අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත
අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත යනු එක්සත් ජනපදයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද මුල් ම සංශෝධන දහයට දී ඇති පොදු නාමයයි. රටට ව්‍යවස්ථාවක් නිම කරගත් පමණින් ඊට නිදහස් අයිතිය හා පුද්ගලික දේපල හිමිකම් ලැබෙන ස්වභාවික අයිතීන් ආරක්ෂා වෙන්නේ නැති බව දැකීමෙන් පසු ප්‍රාන්ත දහතුනෙන් පටන් ගෙන පොදු ෆෙඩරල් රජයක් ගොඩනැඟෙනා විට රටේ ව්‍යවස්ථාව එසේ මුල් ම සංශෝධනයට ලක්විය. එයින් පුද්ගලික නිදහස් අයිතීන් කිහිපයක් ආරක්ෂාවට ෆෙඩරල් ආණ්ඩුව ප්‍රතිඥා දුනි. එසේම අධිකරණ හා වෙනත් අපක්ෂපාත සොයා බැලීම් කමිටු තුල දී ආණ්ඩුවේ බලය සීමා කිරීමටත් පොරොන්දු වුණි. එසේම ආණ්ඩුවට නාමික වශයෙන් පවරන නොලද සියළු බලය මහජනතාවට සහ ප්‍රාන්ත වලට ඇති බලය යැයි තහවුරු කෙරිණ. මූලික වශයෙන් මේ සංශෝධනය ෆෙඩරල් ආණ්ඩුවේ බලය ගැන පමණක් සීමාවට යොදා ගත්ත ද එම ව්‍යවස්ථා සංශෝධන වල ඇති නියෝග ප්‍රාන්තයන්ට ද බලපාන අන්දමින් තහවුරු වෙන්නේ 14 වැනි සංශෝධයෙනි.
“අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පත” (Bill of Rights) ලියැවුනේ ජේම්ස් මැඩිසන් අතිනි. එය ප්‍රථම එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත් වන්නේ නීතිසම්පාදක ඛණ්ඩයන් ලෙසිනි. ඒවා මහජන මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයන් විසින් අපත්‍යීකෘත කරගනු ලැබුවේ 1789 අගෝස්තු 21 වැනි දා ය. 1789 සැප්තැම්බර් 25 වැනිදා කොංග්‍රසයට සෙනෙට් සභාවත්, මහජන මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත සභාවත් දෙකම විසින් ඉදිරිපත් කරන අභියෝජනාවක් ලෙසින් එය නිල වශයෙන් යෝජනා විය. ප්‍රාන්ත හතරෙන් තුනක අපරානුමතය ලැබෙන ක්‍රියාවලිය සම්පූර්ණ වීමෙන් පසුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ලෙසින් එය ක්‍රියාත්මක වන්නට පටන් ගැනෙන්නේ 1791 දෙසැම්බර් 15 වැනිදා සිට ය. කොංග්‍රසය විසින් සංශෝධන දොළහක් සම්මත කරගත්ත ද, ප්‍රාන්ත විසින් මුලින් සම්මත කරන ලද්දේ ඉන් සංශෝධන දහයක් පමණි. ඉතිරි වූ දෙකින් එකක් විසිහත් වැනි සංශෝධනය ලෙසින් ද අනෙක තවමත් ප්‍රාන්ත ඉදිරියේ සම්මත ලබන්නට තිබෙන්නා වූවකි.
ප්‍රථමයෙන් අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පත විසින් අධ්‍යාහෘතව නීතිමය ආරක්ෂාව ලබා දුන්නේ සුදු පුරුෂයන්ට පමණකි. එයින් ස්වදේශීය ඉන්දියානුවන් සහ "කළු" යැයි සැලකෙන්නා වූ ජනතාවට ද (අද අප්‍රිකානු ඇමෙරිකන් යැයි සැලකෙන අය) සහ කාන්තාවන් ද ආරක්ෂා වූයේ නැත යන්න අධ්‍යාහෘතව පිළිගැනින. ඔවුන් සඳහන් නොවීම එහි සංදර්භය තුල පැහැදිලිව දක්වා නැතිවීම නිසා එයින් ඔවුන්ගේ ආරක්ෂාව සැලසෙන්නේ නැතැයි අධ්‍යාහෘතව සලකා ප්‍රායෝගික භාවිතයට ගැනීමට හේතු විය.
අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පත ඇමෙරිකන් නීති පද්ධතිය හා ආණ්ඩුව තුල වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. එය රටේ සංස්කෘතිය සහ නිදහස් අයිතීන් රකින ඉතා වැදගත් සංකේතයක් වෙයි. අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම්පතේ මුල් පිටපත් දාහතරෙන් එකක් කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂිංටන් නගරයේ ජාතික ලේඛනාගාරයේ මහජන ප්‍රදර්ශනය පිණිස තබා ඇත.