අයිස් බකට් චැලෙන්ජ්

සමහර විට ඒඑල්එස් අයිස් බකට් චැලෙන්ජ් ලෙසින් හැඳින්වෙන, අයිස් බකට් චැලෙන්ජ් යනු, පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය (ඒඑල්එස්) නම් රෝගය පිළිබඳ අවබෝධය දියුණු කිරීමට සහ පර්යේෂණ සඳහා පරිත්‍යාග කිරීමට අනුබල දීමට, යමෙකුගේ හිස මතට අයිස් වතුර බාල්දියක් හලා ගැනුම සම්බන්ධිත ක්‍රියාකාර කමකි. 2014 ජූලි-අගෝස්තු කාලයේදී සමාජ සන්නිවේදනය තුල සීඝ්‍ර හා පුළුල් ලෙසින් එය පැතිර ගියේය. [1][2] එක්සත් ජනපදයේ, බොහෝ ජනයා සහභාගි වන්නේ ඒඑල්එස් සංගමය වෙනුවෙන් වන අතර, එක්සත් රාජධානියේ, බොහෝ ජනයා සහභාගි වන්නේ චාලක නියුරෝන රෝග සංගමය වෙනුවෙන් වුවද,[3] සමහරක් පුද්ගලයන් විසින් තීරණය කර ඇත්තේ අයිස් බකට් චැලෙන්ජ් වෙතින් ඔවුන්ගේ මුදල්, වෙනත් සංවිධාන වෙත පරිත්‍යාග කිරීමටය. [4]

ඒඑල්එස් අයිස් බකට් චැලෙන්ජ් සිදු කරමින්

මෙම තරග කැඳවුම විසින් අභියෝග කරනුයේ, නම් කෙරුණු සහභාගියන් විසින් ඔවුන්ගේ හිස් මත අයිස් වතුර බාල්දි වක්කරගැනුම රූ ගත කිරීම සහ එලෙස කරන ලෙස අනෙකුන් නම් කිරීමත්ය. [5]

සම්භවය සංස්කරණය

ඇට්ලැන්ටා ෆෝල්කන්ස් ක්‍රීඩකයන්, ක්‍රීඩා පුහුණුකරුවන් සහ, කාර්ය මණ්ඩලය විසින් අයිස් බකට් චැලෙන්ජ් අභියෝගය බාර ගන්නා අයුරු

අසරණ සරණය සඳහා මුදල් එකතු කිරීමට, අයෙකුගේ හිස මත සිසිල් වතුර හෙලීමෙහි සම්භවය කෙසේවීදැයි පැහැදිලි නොවන අතර එය බහු මූලාශ්‍රයන්ට උපලක්ෂණය කරනු ලැබේ. 2013-මැද භාගයේ සිට 2014 මුල් අවදිය වන තුරු,අඥාත සම්භවයක් සහිත "කෝල්ඩ් වෝටර් චැලෙන්ජ්" නම් අභියෝගයක්, උතුරුදිග එක්සත් ජනපදයේ ප්‍රදේශ වල සමාජ සන්නිවේදනය තුල ජනප්‍රිය විය. මෙම කර්තව්‍යයෙහි සාමාන්‍ය වශයෙන් සිදු කල යුතුව තිබුණේ, පිළිකා පර්යේෂණ සඳහා මුදල් පරිත්‍යාග කිරීම හෝ සිසිල් ජලයට පැනීමට සිදු වීමයි. [6]

ආශ්‍රිත සංස්කරණය

  1. ලොස්ට් කෝස්ට් ඔෆ් නිව් සීලන්ඩ් (2014-07-09). "චැරිටීස් බෙනිෆ්ට් ෆ්‍රොම් වයිරල් අයිස් චැලෙන්ජ්". TVNZ. සම්ප්‍රවේශය 2014-08-17.
  2. "නිවුස්". කැන්සර් සොසයිටි ඕක්ලන්ඩ්. සම්ප්‍රවේශය 2014-08-17.
  3. එම්එන්ඩී සංගමය. "ද එම්එන්ඩී අයිස් බකට් චැලෙන්ජ් | ලේටස්ට් නිවුස්". එම්එන්ඩී සංගමය. සම්ප්‍රවේශය 2014-08-18.
  4. ජෝර්ඩන්, එරින් (27 අගෝස්තු 2014). "කැතලික් ඕර්ගනයිසේෂන්ස් එන්කරේජ් අයිස් බකට් ඩොනේෂන්ස් ටු අයෝවා සිටි-ඒරියා රිසර්ච් ඉන්ස්ටිට්‍යුට්". KCRG-TV. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2014. An Iowa City-area research institute has received donations from around the world as Catholic organizations encourage members to route their Ice Bucket Challenge gifts to an organization that doesn't do research on embryonic stem cells. The John Paul II Medical Research Institute, founded in 2008 by Dr. Alan Moy, an Iowa City pulmonologist, has gotten "hundreds of thousands" of dollars in donations from people who want to support research on Amyotrophic Lateral Sclerosis (ALS), but don't want the research done with human embryos, said CEO Jay Kamath.
  5. ආකෝ, මැට් (අගෝස්තු 13, 2014). "ගවනර් ක්‍රිස් ක්‍රිස්ටි ගෙට්ස් ඉන් ඔන් 'අයිස් බකට් චැලෙන්ජ්', ඩෙයාර්ස් කෝරි බුකර්". Nj.com. සම්ප්‍රවේශය අගෝස්තු 13, 2014.
  6. පෙරේස්, අයිරිස් (2014-06-25). "ඩීඑන්ආර්: ඩෝන්ට් රයිස් 'කෝල්ඩ් වෝටර් චැලෙන්ජ්'". මයිෆොක්ස් ට්වින් සිටීස්. ෆොක්ස් ටෙල්විෂන් ස්ටේෂන්ස්. සම්ප්‍රවේශය 2014-08-17.
"https://si.wikipedia.org/w/index.php?title=අයිස්_බකට්_චැලෙන්ජ්&oldid=313738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි