් හේවාවිතාරණ දලුගම කැලණි චිත්‍රාගාරයේ ((සරසවි චිත්‍රාගාරය) ආරම්භකයා.
අශෝක හේවාවිතාරණ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.