අමූර්ත කලාව
අමූර්ත කලාව විසින් ආකෘතිය, වර්ණය සහ රේඛාව සබැඳි දෘශ්‍ය භාෂාවක් භාවිතා කරන්නේ, ලෝකයේ දෘශ්‍ය සමුද්දේශයන්ගෙන් කිසියම් මට්ටමකට ස්වායත්ත අයුරින් පවතින නිබන්ධනයක් නිමැවීමටය.[1] පුනරුදයේ සිට 19වන සියවසෙහි මැද භාගය දක්වා, පර්යාදර්ශීය තර්කයෙන් සහ දෘශ්‍ය යථාර්ථතාවයේ මායාව පුනනිපැයුමට උත්සාහයකින් බටහිර කලාව යටිතහවුරුව සිටියේය. යුරෝපියානු නොවන සංස්කෘතීන්හී කලාවන් සුගමව තිබූ අතර දෘශ්‍ය අනුභූතිය විස්තර කිරීමේ විකල්ප ක්‍රම කලාකරුවාට දක්වා තිබුණි. 19වන සියවස අගභාගය වන විට බොහෝ කලාකරුවන් හට හැඟීගොස් තිබුණේ, තාක්ෂණය, විද්‍යාව සහ දර්ශන විද්‍යාව තුල සිදුවෙමින් පවතින මූලික වෙනස්කම් කැටි කොට දක්වන නව ආකාරයක කලාවක් නිමැවීමේ අවශ්‍යතාවයයි. එක් එක් කලාකරුවන් විසින් ඔවුන්ගේ සෛද්ධාන්තික තර්කයන් උකහාගැනුමට භාවිතා කල මූලාශ්‍ර නානාප්‍රකාර වූ අතර, මෙය විසින් පෙන්නුම් කලේ එකල බටහිර සංස්කෘතියෙහි සමස්ත අංශයන්හී සාමාජීය සහ බුද්ධි විෂයික පූර්වනියුක්තීන් වෙති.[2]
ආශ්‍රිත
සංස්කරණය- ^ රූඩොල්ෆ් අන්හයිම්, විෂුවල් තින්කින්
- ^ මෙල් ගුඩින්, ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට්, ටේට් ප්‍රකාශන, ලන්ඩනය, 2000