ගිනිදැල්වලින්ද නිරිසතුන්ගෙන්ද, දුක්‌වලින්ද කිසිත් අතරක්‌ නැති නිරයයි. වීචි යනු අතරක්‌ නැත්තේ අවීචි යයි. මෙය සියලු නරකයන්ට වඩා ඉතා පහත් වූ ද, භයානක වූ ද නරකය යි. මෙම අපායෙහි දැඩි දුක් වේදනා විඳින බලවත් පාප කර්ම කළ සත්ත්වයෝ ඉතා දැඩි උණුසුමකින් පීඩා විඳිති. මේ අපායෙහි දුක් විඳින පාපකාරී සත්ත්වයන් හා එහි ඇති බුරබුරා නැඟෙන ගිනි දැල් අතර පරතරයක් නැත. එහෙයින් මේ නරකයට අවීචි යන නම භාවිත වේ. මෙම නරකය සැලසුම් වී ඇත්තේ ඉතා බරපතළ පාප කර්මයන් වන පංචානන්තරීය කර්ම කළවුන්ට දරුණු විපාක ලබා දීමේ අරමුණෙනි.

අවීචිය, 13 වන ශත වර්ෂයට අයත් ජපන් චිත්‍රයක්.

අවීචි මහා නරකයෙහි ආයුෂ ප්‍රමාණය එක් අන්තඞකල්පයකට සමාන ය.

ඉතා බරපතළ පාප කර්ම කළ කිහිප දෙනකු අවීචි මහා නරකයට ගිය ආකාරය දැක්වෙන කතා පුවත් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් ය. තම නෑනා වූ උප්පලවණ්නා තෙරණිය දූෂණය කළ නන්ද ඒ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහා නරකයෙහි වැටී දුක් විඳියි. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ලේ සෙලවූ, සංඝ භේදය කළ දේවදත්ත තෙරණුවෝ එහි විපාක වශයෙන් අවීචියෙහි දුක් විඳිති.

මෙහි නිරන්තරයෙන් ම මහා ගිනි ජාලාවක් එක්පසක සිට අනෙක් පසට තල්ලු වී එයි. එයට මැදි වන නිරි සතුන් දැවි දැවී පිලිස්සෙමින් විඳින දුක් කන්දරාව අපමණ ය. අනන්ත ය.

අවීචියේ ඉපදීමට හේතුවන පාපකර්ම සංස්කරණය

  පංච ආනන්තරීය පාප කර්ම නමින්ද මේවා හඳුන්වනු ලබයි
  • මව මැරීම
  • පියා මැරීම
  • රහතුන් මැරීම
  • සංඝ භේදය
  • බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම
"https://si.wikipedia.org/w/index.php?title=අවීචිය&oldid=475892" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි