අය්‍යාවළී බලන්න.

අය්‍යාවළි (දෙමළ: அய்யாவழி, මලයාලම්: അയ്യാവഴി [1] ) යනු දකුණු ඉන්දියාවේ ආරම්භ වූ පරමාදර්ශී විශ්වාසයකි. [2] පුවත්පත් කිහිපයක්, රජයේ වාර්තා, සඟරා සහ ශාස්ත්‍රීය පර්යේෂකයන් විසින් එය ස්වාධීන ඒකාධිකාරී ආගමක් [3] ලෙස සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ඉන්‍දියානු ආගමික සංගණනවලදී, එහි අනුගාමිකයන්ගෙන් බහුතරයක් තමන් හින්‍දු භක්තිකයන් ලෙස ප්‍රකාශ කරගනිති. මේ අනුව, “අය්‍යාවාළී” ද හින්‍දු නිකායක් ලෙස සැලකේ.[4][5][6] කෙසේ වෙතත් නිල වශයෙන් (නීත්‍යානුකූලව) එය හින්‍දු ආගමික නිකායක් ලෙස හින්‍දු ආගම තුළ පවතී. අය්‍යාවළී නිකාය, ප්‍රධාන ව, ප්‍රධාන වශයෙන් කේන්‍ද්‍රගත වී ඇත්තේ “අය්‍යා වෛකුන්‍දර්”ගේ ජීවිතය හා දේශනා මත ය. එහි අදහස් හා දර්‍ශනය පදනම් වී ඇත්තේ “අකිලතිරට්ටු අම්මනෛ” සහ “අරුල් නූල්” යන ශුද්‍ධ ග්‍රන්‍ථ මත ය. ඒ අනුව, වෛකුන්‍දර් යනු නාරායනගේ පූර්ණාවතාරයයි. [7] අය්‍යාවළී, හින්‍දු ආගම සමඟ සහ එහි විශ්වාසයන් හා භාවිතයන් පිළිබඳ බොහෝ අදහස් බෙදාගනී, නමුත් එහි යහපත හා නපුර සහ ධර්‍මය පිළිබඳ සංකල්පවල සැලකිය යුතු ලෙස වෙනස්කම් පවතී. අය්‍යාවළී නිකාය, ධර්‍මය කෙරෙහි කේන්‍ද්‍රීය අවධානයක් යොමු කිරීම නිසා එය ධර්‍ම විශ්වාසයක් ලෙස වර්ගීකරණය කර ඇත. 19 වන සියවසේදී අය්‍යාවළී හින්‍දු නිකායක් ලෙස මහජන අවධානයට ලක්‍විය. 19 වන ශතවර්‍ෂයේ ට්‍රැවංකෝරියානු සහ දෙමළ සමාජය තුළ දකුණු ඉන්‍දියානු වැඩවසම් සමාජ ක්‍රමය පුදුමයට පත් කරමින් වෛකුන්‍දර්ගේ ක්‍රියාකාරකම් සහ අනුගාමිකයින්ගේ සංඛ්‍යාව වැඩිවීම තුළින් මහත් විප්ලවයක් ඇති කළේය. එය “නාරායන ගුරු”[8] සහ “රාමලිංග ස්වාමිගල්” ඇතුළු ප්‍රතිසංස්කරණ ව්‍යාපාර ගණනාවක් ආරම්භ කළේය. අය්‍යාවළී අනුගාමිකයන් ඉන්‍දියාව පුරා ව්‍යාප්තව සිටියද, ඔවුන් මූලික වශයෙන් දකුණු ඉන්‍දියාවේ සිටින අතර, විශේෂයෙන් සංකේන්‍ද්‍රණය වී ඇත්තේ “තමිල්නාඩුව” [9] සහ කේරළය[10] යන ප්‍රාන්තවල ය. සංගණනවලදී අය්‍යාවළී හින්‍දු භක්තිකයන් ලෙස වාර්තා වී ඇති හෙයින් නිශ්චිත සංඛ්‍යාව නොදන්නා නමුත් වෘත්තිකයින්ගේ සංඛ්‍යාව 8,000,000 සහ 10,000,000 අතර යැයි ගණන් බලා ඇත. >[11]

මූලාශ්‍ර සංස්කරණය

  1. The 'zhi' (ழி) portion of the word Ayyavazhi is a retroflex, and it is correctly transliterated according to the National Library at Kolkata romanization as Ayyāvaḻi.
  2. Tha. Krishna Nathan, Ayyaa vaikuNdarin vaazvum sinthanaiyum, p. 62: "அவர் (வைகுண்டர்) மாற்றுப் பிறப்பு பெற்ற நாளே அய்யாவழி சமய மரபு தோற்றம் பெற்ற நாள்(கி.பி.1833) எனக் கூறலாம்." (The day at which Vaikundar is given rebirth could be considered as the date of origin of the Ayyavazhi religion.)
  3. Wallis, Graham Harvey [and] Robert J.; J. Wallis, Robert (2010). The A to Z of shamanism. Lanham, Md.: Scarecrow Press. p. 101. ISBN 978-0810876002. සම්ප්‍රවේශය 4 ඔක්තෝබර් 2014.
  4. The following morning and evening dailies refer to Ayyavazhi as a religion:
    • Malai Malar (leading evening Tamil daily), Nagercoil Edition, 4 March 2007, p. 5, "சுவாமி ஊர்வலத்தை அய்யாவழி பக்தர்கள் சமய தலைவர் பால பிரஜாபதி அடிக..." (this report calls Ayyavazhi ('அய்யாவழி சமயம்') "a separate religion");
    • Dinakaran (Tamil Daily), Nagercoil Edition, 1 March 2007, p. 3: "அய்யாவழி சமய தலைவர் பால பிரஜாபதி அடிகளார் அடிக்கல் நாட்டினார் ("Bala Prajapathi Adikalar the head of Ayyavazhi religion laid foundation stone for the ...");
    • Dinakaran (Tamil Daily), Nagercoil Edition, 14 February 2011, p. 2: "...தலைமை பதிக்கு வந்த ரவிசங்கர்ஜியை அய்யாவழி சமய தலைவர் பால பிரஜாபதி அடிகளார் வரவேற்றார். ("Bala Prajapathi Adikalar the head of Ayyavazhi religion welcomed Sri Sri Ravi Shankar who arrived here in Swamithope pathi...");
    • Dina Thanthi, Nagercoil Edition, 2/3/2007, p. 5. "மாநாட்டுக்கு அய்யாவழி சமய தலைவர் பால பிரஜாபதி அடிகளார் தலைமை தாங்குகிறார்." Translation – "The religious conference is led by Bala Prajapathi Adikalar, the head of Ayyavazhi religion." This news from a leading news paper in India, on reporting the 175th Ayya Vaikunda Avataram, calls Ayyavazhi a religion, and Bala Prajapathi Adikalar the head of Ayyavazhi religion;
    • Tamil Murasu (4/3/2006), p. 3:"இதையொட்டி குமரி மாவட்டம் சாமி தோப்பில் 'அய்யா வழி சமய' மாநாடு (the conference of 'Ayyavazhi religion') உள்பட..."
  5. "Nallakannu Watches Ayyavazhi" (www.kollywoodtoday.com). They follow a religion based on his principles, which is called Ayyavazhi. සම්ප්‍රවේශය 9 ජූනි 2008.
  6. "Ayyavazhi followers visit Swamithoppu" (The Hindu). By the middle of nineteenth century, Ayyavazhi was recognised as an independent religion... Chennai, India. 5 මාර්තු 2010. 10 මාර්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 මාර්තු 2010.
  7. David, A. Maria (2009). Beyond boundaries : Hindu-Christian relationship and basic Christian communities (First ed.). Delhi: Indian Society for Promoting Christian Knowledge. p. 32. ISBN 9788184650013.
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Selvister:First Reform Movement නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. Dina Thanthi, (Tamil Daily) Nagercoil Edition, 4 March 2007, p. 23: "The Ayyavazhi followers are highly populated in the districts of Chennai, Virudhunagar, Tirunelveli, Tuticorin and Kanyakumari."
  10. Tha. Krishna Nathan, Ayya Vaikundarin Vazhvum Sinthanaiyum, Chapter 4, p. 83: "இதற்கு ஆதாரமாக அய்யா வைகுண்டரைத் தெய்வமாக ஏற்றுக்கொண்ட சுமார் 8000 – க்கும் மேற்பட்ட அய்யாவழிப் பதிகள் தமிழ்நாடு மற்றும் கேரளப்பகுதிகளில் இயங்குவதைக் கூறலாம்." (This citation was included here from Tamil Wikipedia article)
  11. "Religion". Paragraph 6. 15 අගෝස්තු 2009 දින මුල් පිටපත (Religion in India) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2009.
"https://si.wikipedia.org/w/index.php?title=අය්‍යාවළී&oldid=455021" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි