අභ්‍යවකාශ නිරීක්ෂණයේ ඉතිහාසය

සූර්යයා පිළිබඳ මිනිසුන් තුළ තිබූ මුල්ම ස්ථාවර අදහස වූයේ දවසේ උදාව හා රාත්‍රිය ඇතිකරන හා ක්ෂිතිජයෙන් නැග බැස යන අහසේ ඇති දිදුලන තැටියක් වශයෙනි. බොහෝ පුරාණ හා ඓතිහාසික සංස්කෘතීන්වල සූර්යයා දේවත්වයෙන් හා අද්භූත බලයක් සහිත වස්තුවක් ලෙස සැලකිණි. අතීතයේ දකුණු ඇමරිකාවේ ඉන්කා හා මෙක්සිකෝවේ ඇපටෙක් වැනි ශිෂ්ටාචාරවල සූර්යය වන්දනාව මූලික අංගයක් විය. බොහෝ ඓතිහාසික ස්මාරකයන් නිර්මාණය කර තිබෙන්නේ සූර්යය සංකල්පය (Phenomena) මනසේ තබාගෙනය. උදාහරණයක් වශයෙන් ශෛලමය මහා ශිලා megaliths ග්‍රීස්ම සූර්ය නිවෘත්තිය (Solstice) ( මෙවැනි ස්මාරක ඊජිප්තුවේ, ජැබ්ටා ප්ලායා හා එංගලන්තයේ ස්ටෝන් ගෙන්ච් හි ඇත). අයර්ලන්තයේ මානවයින් ගොඩනගා ඇති ප්‍රාග් ඓතිහාසික නිව් ග්‍රේන්ජ් ස්මාරකයෙන් ශීත ඍතුවේ (Solstice) සූර්යය නිවර්තිය අනාවරණය කෙරේ. පුරාතන මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා ( Chichen Itza) වාසනා හා සරත් ඍතුවේදී පුද්ගලයන්ගේ සෙවණැල්ල සර්පයෙකුගේ හැඩය ගන්නා පරිදි තනා ඇත. ස්ථාවර තරුවලට සාපේක්ෂව සූර්යයා පෘථිවියේ සිට පෘථිවිය රාශි චක්‍රය හරහා ඉලිප්සය දිගේ වසරකට වරක් පරිභ්‍රමණය වන සේ පෙණුනු නිසා ග්‍රීක අභ්‍යවකාශ විද්‍යාඥයියෝ එය හත ලෙස නම් කළහ. එය ග්‍රහ වස්තු හතේ එකක් ලෙස සැලකිණි. ඇතැම් භාෂාවලට සතියේ දිනක් හිරු වෙනුවෙන් නම් කර තිබෙන්නේ ඒ නිසාය.

අසුන් මගින් ගෙන යනු ලබන සූර්යය කරත්තය, නෝර්ඩික් ලෝකඩ යුගයේ මිථ්‍යා විදහා දැක්වෙන නිර්මිතයක් සේ සැලකේ


සටහන් සංස්කරණය

Sun History_of_observation