අභ්‍යාවකාශ යානා-අනෙකුත් සාර්ථක වීම්

1962 දෙසැම්බර් 14 වන දින අභ්‍යාවකාශ යානයක් සිකුරු ග්‍රහයා පසුකරමින් ගමන් ගත්තේය. මෙලෙස අභ්‍යාවකාශ යානයක් ග්‍රහ ලෝකයක් පසු කරමින් ගමන් ගත් ප්‍රථම අවස්ථාව මෙය විය.

1960 දී සෝවියට් එකමුතුව මඟින් පළමුව අඟහරු හා සිකුරු කරා ග්‍රහලෝක ප්‍රෝබ යවන ලදී. සිකුරු ආසන්නයෙන් සාර්ථකව ගමන් ගත් ප්‍රථම අභ්‍යාවකාශ යානය වූයේ ඇමරිකා එක්සත් ජනපදයෙහි මැරිනර් 2 අභ්‍යාවකාශ යානයයි. එය සිකුරුහි අති විශාල මතුපිට උෂ්ණත්වය හා වායු ඝනත්වය පිළිබඳ පුදුම සහගත දත්ත පෘථිවිය කරා එවන ලදී. එය කැමරා රැගෙන නොගිය නිසා එහි සොයා ගැනීම් අභ්‍යාවකාශ ප්‍රෝබවලින් ලබා දුන්, තාරකා විද්‍යාඥයන්ගේ පෘථිවියෙහි පිහිටුවා ඇති දුරදක්නවල ධාරිතාව අතිශයින් ඉක්මවූ පින්තූර තරම් මහජන අවධානයට ලක් නොවිණි.

1971 දී නිකුත් කරන ලද සෝවියට් එකමුතුවෙහි විනේරා 7 අභ්‍යාවකාශ යානය සිකුරු මත ගොඩ බෑ ප්‍රථම යානය බවට පත් විය. විනේරා 9 වෙනත් ග්‍රහලෝක මතුපිටෙහි ඡායාරූප පෘථිවියට එවූ ප්‍රථම අභ්‍යාවකාශ යානය බවට පත් විය. මෙමඟින් නිරූපණය වන්නේ දිගු විනේර‍ා ශ්‍රේණියේ යානා 2ක් පමණි. වෙනත් විනේරා අභ්‍යාවකාශ යානා කිහිපයක් සිකුරු අසලින් ගමන් කිරීමේ මෙහෙයුම් සිදු කළ අතර සමහරක් ගොඩ බෑමට තැත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී. තවත් විනේරා ලෑන්ඩර 7ක් මින් පසුව ක්‍රියාත්මක විය.

1974 දී ඇමරිකා එක්සත් ජනපදය නිකුත් කළ මැරිනර් 10 අභ්‍යාවකාශ යානය බුධ කරා වූ එහි ගමන අතරතුර සිකුරු අසලින් පියාසර කරන ලදී. එය ඊළඟ වසර 34 පුරාම බුධ අසලින් පියාසර කළ ප්‍රථම හා එකම අභ්‍යාවකාශ යානය බවට පත් විය.

එක්සත් ජනපදය මඟින් 1965 දී නිකුත් කරන ලද මැරිනර් 4 අභ්‍යාවකාශ යානය අඟහරු අසලින් පියාඹා ගිය ප්‍රථම ප්‍රෝබය බවට පත් විය. එමඟින් සම්පූර්ණයෙන්ම අපේක්ෂා නොකළ ආකාරයේ ඡායාරූප සම්ප්‍රේශණය කරන ලදී. අඟහරු මත පතිත වීම සඳහා වු ප්‍රථම අභ්‍යාවකාශ යානය, මාස් 3, USSR මඟින් 1971 දී නිකුත් කරන ලද අතර එමගින් පෘථිවිය කරා ඡායාරූප නොඑවන ලදී. ප්‍රථමවරට එවැනි ඡායාරූප සම්ප්‍රේශණය කරන ලද්දේ 1976 US වයිකිං ලෑන්ඩර්ස් මඟිනි.

නිකුත් කිරීම් හා තටාකනය කිරීම් (Docking)

1965 දෙසැම්බර් 15 වනදා ඇමරිකානු ජෙමිනි 7 හා ‍ජෙමිනි 6 අභ්‍යාවකාශ ගමන මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානා 2ක් අතර ප්‍රථම අභ්‍යාවකාශ සංකේතස්ථාන (Rendezvous) මෙහෙයුම සම්පූර්ණ කරන ලදී. අභ්‍යාවකාශ යානා මීටරයක් පමණ ආසන්නය දක්වා පැමිණි අතර කක්ෂ කිහිපයක් යන තෙක් එකිනෙක සමඟ ස්ථාවරව තිබිණි.

US අභ්‍යාවකාශ යානාවක් වන ජෙමිනි 8 1966 මාර්තු 16 ප්‍රථම කක්ෂීය අභ්‍යාවකාශ තටාකනය කිරීම සිදු කරන ලදී. ප්‍රථම ස්වයංක්‍රී අභ්‍යාවකාශ තටාකනය කිරීම 1967 ඔක්තෝබර් 30 වනදා සෝවියට් එකමුතුවෙහි කොස්මෝස් - 186 හා කොස්මෝස් - 188 (මිනිසුන් රහිත සෝයුස් අභ්‍යාවකාශ යානා 2ක්) යානා එකිනෙක සම්බන්ධ කරන ලදී.

1967 අප්‍රේල් 26 වනදා ඇමරිකා එක්සත් ජනපදයේ ස්ක්වුට් B, ප්‍රථම වතාවට මුහුදෙහි සිට වූ නිකුත් කළ යානය බව පත් විය. ප්‍රථම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (සෝවියට් එකමුතුවෙහි සැල්යුට් 1) එහි ක්‍රියාවලි 1971 ජුනි 7 ආරම්භ කරන ලදී.