1970 වන දශකයේ අලෙවිකරණය කෙරෙහි දිශානත වූ ආයන වල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබිණි. ධනවාදී ආරම්භයත් සමඟම ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා වූ මූලික අවශ්‍යතාවය ලෙස ඉහල තාක්ෂණයක් හා ගුණාත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කිරීම කලයුතුය යන්න උපකල්පනය කරන ලදී. එමෙන්ම ඉතා හොදින් ක්‍රියාකරන හා කල්පවතින භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ලාභයක් සහිතව ඒවා අලෙවි කිරීමට දුෂ්කර තාවයක් ඇති නොවෙතියි උපකල්පනය කරන ලදී. මේ නිෂ්පාදිතය දිශානතිය (Production Orientation) ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම එවිට නිෂ්පාදිතයක් ආයාසයකින් තොරව විකුණාගත හැකි බව සාමාන්‍ය සත්‍යයකි. එය සංක්ෂිප්තව කිවහොත් “වඩාහොඳ උපායශීලී උගුලක් තැනීමෙන්‍ ලෝකයේ ඔබේ දොර දෙසට මඟ විවර කරයි”

මෙය හේතුකොට ගෙන ධනවාදය විසින් නිර්මාණය කල පොහොසතුන් හා මධ්‍යපාන්තික මිනිසුන්ගේ සංඛ්‍යාව වර්ධනය විය. නමුත් දෙවන ලෝක යුද්ධය නිසා පැන නැගුණු භාවිතා නොකල ඉල්ලුම 1950 දශකයේදී සංතෘප්ත කිරීමෙන් පසුව භාණ්ඩ පෙර පරිදි පහසුවෙන් විකිණීම කල නොහැකි බව පසක් විය. මෙයට පිළිතුරු වූයේ අලෙවිකිරීමයි. 1950 හා 1960 දශකයන් විකුණුම් යුගයන්‍ ලෙස හැදින්වෙන අතර මෙයට මඟපෙන්වූ ව්‍යාපාර දර්ශනයට වර්තමානයේ කියනු ලබන්නේ විකුණුම් දිශානතිය ලෙසය. (Sales Orientation) 1970 දශකයේ මුල්භාගයේ Theodore Levitt සහ Harvard විශ්ව විද්‍යාලයේ අනෙකුත් අය තර්ක කරේ මෙම විකුණුම් දිශානතියේ අවාසි පවතින බවය. ඔවුන් කියා සිටියේ භාණ්ඩයක් නිෂ්පාදනය කොට එය විකිණීමට උත්සාහ දරනවාට වඩා ව්‍යාපාරය ආරම්භයේදීම පාරිභෝගිකයාට අවශ්‍ය දේ සොයාගෙන එය නිෂ්පාදනය කිරීම වඩා හොඳ බවයි. මෙමනිසා පාරිභෝගිකයන් ආයතනයේ සියළුම උපක්‍රමික ව්‍යාපාර තීරණයන්හි පිටුපසින් සිටින මූලික බලවේගයක් බවට පත්විය.

මෙම අලෙවිකරණ දිශානතිය, එය හඳුන්වාදුන් දශකයේ සිට විවිධ නම් යටතේ පාරිභෝගික දිශානතීන්, වෙළඳපොල දර්ශනයන්, පාරිභෝගික අරමුණු කර ගැනීම, වෙළඳපොල මුල්කරගත්, පාරිභෝගික මිත්‍රත්වය ආදිය ඇතුලත් කරමින් යළි පිහිටුවීම හා යළි පැකේජ කරගැනීම සිදුකරන ලදී.


http://en.wikipedia.org/wiki/Strategic_management#The_marketing_revolution

"https://si.wikipedia.org/w/index.php?title=අලෙවිකරණ_විප්ලවය&oldid=472057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි