අභාවය සහ ඊළග රාජ්‍ය ව්‍යාප්තිය.
දුටුගැමුණු ඔහුගේ ආදරණිය නිර්මාණය වු රුවන් වැලි සෑය නිම කරන තෙක් ජීවත් නොවීය. එහි හුණු බදාම වැඩ නිම වන්නටත් පෙර ඔහු මියගියේය. මහාවංශය ඔහුගේ අභාවය ගැන කීමට සම්පුර්ණ පරිච්ජේදයක් වෙන් කර ඇත. එහි මරණාසන්න රජු දෝලාවක හිදුවා එතෙක් නිම නොකල රුවන්වැලි ස්ථුපය අසලට ගෙන ආ සංවේදී පුවත විස්තර කර තිබේ. එහිදී රජුගේ සගයෙකු වු (ඒ වන විට භෞද්ධ භික්ෂුවක්ව සිටි) ථෙරපුත්ථාභය හමුවිය. මරණය ගැන කෙරුණු සාකච්ඡාවකින් පසු රජු ස්වර්ගස්ථ විය. ඒ වහාම ඔහු තුසිත දෙව් ලොවෙහි පුනරුප්පත්තිය ලැබුවේය.
ඔහුගේ මරණය ගැන තිබෙන සාමාන්‍ය ජන කථාවක සදහන් වන්නේ රජු මිය යාමට ආසන්න අවස්ථාවේ ඔහුගේ සිත සතුටු කිරීම පිණිස රුවන්වැලි සෑයේ වැඩ අවසාන වී ඇතැයි දක්වන ලදී. එලෙස ඒ සැලසුම් වැරදි ගියේය. වැඩ අවසාන කර ඇති චෛත්‍ය තමන්ට පෙන්වන්නැයි රජු ඉල්ලා සිටියේය. ඔහුගේ සහොදරයා වු තිස්ස කළේ සම්පුර්ණ චෛත්‍යයම නිම කර ඇති බව ඇග වෙන්නට සුදු රෙදි වලින් වැසිමයි. වියපත් රජුගේ ඇස් පෙනීම දුර්වලව තිබු බැවින් එහි වෙනසක් ඔහු නොදුටුවේය. ථුපයේ වැඩ අවසාන යැයි යන සිතුවිල්ලෙන් යුතුව ඔහු මිය ගියේය.
ඔහුගේ මරණයෙන් අනතුරුව ඒ වන විට රාජ්‍ය අහිමි කර තිබු සාලිය කුමාරයා නොව රජුගේ සහෝදරයා වු සද්දා තිස්ස රජතුමා පත්විය.
දුටුගැමුණු රජු සමහර විට මුළු ලංකාවටම තම අණසකට ගෙන එක්සේසත් කල පළමු වැන්නාවිය හැක. මහා වංශයේ වෙනත් අරමුණක් වුයේ ඔහුගේ කථාව සමග ඔහුට ‘මහාවංශයේ විරගා’ යන විරුදාවලිය ලබා දීමයි. ඔහුගේ පුරාවෘත්ත ප්‍රතිරෑප සිංහල පුරා කථා සංග්‍රහ වල ඇති බවට පෙනේ.
රජරට සිංහල බෞද්ධ සිංහල රාජ්‍යයේ ස්වර්ණමය යුගයක් ලෙස දුටුගැමුණු යුගය දැකිය හැක. අනුරාධපුරයේ රජු වශයෙන් ඔහු රාජ්‍ය උරුම කම් නොකී විදේශීය රජෙකු (යහපත් රජෙකු වුවුත්) නෙරපා දැම්මා පමණක් නොව බෞද්ධ ආයතන සංවර්ධනය කිරීම පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති විශාල ගොඩනැගිලි තැනීම සම්බන්ධ යෙනුත් වගකිව යුත්තා විය. රුවන්වැලි සෑය හා මිරිස වැටිය වැනි නිමැවුම් රාශියක් අදද පුජනීය ස්ථාන ලෙසින් සැලකුම් ලබයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් දෙකක් තිබේ. ඒ SLNS එළාර සහ SLNS රුහුණු යනුවෙනි. දුටුගැමුණු පාලන සමය සම්බන්ධ කරමින් ඒ නම් තබා ඇත.