අල් කුර් - ආනයේ මුලාරම්භය සහ විකාශය සංස්කරණය

 
ශුද්ධ වූ අල් කුර් - ආනය


අල් කුර්-ආනයේ මුලාරම්භය හා විකාශය ආරම්භ වන්නේ ක්‍රි.ව. 610 හිදී මුහම්මද්නබි (සල්) තුමාගේ දිව්‍යමය හෙළිදරව් කිරීම පිළිබඳව වූ ප්‍රකාශයත් සමඟය. ඉස්ලාමීය ඉතිහාසයට අනුව අල් කුර්-ආනයේ පද්‍යයන්, මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය තුළදී ලේඛනගත කරන ලදී.එමෙන්ම එතුමාගේ අනුගාමිකයන් අතර කට පාඩමින්ද එය පැවතිණි.එතුමාගේ වියෝවෙන් පසුව දසත පැතිර තිබු මෙම අල් කුර් - ආනීය පද්‍යයන් පසුව එක්රැස් කොට ඇත.ඒ අනුව ක්‍රි.ව. 610 හිදී උස්මාන් කලීෆාගේ පාලන කාලය තුළ දී සියලුම පද්‍යයන් එක්රැස් කොට අල් කුර්-ආනය ප්‍රමිතිකරණයට ලක් කරන ලදී. හත්වෙනි සහ අටවෙනි සියවස තුළදී අල් කුර් - ආනයට ස්වර ලක්ෂ්‍යයන් සහ විරාම ලක්ෂණ යෙදීමෙන් තව දුරටත් සංවර්ධනය කරන ලදී. බොහෝ බටහිර විද්වතුන් මෙන්ම මුස්ලිම්වරුන්ද මෙම වාර්තා සත්‍ය බවට පිළිගෙන ඇත.


සම්ප්‍රදායවාදී නොවන මතවාදයට මුලිකවම දායක වී ඇත්තේ බටහිර විද්වතුන් වන අතර, ඔවුන් උස්මාන් කලීෆාවරයා සැකසූ ලේඛනයන් හා එක්ව තිබුණු අනෙකුත් අනුවාද වලට වඩා ඉහළ අධිකාරියක් තිබිම ගැන විවාද කරති. මෙම විද්වතුන් ගෙනෙන තවත් තර්කයක් නම්, ඉස්ලාමීය ඉතිහාසය සම්බන්ධයෙන් මුස්ලිම් ඉතිහාසඥයන්ගේ වාර්තා පමණක්ම සත්‍ය ලෙස භාර ගත හැකි ද යන්නයි.


මොන්ට්ගෝමරි වොට් (එඩ්න්බර්ග් සරසවියේ අරාබි සහ ඉස්ලාමිය අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්යවරයා ක්‍රි.ව.1964 -75), ක්‍රිස්ටොෆ් ලක්සෙන්බර්ග් (ජර්මනියේ ආදි සැමිටික් භාෂා පිළිබඳ විද්වතා) සහ ජොන් මන්ස්බ්‍රෝහ් (ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග සහ අප්‍රිකානු අධ්‍යයන කේන්ද්‍රිය) යනු ඉතා වැදගත් කොට සැලකෙන ඉතිහාස‍ ප්‍රතිශෝධනවාදීන් වේ.


මුහම්මද් නබි (සල්) තුමා සංස්කරණය

දේව වාක්‍යයන් පහළ වීම ආරම්භ වුයේ ක්‍රි.ව. 610 දීය. ඒ රාමසාන් මාසයේ දිනක රාත්‍රියේදී, මුහම්මද් නබි (සල්) තුමා එම වාක්‍යයන් ගායනා කිරීමට පටන්ගත් පසුවය. මුහම්මද් නබි (සල්) තුමා විශ්වාස කළ ආකාරයට දෙවියන් වහනසේ එම දේව වාක්‍ය පහළ කිරීමට හේතුව වන්නේ ඔහු බවය.එමෙන්ම ඔහුට එම දේව වාක්‍යය ගායනා කර ඇත්තේ ජිබ්රීල් (අලෛ) නම් දේව දුතයා විසින් බවත්ය.


යම් යම් පුද්ගලයන්ගේ විශ්වාසය අනුව, එකල මුහම්මද් නබි (සල්) තුමා ලිවීමට හෝ කියවීමට නොදත්තේය. එහෙයින්, එතුමා එම දේව වාක්‍ය අසා සිට කටපාඩමින් මතකයේ තබාගෙන ඇත. පසුව එතුමාගේ අනුගාමිකයන් හට එම දේව වාක්‍ය ගායනා කිරීමෙන් පසු අනුගාමිකයෝද දේව වාක්‍ය කටපාඩමින් මතකයේ රඳවාගෙන ඇත.


අල් කුර් - ආනය ලේඛන ගත කිරීමට පෙර එහි එන ඉගැන්වීම් ජනතාව බෙදාහැරීමට පැවති ඇති එකම ක්‍රමය වන්නේ එම ඉගැන්වීම් මතකයේ රදවා ගනිමින් හඬනගා ගායනා කිරීමයි. හත්වෙනි සියවසේ අරාබි සමාජය සැලකිල්ලට ගෙන බැලූ විට මෙම ක්‍රියාව එතරම් අසාමාන්‍ය ක්‍රියාවක් නොවේ. එම සමාජයේ ජනතාව කාව්‍ය ගායනයට දැඩි රුචියක් දක්වා ඇති අතර, ඒ සඳහාම ඔවුන්ගේ මතක ශක්තිය හා ඒ ආශ්‍රිත කුසලතා අති විශිෂ්ට මට්ටමකට දියුණු කරගෙන තිබිණි. විසිතුරු කාව්‍ය ගායනය අරමුණු කරගත් තරඟාවලීන් සහ යම් යම් සිද්ධීන් ඔවුන් අතර ප්‍රචලිතව පැවතිණි. එහෙත් විලියම් මොන්ටි ගෝමරි ‍වොට් සහ මැක්සිම් රොඩින්සන් වැනි විද්වතුන් විශ්වාස කරන්නේ මුහම්මද් නබි (සල්) තුමා සාක්ෂරතාවයෙන් හෙබි පුද්ග‍ලයෙකු බවටයි.

ප්‍රමිතිකරණය සංස්කරණය

උස්මාන් ඉබ්නු අෆ්ෆාන් කලීෆාතුමා‍‍ගේ පාලන කාලයේ දී අල් කුර්-ආනය ප්‍රමිතිකරණයට ලක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණි. මේ වනවිට මුස්ලිම් කලීෆාවරුන්ගේ පාලන ප්‍රදේශද වර්ධනය වෙමින් පැවතිණ. ඒත් සමඟම විවිධ මට්ටම්වලින් හුදෙකලාව තිබුණු සංස්කෘතින් වල පුද්ගලයන් රාශියක් ඉස්ලාම් ආගම වැළඳ ගනිමින් සිටියෝය. මෙසේ අලුතින් ඉස්ලාම් ධර්මය වැළඳගත් අය විවිධ භාෂා දැන සිටිය ද, ඔවුන්ට අරාබි භාෂාව පිළිබඳ හසළ දැනුමක් නොවිණි. මෙම හේතුව නිසා කුර් - ආනය ලියැවී තිබුණු ප්‍රකෘත අරාබි භාෂාව වෙනුවට ඔවුනොවුන්ගේ භාෂාවල තිබුණු ආදේශක වචන භාවිතා කළහ. තවද, කුර් - ආනය සහ මුහම්මද් නබි (සල්) තුමාගේ කියමන් කටපාඩමින් මතක තබාගත් අය මිය යමින් සිටියහ.


කුර් - ආනයේ ප්‍රමිතිකරණයට ලක් වූ පිටපතක් නිර්මාණය කිරීම සඳහා, උස්මාන් කලීෆාවරයා විසින් සයීද් සහ කුරෛෂි ගෝත්‍රය ප්‍රමුඛ පිරිසක් ඇතුලු කාරක සභාවක් පත් කරන ලදි. සමහර වාර්තාවලට අනුව උස්මාන් කලීෆාවරයා විසින් සැකසූ සංග්‍රහය මුහම්මද් නබි (සල්) තුමාගේ භාර්යාවක් වු හෆ්සා තුමියගේ ලේඛන මත පදනම් විය. තවත් සමහර වාර්තා වලට අනුව උස්මාන් කලීෆා වරයා තම ලේඛනය ස්වාධීනව සම්පාදනය කළ අතර, එය හෆ්සා තුමියගේ ලේඛන සමඟ සම්පූර්ණයෙන් ම සමාන වී ඇත. තවත් සමහර වාර්තා වල හෆ්සා තුමිය ගැන කිසිදු සඳහනක් කරනැත.


වාර්තාවලට අනුව මෙම කාලය වනතුරුම කුර් - ආනයේ ලේඛනගත කළ පිටපත් පැවතියේ එකකි. ඉස්ලාමීය වාර්තා වලට අනුව මෙම ලේඛනය ප්‍රකෘත අනුවාදයට ලැදි එකකි. මුස්ලිම් නොවන විද්වතුන් විශ්වාස කරන අන්දමට එය එසේ සිදුවිය හැකි වුවත්, නොයෙක් සුළු වැරදි නිසා එම ලේඛනය මුල් ලේඛනයට වඩා මද වශයෙන් වෙනස්වීමට ඉඩ කඩ තිබේ. මෙම කරුණු හේතුවෙන් උස්මාන් කලීෆාවරයා සම්පාදනය කළ කුර් - ආනය අල් - මුෂාෆ් අල් - උස්මානි හෙවත් ‘උස්මානීය අත් පිටපත' ලෙස හැඳිේවීය.


තමන්ගේ පිටපත, උස්මානීය අත් පිටපතෙහි එන පිළිවෙලට වඩා වෙනස් වුවද, අලි තුමා විසින් එය සම්මත අනුවාදයක් හැටියට පිළිගත්තේය.


මුස්ලිම් සහ මුස්ලිම් නොවන විද්වතුන් පෙන්වා දෙන කරුණක් නම් වර්තමාන‍යේ සම්ප්‍රදායානුකූලව පරායනය කෙරෙන කූර් - ආනයට වඩා, මුල් උස්මානීය අත් පිටපතෙහි විරාම ලකුණු ආශ්‍රයෙන් වෙනස්කම් ඇති බවයි. අරාබි අක්ෂරවල විවිධ ශබ්ද අගයන් හැඳින්වීමේ ලකුණු, ස්වරාක්ෂර සහ අරාබි අක්ෂර හඳුනාගැනීමට යොදාගන්නා විවිධ තිත් සලකුණු ආදිය මුල් අනුවාදවල නොතිබුණු බවටද විශ්වාස කෙරේ. අරාබි අක්ෂර කලාවට තිත් සලකුණු ආදිය හඳුන්වා දි ඇත්තේ උස්මානීය අත්පොත ප්‍රමිතිකරණයෙන් අඩ සියවසකට පමණ පසුව බවටද ඇතමෙක් විශ්වාස කරයි.


ක්‍රි.ව.650 - 656 කාලය අතරතුර සම්පාදනය අවසන් කිරීමෙන් පසු උස්මාන් කලීෆාවරයා විසින් කුර්-ආනයේ පිටපත් ඉස්ලාමීය අධිරාජ්‍යයේ කේන්ද්‍රස්ථාන වෙත යවනු ලැබීය. එතැන් සිට මුස්ලිම් ලේඛකයන් දහස් ගණනින් කුර් -ආනයේ පිටපත් බිහි කිරීමට පටන් ගත්හ.


ඉන්පසු උස්මාන් කලීෆාවරයා විසින් කුර් -ආනයේ වෙනත් අනුවාද සියල්ලම පාහේ විනාශ කිරීමට අණ කරනු ලැබීය.

අබු බකාර් සහ අලි ඉබිනු අබු තලිබ් සංස්කරණය

මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය තුළ කුර් - ආනයේ ලියූ කොටසක් එතුමාගේ අනුගාමිකයින් අතර පෞද්ගලික වස්තූන් ලෙස විසිරී තිබුණි. එතුමාගේ වියෝවෙන් පසු පාලනයෙහි යෙදුණු අබු බකර් කලීෆාවරයා ඔහුගේ රාජ්‍ය පාලන බලය ‍යොදා කුර් - ආනය සම්පාදනය කිරීමට උත්සාහ නොගත්තේය. මෙම ප්‍රතිපත්ති‍යේ බලපෑම 633 දී යමාමා යුද්ධයෙන් පසු දැඩි ලෙස දැනෙන්නට විය. එම යුද්ධයේදී කුර් -ආනය කට පාඩමින් දැන සිටි මුස්ලිම්වරු විශාල ප්‍රමාණයක් මිය ගියහ. ඒ අතරින් මුහම්මද් නබි තුමාගේ ඉතා විශ්වාසවන්ත අනුගාමිකයෙකු වූ සලීම් ගේ වියෝව කැපී පෙනුණි. මේ හේතුවෙන් උමාර්ගේ බලකිරීම් යටතේ අබු බකර් කලීෆාවරයා කුර් -ආනයේ විසිරි තිබු කොටස් සියල්ල ගෙන ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කිරීමට කටයුතු කළේය.


කුර්-ආනීය ලියකියවිලි එකතු කිරීම භාරවුයේ මුහම්මද් නබි (සල්) තුමාගේ ප්‍රධාන ලේකම් වරයෙකු වු සයිද් ඉබ්නු තාබින් තුමාටයි. ඔහුගේ ප්‍රතිචාරය මෙසේ ය.


“දෙවියනි, ඔහු (අබු බකර් ) මා හට කන්දක් සෙලවීමට අණ කලද එයද කුර් -ආනය එකතු කීරීමට අණ කීරීමට වඩා පහසු කටයුක්තක් වේ. මා හම්පත්, උරපතු ගෙවීයන තෙක් වෙහෙස වී රටඉඳි පත්‍ර පුරා මිනිසුන්ගේ මතකයන්ගෙන් කුර්-ආනය එකතු කිරීමට පටන් ගත්තෙමි.”


මෙහිදී කුර් - ආනයේ ලිඛිත පිටපත් තහවුරු කිරීමේදී අවම වශයෙන් අනුගාමිකයන් දෙදෙනෙකු‍ගේ වත් වාචික සාක්ෂි මිමසා ඇත.මෙලෙස තහවුරු කරගැනීමෙන් පසු කුර් -ආනය එකතු කිරීම සිදුකර ඇත. බොහෝ අවස්ථාවලදී කුර්-ආන පැදියක් තහවුරු කිරීම සිදු කළේ සයිද් හා උමාර් විසිනි. දෙදෙනාම කුර්-ආනය කටපාඩමින් දැන සිටියහ. අවසානයේ දී කුර්-ආනය සම්පූර්ණයෙන්ම සම්පාදනය කළ ද එය කිසි ලෙසකින්වත් සංවිධානය වී නොතිබිණ. මෙසේ කළ සම්පාදනය උමාර්ගේ භාරයේ තබාගෙන ඇති අතර ඔහුගේ වියෝවෙන් පසු ඔහුගේ දියණියක වන හා මුහම්මද් නබි (සල්) තුමාගේ වැන්දඹුවක වන හෆ්සා බින්ත් උමාර් තුමියට භාර කරන ලදි.


අලි ඉබ්නු අබු තාලිබ් සංස්කරණය

සුන්නි සහ ෂියා මුලාශ්‍ර වල‍ට අනුව අලි විසින් කුර්-ආනයේ සම්පූර්ණ අනුවාදයක් හෙවත් මුස්හාෆයක්, මුහම්මද් නබිතුමාගේ වියෝවෙන් මාස හයකට පසු සම්පාදනය කර ඇත. මෙම ග්‍රන්ථය සම්පූර්ණ කළ පසු එය මදීනාවේ දී නිරීක්ෂණය සඳහා තබා ඇත. අලි තුමාගේ ග්‍රන්ථයේ පරිච්ඡේදවල පිළිවෙල සමහරු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, පසු කළෙක දී අලි තුමා සම්මත අනුවාදය බොහෝ් දෙනාගේ පිළිගැනීමට ලක්විය.

වර්තමානයේ හඳුනාගෙන ඇති පැරණිතම පිටපත සංස්කරණය

 
වර්තමානයේ හඳුනාගෙන ඇති පැරණිතම පිටපත

මෑතකදී යේමනයෙන් කුර් - ආන අත්පොත් වල කොටස් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇත. මේවා සානාහි "අත්පිටපත් මන්දිරයේ" තැන්පත් කර ඇත. මෙම අත්පිටපත් වලට C - 14 පරීක්ෂණය සිදුකළ විට ඒවා 645 -690 CE දක්වා පැරණි බව සනාත විය. සානාහි ඇති කුර් - ආනයේ කොටස් වලින් හතළිහක් පමණ 1 වන සියවස (622-711CE) තෙක් පැරණි වේ.


කුර් - ආනය පිළිබඳ තවත් වැදගත් සොයාගැනීමක් නම්, ජෙරුසලමේ ශිලාමය ගෝලාර්ධයෙන් සොයාගත් මීටර් 240 ක් පමණ දිගැති කුර් - ආනීය ශිලා ලිපිය.


උස්මාන් විසින් යවනු ලැබු මුල් අත්පිටපත් ලෙස සැලකන්නේ සමර්කන්ද් අත්පිටපත වැනි අත්පිටපත් සමුහයක්ය.


ජෝන් ගිල්ක්‍රිස්ට්ට අනුව වර්තමානයේ හඳුනාගෙන ඇති පැරණිතම පිටපත, මුහම්මද් නබිතුමාගේ වියෝවෙන් සියවසකට පමණ පසු නිර්මාණය කළ ඒවායි. ඔහු මෙම නිගමනයට පැමිණ ඇත්තේ සමර්කන්ද් හා ටොප්කපි වැනි පැරණිතම පිටපත් ලියා ඇති සුවිශේෂී කුෆික් අත් අකුරු හේතුවෙනි.


කුර් - ආනයේ සමහර පිටපත් විනාශ කළ ද අබ්දුල්ලාහ් ඉබ්නු මසුද්, උබේ ඉබ්නු කාබ් සහ අලි විසින් උස්මානිය ලේඛනයට වඩා වෙනස් වු පිටපත් සංරක්ෂණය කළ බවට සමහරුන්ගේ විශ්වාසයක් පවතී. මෙම පිටපත හා සම්මත අල් කුර් - ආනය අතර වෙනස්කම් හැටියට සොයාගෙන ඇත්තේ අක්ෂර වින්‍යාසය, එකම තේරුම සහිත වෙනස් වචන භාවිතය හා පද්‍යයන්ගේ එකතුව වෙනස් වීම යන ඒවාය.


උස්මානීය අනුවාදය ලියා ඇත්තේ ඉතා පැරණි ස්වර ලක්ෂණ නොමැති අත් අකුරු විශේෂයකින් වන බැවින් එම ලේඛනය නොයෙක් විදියට කියවා තේරුම් ගත හැකිය. මෙම අනුවාදය රසම් ලෙස හඳුන්වන අතර එය නොයෙක් වාචික ගායන සාම්ප්‍රදායන් බිහිවීමට හේතු විය. වචනවල නිවැරදි උච්ඡාරණය සඳහා විද්වතුන් විසින් උස්මානීය අනුවාදයට ක්‍රි. පු. 700 සිට ක්‍රි. පු. 900 කාලය තුල ස්වර ලක්ෂණ එකතු කරන ලදී. වර්තමානයේ භාවිතා වන කුර් - ආනය උස්මානීය රසම් ක්‍රමයෙන් ලියැවී ඇති අතර හෆ්ස් කියවීමේ සම්ප්‍රදායෙන් ගායනා වේ. මෙය 1922 දී කයිරෝහි අල් - අස්හාරා විශ්ව විද්‍යාලයෙන් සම්මත කර ඇත.

අල් - කුර් ආනය - වෙනත් ‍ශාස්ත්‍රීය ග්‍රන්ථයන් සමග ඇති සම්බන්ධතාවය (නුතන බයිබලය සහ අරාබිය ලේඛන කලාවේ ආභාසය) සංස්කරණය

නූතන බයිබලයේ ආභාසය

Diatessaron, Protevangelium of James, Infancy Gospel of Thomas, Gospel of…… යන ග්‍රන්ථ අල් කුර් - ආනයන ිනර්මාණය කිරීමේදී ප්‍රභව ලෙස සලකා ඇති බවට මතයන් පවතියි. විශේෂයෙන්ම ක්‍රිස්තියානි අනුශාසන ඒකීය ලේඛනයක් බවට අල් කුර් - ආනයේ සදහන් වන දුර්මතවට හේතුවක් විය හැකකේ Diatessaron, ග්‍රන්ථයයි. මෙම විවේචන මුද්ලිම් විද්වතුන් දැඩි ලෙස හෙලා දකියි. ඔවුන් පෙන්වා දෙන අන්දමට අල් - කුර්ආනයන යනු අන්තර් නිවේෂ්‍යකින් තොර වු දෙවියන්වහන්සේගේ දිව්‍යමය වදන් වන අතර, සමානකම් පවතින්නේ එකී භවය නිසාය.

අරාබි ලේඛන කලාව

අල් කුර් - ආනය බිහි වීමත් හා ඉස්ලාම් ධර්මයේ පුබුදු වත් සමගම, අරාබි අක්ෂර හෝඩිය ඉතා විචිත්‍ර වුත් සංකිර්ණ වුත් කලාවක් බවට සංවර්ධණය විය.

යංස්ටවුන් ප්‍රාන්ත සරසිවයේ ඉස්ලාමිය අධ්‍යානයන් පිළිබද මහාචාර්යවරකු වන සුම්තන්සිර් මිර් සහ විකාගෝ සරසවියේ පෙරදිග භාෂා සහ ශිෂ්ඨාචාර පිළිබද මහාචදාර්ය වද්දා ඛවදි පෙන්වා දෙන ආකාරට මුහම්ද් නබ් (සල්) තුමා එතුමාගේ නබිත්වය දැරෑ වකවානුවට වන විට අරාබි භාෂාව භාාවක් වශයෙන් මෙන්ම සාහිතක්‍යමය සම්ප්‍රදායමක් වශයෙන් සංවර්දනය වී තුබුණ ද එය එහි උපරිම අභිනව හැකියාව කරා ලගා වීම සහ අරාබි සාහික්‍යය එහි සංකිර්ණ බවෙහි සහ විචිත්‍රවත බවෙහි හිනිපෙත්තට ළං විම වුයේ ඉස්ලාම් ධර්මයේ පිබිදිමත් සමග අල් කුර් - ආනය යනු සම්භාවය සහ පශ්චාත්- සම්භාවය අරාබි සාහිකයයේ දැකිය හැකි විශිෂ්ඨතම බලපැම බව අල් කුර් - ආනයේ සැලකිය යුතු ආභාසයක් පෙන්නුම් කරන්නේ අරාබි සාහිතයේ එන ව්‍යවහාරයන් සහ තේමාවයන්ය. අරාබි සාහිත්‍යයේ එන ව්‍යවහාරයන් සහ තේමායවන්ය. අරාබි සාහිත්‍යයේ එන සුවිශේෂ දිවුරැම්, උපමා මෝස්තර අගං සහ සංකේත වලද අල් කුර් - ආනයේ ආභාසය දැකගත හැක. වයවහාරයන් ගැන සැලකිමේදී අල්කුර් -ආනයේ සදහන් වන වදන රෑඩි අභිනයනක් විශේෂයෙන් සකසා ඇති වැකි ආදිය සදියලුම සාහික්‍ය ප්‍රසොදවල පාහේ දැගත හැකි බැවින් ඒ පිළිබද නිසි වාර්තා සම්පාදනය කිරීමට අපහසුය. අල් කුර් - ආනයන, එහි එන පණිවිඩ ප්‍රකාශ කිරීම සදහා සම්පුර්ණයෙන්ම නැවුම් වු භාෂාමය සංග්‍රමයක් නිර්මාණය කළා පමණක් නොව එය පුර්ව ඉස්ලාම් වචන වලට නව අර්ථයන් ලබා දිමෙන් අරාබි භාෂාව සහ සාහිත්‍යය පෝෂණය කර ඇත.

සම්ප්‍රදායවාදීන්ගේ මතයන් සංස්කරණය

ඓතිහාසික විද්වතුන් අල් කුර් - ආනයේ මුලාරම්භය ගැන සැලකීමේදි ඉස්ලාම් ධර්මයේ සාම්ප්‍රදායික අනුවාදයන් පිළිගෙන ඇත. ඔවුන් පවසන අන්දමට, මුහම්මද් නබි (සල්) තුමා දිව්‍යමය මුලයන් ඇති බවට එතුමා විසින් සලකන ලද පද්‍යයන් සහ නීතින් ඉදිරිපත් කර ඇත. එතුමාගේ අනුගාමිකයන් විසින් එතුමාට කරන ලද දේව හෙලිදරව් කිරීම් කට පාඩම් කරමින් හේ ලේඛනගත කො‍ට ඉදිරියට ගෙනගොස් ඇත. 632 CE හිදී මුහම්මද් නබි(සල්) තුමාගේ මරණයෙන් පසු මෙම දේව හෙළිදරව් කිරීම්වල විවිධ අනුවාදයන් ජනතාව අතර පැතිරගොස් ඇත. (650 - 666) කාල පරිච්ඡේදය තුළ උස්මාන් කලීෆාවරයා විසින් මෙසේ දසත පැතිර තිබුණු කරුණු රැස්කිරීම සහ පටිපාටිගත කිරීම සඳහා උපදෙස් දී ඇත. මෙම ඓතිහාසික විද්වතුන් ඔවුන්ගේ මතය සනාථ කිරීම සඳහා ශුද්ධ වු අල් කුර් - ආන‍යේ දැක්වෙන ලක්ෂණ කිහිපයක් පෙන්වා දී ඇත. අල් කුර්-ආනයේ දැක්වෙන පුනරුක්තීන්, විද්‍යාත්මක දැනුම, අභිමතානුසාරී පිළිවෙල, විවිධ ශෛලීන්ගේ සහ ප්‍රභේදයන්ගේ සංකලනයකි. මෙමඟින් විවිධ මුල් ලේඛනයන් එකතු කිරීමෙහිලා අතිශයින්ම කැපවුණු ක්‍රියා පටිපාටියක් පිළිබඳව ඇඟවෙයි.


රිචඩ් බෙල්, මොන්ට්ගෝමරි වෝට් සහ ඇනඩෲ රිපින් සම්ප්‍රදායවාදීන් ලෙස සැලකිය හැක.


සටහන් සංස්කරණය

|Origin and development of the Qur-an Traditionalists |-

"https://si.wikipedia.org/w/index.php?title=අල්_-_කුර්_ආනය&oldid=471592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි