බහිර්-යානා ක්‍රියාකාරකම

(අභ්‍යාවකාශ ඇවිදීම වෙතින් යළි-යොමු කරන ලදි)

බහිර්-යානා ක්‍රියාකාරකම (ඊවීඒ්) යනු, අභ්‍යාවකාශගාමියෙක් හෝ ගගනගාමියෙක් හෝ විසින් අභ්‍යාවකාශයානයකින් පිටත සහ පෘථිවියෙහි සැලකිය යුතු වායුගෝලයෙන් ඔබ්බෙහි සිදු කෙරෙන ඕනෑම ක්‍රියාකාරකමකි. පෘථිවිය වටා භ්‍රමණය වන ( අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වැනි) යානයකින් පිටත සිදු කෙරෙන අභ්‍යාවකාශ ඇවිදීමක් සඳහා අති බහුල ලෙසින් මෙම පදය භාවිතා කෙරෙයි. 1965, මාර්තු 18 දිනදී, වොස්කොඩ් 2 මෙහෙයුම තුලදී, විනාඩි12ක් සහ තත්පර 9ක කාලසීමාවක් තුලදී කැප්සියුලයෙන් පිටතට පැමිණි ඇලෙක්සි ලියනෝෆ්, අභ්‍යාවකාශ ඇවිදීමක් සිදු කල පළමුවන මිනිසා විය. 1969 සිට1972 දක්වා ඇපලෝ වැඩසටහන තුලදී ඇමරිකානු අභ්‍යාවකාශගාමී යුගල හයක් විසින් සිදු කල (සාමාන්‍යයෙන් චන්ද්‍ර සක්මන් ලෙසින්ද හැඳින්වෙන) චන්ද්‍ර පෘෂ්ඨ ගවේෂණය සඳහාද මෙම පදය භාවිතා වෙයි.

2011 අගෝස්තු 3 දිනදී ගගනගාමී සර්ගේ වොල්කොෆ් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිටත ඇවිදියි.
STS-114 තුලදී ස්ටීවන් රොබින්සන් රොබෝ හස්තය මත නැග යමින්, අභ්‍යාවකාශ ෂටලයෙහි පළමු පියාසරය-තුල අළුත්වැඩියාව සිදු කරමින්. පසුතිරයෙහි දිස්වන භූමිකොටස සෝමාලියාවෙහි බාරි ප්‍රදේශය වෙයි.
ඇමරිකානු අජටාකාශගාමී බෲස් මැක්කැන්ඩල්ස් රැහැනක් රහිතව , තමාම පාලනය කරන ඒකකයක් භාවිතා කරමින් අභ්‍යාවකාශයේ ඇවිදියි

ආශ්‍රිත සංස්කරණය