අයිරිෂ් රංග භූමි (නාට්‍ය ශාලා)
අයිරිෂ් රංග භූමිය ආරම්භ වන්නේ ගලික් (Gallic) අයිරිෂ් සම්ප්‍රදායත් සමඟය. ෆර්මෝයිගේ පුස්තකය වැනි අත්පිටපත් හා ඛණ්ඩයන් හැරුනු කොට බොහොමයක් Celtic භාෂාවේ සාහිත්‍ය කෘති කෘමී ආක්‍රමණයන් නිසා විනාශ විය. Adam Ó Cianáin නම් පුස්තකය පිටපත් කරගත් රචකයා හට ෆින්ටන් (Fintan) හා අචිල් (Achill) හි උකුස්සාගේ සංවාදය නම් දෙබස් ඛණ්ඩයද පිටපත් කර ගැනීමට හැකිවී තිබේ. එමෙන්ම මෙය සැලකිය යුතු පැරණි කෘතියක්ද විය. සමහර පාඨයන් මඟින් පෙන්නුම් වනුයේ ගයිලික රංගන සම්ප්‍රදායන් අශිෂ්ට සහ සෘංගාරාත්මක යන රංගනයන් මුල් ගත නොවු ඒවා බවය. පිටපතහි දැක්වෙන අන්දමට ඉහළ සංවාදය ෆින්ටන් නැමැත්තා හා උකුස්සා අතර බෙදි ගොස් තිබුණි. බොහෝ දුරට මෙය අයිරිෂ්හි එන අඩිල් හි උකුස්සා හා ෆින්ටන් අතර ඇති වූ පැරණිම ගයිලික අයිරිෂ් සංවාදය විය හැක.
හුරුපුරුදු අයිරිෂ් රංග භූමි ඇතිවන්නේ 17 වැනි සියවසේ Dublin හි ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් සමඟමය. පසුගිය වසර හාරදාහ පුරාවටම මෙම පුංචි දිවයිනෙන් ඉංග්‍රීසි නාට්‍යය සම්ප්‍රදායට අප්‍රමාණ වූ දායකත්වයක් ලැබුණි. මුල්කාලීන සමයේ නිපදවුණු අයර්ලන්තයේ නාට්‍ය නිෂ්පාදනවල මුලික පසුබිම් වුයේ පාලකයන්ගේ, දේශපාලකයන්ගේ හේතු කාරණාය. නමුත් බොහෝ නාට්‍යශාලා ආරම්භ කිරීමත් සමඟ ඒ වටා රසිකයන් ද වර්ධනය විය. විවිධත්වයක් සහිත නාට්‍ය වේදිකා ගත විය. Dublin පාදක කොට ගනිමින් බිහිවු රංග ශාලා බොහෝමයක් ලන්ඩනය ආශ්‍රය කොට ඇරඹිණි. ඒ තුළින් බ්‍රිතාන්‍ය අගනුවර සිටි බොහෝ රංගන ශිල්පීන් හා නිෂ්පාදකයින් අයිරිෂ් වේදිකාවටද මඟ පාදා ගත්තේය. කෙසේ වෙතත් William Congreve, George Bernard Shaw වැනි නාට්‍යකරුවන් තමන්ගේ හැකියාවන් ව්‍යාප්ත කර ගැනීම සඳහා මව්බිමින් එහා යා යුතු බව හඳුනා ගත්හ.
20 වෙනි සියවසේ ආරම්භයත් සමඟම අයිරිෂ්හි නාට්‍යශාලා සහ නාට්‍ය ව්‍යාපාරය එරට පුරා නාට්‍ය වේදිකා ගත කිරීමට කැපවුහ. එසේම දේශිය නාට්‍ය ඉදිරිපත් කරන්නන්, අධ්‍යක්ෂකවරුන් /රචකයන්ගේ වර්ධනයක්ද ඇති විය. මෙය බොහෝ නාට්‍යකරුවන් හට තම වෘත්තිය හැදෑරීමට, සුදුසු රට ලෙස මහා බ්‍රිතාන්‍යයරාජ්‍යය තෝරා ගැනීමට අවස්ථාව සලසා දුනි.