අල්ලා - වෙනත් භවිතාවන් - ආගම් සැසදුම

ඇතැ‍ම් බටහිර ශාස්ත්‍රඥයන් පවසන පරිදි මුහමිමද් තුමා මිත්‍යාදෘෂ්ටික අරාබීන් සහ යුදෙව්වන් හෝ ක්‍රිස්තියානුවන් ඇමතීමේදී අල්ලා යන පදය භාවිතා කොට ඇත්තේ දෙවියන් යන නාමය ‍තේරුම් ගැනීමේදී පොදු මතයක් ගොඩනැගීම පිණිසයි. එහෙත් ගහාඩ් බොවරින් (Gerhard Böwering) අනුව, පූර්ව ඉස්ලාම් අරාබීන්ගේ බහුදේව වාදය සමඟ සසඳන කල්හි, ඉස්ලාම්හි එන දෙවියන් හ‍ට කිසිඳු ස‍ම්බන්ධකම් හෝ සහකරුව‍න් නොසි‍ටි අතර, දෙවියන් ස‍හ බහිරවයන් අතර කිසිඳු ඥාතීත්වයක් නොතිබිණි. පූර්ව ඉස්ලාම් මිත්‍යාදෘශ්ඨික අරාබීහු, මිනිසුන් හට පාලනය කල නොහැකි අන්ධ, ප්‍රභල, අනුකම්පා විරහිත, ඉන්ද්‍රීය විශය නොවූ දෛවය නැමති සංකල්පය කෙරෙහි විශ්වාසය තැබූහ. මෙම මතය ඉස්ලාම් ආගමෙහි එන ප්‍රභල, එහෙත් දූරදර්ශී මෙන්ම අනුකම්පාසහගත දෙවියන් වහන්සේ කෙනෙකුගෙන් ප්‍රතිස්ථාපනය විය. ෆ්‍රැන්සිස් එඩ්වර්ඩ්ස් පිටර්ස් ට (Francis Edwards Peters) අනුව "කුරානයෙහි කියවෙන හා මුස්ලිම්හු විශ්වාස කරන මෙන්ම ඉතිහාසඥයින් තහවුරු කලේද මුහම්මද් තුමා සහ ඔහුගේ අනුගාමිකයන් ඇදහුවේද යුදෙව්වන් ඇදහූ දෙවියන් වහන්සේමය. කුරානයෙහි අල්ලා, ඒබ්‍රහම් (Abraham) සමඟ සම්මුතියකට එලඹි නිර්මාණික දෙවියන් වහන්සේම වන්නේය." පීටර් ප්‍රකාශ කරන පර්දි, කුරානය අල්ලා දෙවියන් නිරූපණය කරනුයේ යහවෙහ්ට (Yahweh) වඩා ප්‍රභල මෙන්ම විදුර සහ ඊශ්‍රායලීයන් සමඟ සමීප සම්බන්ධකම් පවතින යහවෙහ්ට මෙන් නොව, සාර්වත්‍රික දෙවියන් ලෙසයි.

බ්‍රිටනිකා (Britannica) විශ්වකෝශයට අනුව: කුරානයෙහි දැක්වෙන පරිදි දෙවියන් වහන්සේ "යහපතෙහි යෙදෙන්නාට ආදරය කරයි." මිනිසා සහ දෙවියන් අතර අන්‍යෝන්‍ය ආදරයෙන් කුරානයේ පාඨයන් දෙකක දී පැහැදිලි ලෙස සඳහන් කරයි. එහෙත් ජුදෝ ක්‍රිස්තියානුවන්ගේ (Judeo-Christian) ශික්ශාපදයක් වන "දෙවියන් වහන්සේට හදවතින්ම ප්‍රේම කරන්න" යන්න මුස්ලිම්හි කිසිඳු තැනක සඳහන් නොවේ. දෙවියන් වහන්සේගේ ගුප්ත, තේරුම්ගත නොහැකි ශ්‍රේෂ්ඨත්වය වඩ වඩාත් අවධාරණය කරන අතර ඒතුළ කෙනෙකු තවකෙකු අතහැර දැමීමටද සිදුවනු ඇත.සරළව ගත් කළ මුස්ලිම් ආගමෙහි හරය වනුයේ "අල්ලාට යටත් වීම" යන්නයි. එනමුඳු කුරානයෙහි දැක්වෙනුයේ "ආදරයෙන් ඔබගේ දෙවියන් වහන්සේ දෙසට හැරෙත්ව" ලෙසයි. (Sur'a 94:8)

සබැඳුම්

සංස්කරණය