ලංකාවේ පහතරට පළාත් අල්ලා ගත් ලන්දේසීහු වසර 1665 සිට 1669 දක්වා උඩරට රාජධානියේ දේශසීමා ආක්‍රමණය කොට බලකොටු තැනූහ. 1667 දී හතර කෝරළයට කඩා වැදුණු ඔවුන් කෑගල්ලට නුදුරු අරන්දර ගමේ ඉදි කළ බළකොටුව ඉන් එකකි. කෑගල්ලට සැතැ. 6ක් පමණ නිරිත දෙසින් අරන්දර බළකොටුව පිහිටියේ ය. එය වත්මන් ගලිගමුව - රුවන්වැල්ල පාරේ පිටගල්දෙණිය ගමේ ඉදි කරන ලද්දකි.

"https://si.wikipedia.org/w/index.php?title=අරංදොර_බලකොටුව&oldid=422509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි