විහාරමහා දේවිය යනු ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජවරයෙකු වූ දුටුගැමුණු රජතුමාගේ සහ සද්ධාතිස්ස රජතුමාගේ මෑණියන් වේ. ඇය කාවන්තිස්ස රජුගේ අගමෙහෙසියයි.

විහාරමහා දේවිය
අබි ශවෙර හෙවත් විහාරමහා දේවියගේ ප්‍රතිමාවක්
නිල කාලයක්‍රි.පූ. 205 - ක්‍රි.පූ. 161
වල්ලභයාකාවන්තිස්ස රජ
දරුවන්දුටුගැමුණු රජ හෙවත් ගාමිණි අභය රජ
පියාමහතිශ

මහාවංශ කතාව සංස්කරණය

විහාරමහා දේවිය, කැළණිය රජකම් කල කැළණිතිස්ස රජුගේ දියණිය වූවාය. සිදුකරන ලද වරදවා තේරුම් ගැනීමක් නිසා වරක් කැළණිතිස්ස රජු විසින්, නිදොස් භික්ෂූණ් වහන්සේ නමක් කැකෑරෙන තෙල් කටාරමක් තුල බහා ජීවිතක්ෂයට පත් කරවන ලදී. මේ පාපකාරී සිද්ධිය නිසා කෝපයට පත්වූ දෙවියන්, මහ මුහුද ගොඩබිම වෙත කළඹා එවූ බවත්, රජුගේ ශාස්ත්‍රකරුවන්ගේ කීම පරිදි එම විනාශය වළක්වනු වස් රජුගේ දියණියක මුහුදට බිලි කිරීම කල යුතු වූ බවත් පැවසෙයි. ඒ අනූව විහාරමහා දේවිය, සිය පියා විසින් සිදුකල පාපකාරී ක්‍රියාවට සහ ජන්ම භූමියෙහි සුරක්ෂාව වෙනුවෙන් ඇගේ ජීවිතය පුද දීමට ඉදිරිපත් වූ අතර, රජවරයෙකුගේ දියණියකි යන්න සටහන් කෙරූ අලංකාරවත්ව සරසන ලද කුඩා නැවක් තුල විහාරමහා දේවිය මුහුදේ පා කර හැරි බව ඉතිහාසයේ සඳහන් වෙයි.

විහාරමහා දේවිය මුහුදේ පා කර හැරීමෙන් අනතුරුව මහ මුහුද නැවතත් සංසුන් ස්වරූපයට පත්විය. කෙසේ නමුදු සිය දියණිය මුහුදට බිලි දීමට සිදුවීම ගැන රජු ඉතා කණස්සල්ලට පත් වූ අතර, රජුගේ මෙහෙසිය ඇතුළු රටවැසියෝද සිය නිර්භීත කුමරිය අහිමි වීම ගැන දුකට පත්වූහ. මෙවැනි දෙයක් සිදුවීම සම්බන්ධව ඔවුන් සියළු දෙනාම රජු වෙත සිය දෝෂාරෝපණ එල්ල කළහ.

මේ අතරතුර, තරුණ කුමරිය (විහාරමහා දේවිය) සහිත නෞකාව ආපදාවකින් තොරව දිවයිනෙහි දකුණු දිග (රෝහණ/රුහුණ) කිරින්ද ප්‍රදේශයේ වෙරළක් වෙත සේන්දු වූ අතර, එකල්හී එම ප්‍රදේශය කාවන්තිස්ස රජු විසින් පාලනය කරමින් තුබූ සස්‍රීක ප්‍රදේශයක් බව පැවසෙයි. කුමරිය සහිත නෞකාව දුටු ධීවරයෝ මේ පිළිබඳව රජ මැදුර වෙත දන්වා සිටින ලදී. ථූපවංසයට අනූව කුමරිය සහිත නෞකාව දුටු පක්ෂීහූ රෑනක් රජු වෙත මුලින්ම මේ පිළිබඳව සැළකර සිටි බව සඳහන් වෙයි.

පෙරහැරක් මගින් කුමරිය කැඳවාගෙන ආ කාවන්තිස්ස රජු, ඇය විසින් සිය ජන්ම භූමිය වෙනුවෙන් දේශමාමකව හා නිර්භීතව සිදු කල කැපවීම කෙරේ සිත් ඇතිව, ඇයව විවාහ කර ගැනීමට තීරණය කරන ලදී. ඉතිහාසයට අනූව නෞකාවෙන් ඇය ගොඩබට ස්ථානය ආසන්නයේ ලංකා විහාරය පිහිටා තිබීම නිසා ඇය එතැන් පටන් විහාරමහා දේවිය ලෙස හැඳින්වූ බව සඳහන් වෙයි.

කාවන්තිස්ස රජුට දාව, ලාංකීය ඉතිහාසයේ පසුකාලීනව අග්‍රගණ්‍ය රජවරුන් බවට පත් වූ දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමාරවරුන් බිහි කල විහාරමහා දේවිය, මෙරට වීරවරියක ලෙස හැඳින්වෙයි.

මේවාද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අභිශවෙර&oldid=591259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි