අලෙවිකරණයේ P හත

සම්මත P හතරට (නිෂ්පාදන , මිල නියම කිරිම, ප්‍රවර්ධනය සහ ස්ථානය අමතරව අලෙවිකරණයේ දී අමතර තුනක් හදුන්වා දී ඇති අතර මෙම හතම එකට ගත් කල දිගු අලෙවිකරණ මිශ්‍රනය (Marketing Mix) ලෙස හැදින්වේ

ජනතාව : පාරිභෝගිකයාට සම්බන්ධ වන ඕනැම කෙනෙකුට පාරිභෝගිකයාගෙේසම්පූර්ණ තෘප්තියට බලපෑම් කල හැක. පාරිභෝගිකයාගේ කෝණයෙන් බැලූ විට ඔවුන් නිෂ්පාදනයේ හෝ සේවාවේ වෙන් කල නොහැකි කොටසක් වේ. මේ නිසා ඔවුන් හොදින් පුහුණු වූ , හොදින් අභිබප්‍රේවිත (Motivated) සහ සුදුසු පුද්ගලය විය යුතුය. පාරිභෝගියා හා සම්බන්ධ අනෙකුත් පාරිභෝගිකයන් ද ජනතාව ගණයට අයත් වේ. එයට හේතුව එමපාරිභෝගිකයන්‍ ගේ අදාල භාණ්ඩය හෝ සේවාව පිළිබද අදහස ඔවුන්ට ද බලපාන නිසාය.

ක්‍රියාවලිය : පාරිභෝගික තෘප්තියට තීරණාත්මක සාධකයක් වන සේවා සපයන විට සම්බන්ධ වන ක්‍රියාකාරකම් සහා ජනතාවගේ හැසිරීම මෙයට අදාල වේ.

ද්‍රව්‍යාත්මක සාධක (Physical evidence) සාමාන්‍යයෙන් භාණ්ඩයක් ගැනීමේ දී මෙන් නොව සේවාවක් ලබා ගැනීමේ දී පාරිභෝගික යා හට එය ලබා නොගෙන එහි හොද නරක පිළිබද අවබෝධයක් ලබා ගැනීමට නොහැක. එම නිසා සේවාව ලබා ගැනිමේ දී පාරිභෝගිකයාට විශාල අවධානමක් පවති. එම නිසා සේවාව ලබා ගනියයි විශ්වාස කල හැකි පාරිභෝගිකයන්ට තමන් කැමති කුමන සේවාවටදැයි දැන ගැනිමට සැලැස්වීම වැදගත්ය. මෙය සිද්ධි අධ්‍යයනය (cast studies), ඇසින් දුටු සාක්ෂි, (testimonials) හෝ ආදර්ශණ (demonstrations) වැනි ද්‍රව්‍යාත්මක සාධක මගින් පෙන්වා දිය හැක.

අලුත් P හතර පුද්ගලයන්‍ය (Personalization) අන්තර්ජාලය භාවිතයෙන් භාණ්ඩ හා සේවා සකස් කිරිමේ මෙලෙස හැදින්වේ. Dell on – line සභා Amazon.com උදාහරණයක් ලෙස දැක්විය හැක. නමුත් වර්තමානයේ මෙම සංකල්පය තව දුරත් වෙනස් වී නව සමාජමය මාධ්‍ය හා දියුණු ඇල්ගෝරිදම (algorithms) යොදා ගනි. නව තාක්ෂණ මෙම අදහස තවදුරටත් ඉදිරියට ගෙන යයි.

සහභාගීත්වය (participation) මෙහිදී පාරිභෝගිකයාට ඔහුගේ අදහස් ඉදිරිපත් කිරිමට ඉඩ සලසයි. මෙය තුලින් අදහස් සංකලනයෙන් භාණ්ඩ හෝ සේවාව වෙනස් කල හැක. මෙහි දී කුමන වෙලද නාමයක් යොදා ගත යුතු ද නිෂ්පාදනයේ දිශාව කුමක් ද? සහ කුමන ප්‍රචාරණයන් සිදු කල යුතුද යන්න වැනි අවස්ථා වලදී පාරිභෝගිකයාට සහභාගි වීමට ඉඩ සලසා ඇත. මේ සංකල්පය තුලින් තොරතුරැ ලබා ගැනිමේ දී පුජාතන්ත්‍රවාදී ක්‍රමය නිසා සැලකිමේ යුතු වෙනසකට භාජනය විය හැක.

එකී පුද්ගලයන්ගේ තවත් පුද්ගලයකු‍ට (Peer – to- peer) මෙයින් අදහස් වන්නේ පක්ෂයක් ග්‍රාහීව පාරිභෝගික ජාල හා ප්‍රජාවන්ය. අලෙවිකරණයේ සාම්ප්‍රදායික ගැටළුවන්ය.

අලෙවිකරණයෙේසාම්ප්‍රදායික ගැටළුවක් වන බාධා කාරි බවයි. වෙළද නාමයන් පාරිභෝගිකයන් වෙත ආරෝපනය කිරිම රෑපවාහිනි වෙළද දැන්වීම් වල මෙය ඉතා පැහැදිලි වේ. මෙම අක්‍රීය පාරිභෝගික ක්‍රියාවන් අවසාන වශයෙන් ආදේශකල හැක. මෙම සාකච්ඡා තුලදී වෙළද ලකුණු එක් කිරිම සිදු වේ.
"https://si.wikipedia.org/w/index.php?title=අලෙවිකරණයේ_P_හත&oldid=471583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි