අරංගල
අබිරහස් රැසක් සඟවාගත් අරංගල කන්ද අරංගල කන්ද මුදුනට පිවිසෙන්නෙකුට අංශක 360 ක දර්ශන පථයක් පහසුවෙන් නැරඹිය හැකිය. එය සැබැවින්ම විස්මය දනවන දසුනකි. ගල මුදුනේ සිට මාතලේ කලාපය, මහනුවර කලාපය, වීල්ෂයාර්, ඇටිපොල හා බ්‍රැන්ඩිගල පර්වතයන් ද, අම්බොක්කා මෙන්ම සමස්ත නකල්ස් කලාපයද රිවස්ටන් කඳු මුදුනද දිස්වෙයි.
සියවස් ගනනාවක අතීත උරැමයන් සගවාගත් මාතලේ දිස්ත්‍රික්කය යනු ලාංකීය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන බොහෝ මූලාශ්‍ර වලින් පිරි භුමියකි. අහස සිප ගන්නා යෝධ කඳු පන්තින්ගෙන් වටවී වසර පුරා රටම පෝෂණය කරන මහා දිය කඳුරුවලින් හෙබි මේ මනරම් ප්‍රදේශයේ අදටත් සැඟවී ඇති බෝහෝ දේ අතීත ශ්‍රී විභුතිය ලොවට කියාපායි.
ඒ අතර නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අරංගල කන්ද යනු එකී ඓතිහාසික පසුබිමට නෑකම් කියන තවත් දළ බෑවුම් සහිත කඳු පන්තියකි.
උසින් මීටර් 792ක් (ආසන්න වශයෙන් අඩි 2376 පමණ) පමණ වූ මේ අරංගල කන්ද තරණය කිරිම සුලු පටු කාර්යක් නොවේ. අරංගල යනු ප්‍රවාදාත්මක කතා රැසකින් සමන්විත කඳු පන්තියකි.
බෝවතැන්න ජලාශය ඉදිකර එය විවෘත කරන අවස්ථාවේ දී (එවකට සිරිමාවෝ බණ්ඩාරනායක රජය) හේවීසි වැයීමට අරංගල කන්දට පිරිසක් නැගි බවත්, එහි දී කන්ද මුදුනේ සිට හේවිසි වැයූ බවත් පැරැන්නෝ අදටත් කියති.
අරංගල කඳු මුදුනේ දී හමුවන හුදකලා ස්ථම්භයක් වැනි ඉදිකිරීමක් දැකිය හැකිය. ඒ සම්බන්ධයෙන් වූ විවිධ ජනප්‍රවාද රැසක් නාඋල අවට ගම්මානවල අදටත් පවතියි.
වර්ෂ 1980 ගණන්වල දී භාවනානුයෝගී තාපසයෙකු අරංගල කන්දේ විසු බවත් ඔහු මියගිය පසු ඔහු සිහිවීම වෙනුවෙන් ස්ථම්භයක් ඉදිකළ බවත් ඇතැම්හු කියති.
තවකෙකු කියා සිටියේ ප්‍රදේශයේ ජීවත් වු පැරණි ගම් මුලාදෑනිවරයෙකු වෙනුවෙන් ඔහුගේ භෂ්මාවශේෂ තැම්පත් කර සොහොනක් බැඳ ඇති බවයි.
මේ අතර තවත් පිරිසක් කියා සිටියේ අරංගල කන්දේ පිහිටි නිධානයක් ගොඩ ගෙන ඒ වෙනුවෙන් ගල මුදුනේ අතීතයේ දී චෛත්‍යක් සෑදු බවයි. මේ වනවිට එම පවුලේ කිසිවෙකු ජීවතුන් අතර නොමැති බවත් එයට හේතුව වී ඇත්තේ නිධාන ගොඩ ගැනීම බවත් ඔවුහු කියති.
කෙසේ වෙතත් ඉතා දැකුම්කලුව තැනූ මෙම ඉදිකිරීම විවිධ නිධන් හොරුන්ගේ ග්‍රහණයට නතු වී ඇති බවට සාධක අපට දැකගන්නට හැකි විය.
අරංගල කන්ද තරණයේ දී අතර මඟ හමුවන තවත් වැදගත් ස්ථාන වන්නේ පැරණි ගල් ගුහාවන්ය. විවිධ අවස්ථාවන්හි දී නාවාතැන් ගැනීමට හැකි වන ලෙස සැකසු මෙම ගල් ගුහා සම්පූර්ණයෙන්ම ස්වාභාවික පිහිටීම්ය. ලොඹු ඩැහැගන්වන අඩවන් කරන ලද ගල් කුලක් මේ ලෙන් කුටි වලට ඉහළින් ඇත්තේය.
කිසියම් ප්‍රභුවරයෙකුට ආරක්ෂාව පිණිස හෝ යම් සතුරු පිරිසකට පහරදීම සඳහා සැකසූ මේ ගල් උගුල සැබැවින්ම විශ්මය ජනකය. කුඩා හා විශාල ගල් ආධාරයෙන් රඳවා ඇති මෙය පහළ ඇති දල බෑවුමේ සිටින පුද්ගලයෙකුට පහසුවෙන් පහර දිය හැකිවන ලෙස සකසා තිබේ.
අරංගල කන්ද මුදුනට පිවිසෙන්නෙකුට අංශක 360 ක දර්ශන පථයක් පහසුවෙන් නැරඹිය හැකිය. එය සැබැවින්ම විශ්මන දනවන දසුනකි.
ගල මුදුනේ සිට මාතලේ කලාපය, මහනුවර කලාපය, වීල්ෂයාර්, ඇටිපොල හා බ්‍රැන්ඩිගල පර්වතයන් ද, අම්බොක්කා මෙන්ම සමස්ත නකල්ස් කලාපයද රිවස්ටන් කඳු මුදුනද දිස්වෙයි.
කරගහතැන්න කඳු මුදුන, බෝවතැන්න ජලාශය, නාලන්දා ජලාශය, දොළුකන්ද, ගල්ගමුව කඳු මුදුන්, වෑමැඩිල්ල ජලාශය, මැණික්දෙන, දඹුල්ල, කන්ඩලම, නාඋල හා නාලන්ද නගර ආදී තවත් ස්ථාන බොහොමයක් මධ්‍යහන වන විට මේ අරංගල පර්වතයේ සිට ඉතා පැහැදිව දැකිය හැකිය.
අරංගල පර්වතය පුරා විහිදි ඇත්තේ ස්වභාවික වෘක්ෂලතාවන්ය. මිනිස් බලපෑමෙන් තොරව ඉතා සෝභමානව වැඩී ඇති හීන් බෝවිටියා, බිනර විශේෂ, බෙහෙත් නෙල්ලි, පැඟිරි, මානා මෙන්ම විවිධ මල් වර්ගද මෙහි දැක ගත හැකිය.
මේ සියල්ලටම අමතරව අරංගල කඳු මුදුනට යාබදව පිහිටි තවත් කඳු පන්ති දෙකක් ද වෙයි. එහි ඇති වැදගත් කරුණ වන්නේ විවිධ සත්ව හා රූප කොටස් නිර්මාණය වන සේ කොටා ඇති හෝ ඉබේ නිර්මාණය වී ඇති රූප මෙම පර්වතයන් මත පැවතීමය. එහි එක් පසෙකින් පිහිටි ස්ථානයක අරංගල ගල සම්පූර්ණයෙන් කොටා සලකුණු කර ඇති බව ද අප හා අදහස් දැක්වු පිරිස් කියා සිටියේය.
ඊට අමතරව විවිධ රූප කියා පාන තවත් කරුණකි. අරංගල පැරන්නන්ට අනුව රන් පාත්‍රා විශාල ප්‍රමාණයක් මෙන්ම වලගම්බා රජුගේ විවිධ වස්තූන් අරංගල පර්වතයේ සඟවා තිබේ. ඔවුහු ඒ පවත විස්වාස කරති. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ කිසිවෙකුටත් පහසුවෙන් ලඟා විය නොහැකි ස්ථානවල මේවා දැක ගැනීමට හැකි විමය.
මෙවන් වූ ඉදිකිරිම් හෝ සලකුණු තැබීම් සඳහා අතීතයේ භාවිත කළ යන්ත්‍ර සූත්‍ර කවරේ ද? නැතිනම් යොදාගත් ක්‍රමවේද කවරේ ද? යන්න අපට තවමත් සඟවා ඇති කරුණු අතර කිහිපයකි. කෙසේ වෙතත් අරංගල ගලට වර්ෂා සමයන්හි දැඩි අකුණු පතිත වූ බවත් අද වන විට ඒවා අවට පිහිටි සන්නිවේදන කුළුණු මතින් පොළවට ගමන් කරන බවත් වත්මනේ පිරිස් කියා සිටිති.
අරංගල පැරැන්නන්ට අනුව විවිධ අවස්ථාවන් වලදී නිදන් ගැනීමේ අරමුණින් අරංගල තරණය කළ බොහෝ පිරිසකට අත්වු ඉරණම සම්බන්ධයෙන් ද යමක් සදහන් කළ යුතුය.
පැරන්නන්ට අනුව අනුභව කර නැවත රැගෙන ආ නොහැකි පළතුරු විශේෂ අරංගල කඳු පන්තියේ අදටත් පවතියි. එමෙන්ම වැරදි චේතනාවන්ගෙන් අරංගල නැගි පිරිස් අතරින් බොහෝ දෙනෙක් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් අතීතයේ එවැනි පුද්ගලයින් යළි පහළට නොපැමිණි බවත් පැරන්නෝ කියා සිටිති.
කෙසේ වෙතත් අද්භූත සිදුවීම් හා ඉදිකිරිම් මෙන්ම සටහන් තැබීම් අරංගල පර්වතයට ආවේණිකය.
ඒවා පසුපස හඹා යෑම නොව අතීතය විසින් අපට දායාද කළ බොහෝ දෑ කාලයේ වැලි තලාවෙන් වැසී යාමට නොදී මතු පරපුර ව