අභ්‍යවකාශ තරගයේ අවසානය

ස්පුට්නික් 1 දියත් කිරීම අභ්‍යවකාශ තරගයේ ආරම්භය ‍ලෙස පැහැදිලිව කිව හැකි නමුත් එහි අවසානය විවාධාත්මක වේ. 1960 ගණන්වලදී උණුසුම් ලෙස තරග වැදුණු අභ්‍යවකාශ තරගය 1969 ඇපලෝ චන්ද්‍ර ගොඩ බෑම හරහාද අඛණ්ඩව පැවතුණි. ඔවුන් විසින් තවත් මිනිසුන් 5 ක් සහිත ඇපලෝ 11 චන්ද්‍ර ගොඩබෑම සිදු කර ඇමෙරිකානු අභ්‍යවකාශ විද්‍යාඥයන් නව අංශ දෙසට යොමු වන ලදී. දත්ත රැස්කිරීම සඳහා ස්කයිලැබ් තිබූ අතර අභ්‍යවකාශ ගමන්වලට හවුල් නොවූ අභ්‍යවකාශ යානා නැවත ගෙන ඒමට අභ්‍යවකාශ ශටල සාදන ලදී. ප්‍රථම අභ්‍යවකාශයට මිනිසකු යැවීම තුළින් ඔවුන් විසින් මෙම තරගය ජයගත් බවට රුසියානුවන් ප්‍රකාශ කරයි. කෙසේ නමුත් ඇමෙරිකානුවන් ප්‍රකාශ කර සිටින්නේ ප්‍රථමව සඳ මතට මිනිසකු ගොඩ බැස්සවීමට සමත් වූයේ ඔවුන් නිසා මෙම තරගය ජයගත්තේ ඔවුන් බවයි. සීතල යුද්ධයේ දී මෙන් ඕනෑම අවස්ථාවකදී අනෙකුත් ජාතීන් ඔවුන්ගේම අභ්‍යවකාශ වැඩසටහන් දියුණු කිරීමත් සමග බලවන්තයන් දෙදෙනා අතර පවතින තරගය ක්‍රමයෙන් හීන වී යයි.

ජාතීන් දෙකම මිනිසුන් සහිත යුධමය අභ්‍යවකාශ වැඩසටහන් දියුණු කර ඇත. එක්සත් ජනපද ගුවන් හමුදාව සතු චන්ද්‍රිකා විනාශ කිරීම සඳහා භාවිත කිරීමට ඩයිනා සෝ අධි ධ්වනික සැහැල්ලු ගුවන් යානා නිකුත් කිරීම සඳහා ඒවායේ ටයිටන් මිසයිල භාවිතා කිරීමට යෝජනා කර ඇත. මිනිසුන් සහිත කක්ෂ ගත කර ඇති විද්‍යාගාරයක් සඳහා වු සැලසුම (ජෙමිනි වැඩ සටහන මත පදනම් වූ උපකරණ යොදා ගෙන බේරා ගැනීම් මෙහෙයුම් සිදුකිරීම සඳහා) ඩයිනෝ අවලංගු කළ නමුත් පසුව එයද අවලංගු විය. සොවියට් රුසියාවද එහා සමානව මිනිසුන් සහිත යුධමය අභ්‍යවකාශ ස්ථානයක් සඳහා වූ ඇල්මස් වැඩසටහන ඉදිරිපත් කළ අතර එය සැලියුට් වැඩ සටහන සමග කරලියට පැමිණියහ.

ඇපලෝ සඳ මත ගොඩබෑමෙන් පසු අභ්‍යවකාශ තරග මන්දගාමි වූ අතර එය බොහෝමයක් නිරීක්ෂකයන් විසින් එහි උච්ච ස්ථානය හෝ අවසානය ලෙස හඳුන්වයි. අනෙක් අය එනම් අභ්‍යවකාශ ඉතිහාසඥ කැරෝලිස්කොට් හා රෝමේනියම් Dr. ෆෝරින් ෆෝග්ගේ සීතල යුධ ව්‍යාපෘති ඇතුළත්ව විශ්වාස කරන්නේ එය සිදු වූයේ 1975 ඇපලෝ සොයුෆ් ඒකාබද්ධ මෙහෙයුම සමග බවයි. සෝවියට් අභ්‍යවකාශ යානයක් වූ සොයුස් 19 ය ඇමරිකාවෙහි ඇපලෝ සමග අභ්‍යවකාශයේදී සම්බන්ධ වූ අතර එය එකිනෙකට විරුද්ධ ජාතීන්ට එකිනෙකාගේ යානාවලට ගමන් කිරීමට ඉඩ සැලැස්වූ අතර සංයුක්ත පරීක්ෂණවලට සහභාගි වීමටද ඉඩ සලස්වන ලදී. එක් එක් රටෙහි අභ්‍යවකාශය පිළිබඳව උනන්දුව එලෙසම පැවතියත් ඔවුන් විශාල වශයෙන් වෙනස් දිශා ඔස්සේ තම කටයුතු සිදු කරන ලදී. ඒ සමගම ඇපලෝ සොයුස්ගෙන් පසු ජාතීන් දෙක අතර වූ තරගය යල්පැන යන ලදී.

කෙසේ නමුත් රුසියානු නායකත්වය අභ්‍යවකාශ ශටල වැඩ සටහන්වලට US ගුවන් හමුදාවේ මැදිහත් වීම පිළිබඳව අවධානය යොමු කළ අතර ඒ නසා බුරන් හා එනර්ජියා ව්‍යාපෘති දියත් කරන ලදී. 1980 මුල් භාගයේදී US යුද්ධෝපාය පිළිබඳව වූ ආරක්ෂා වීමේ මුල්පිරීම ප්‍රකාශයට පත් කිරීම තව දුරටත් තරගය වැඩි කළ අතර 1980 බටහිර කොටසේ බිඳ වැටීමත් සමග එම ප්‍රශ්නය නිරාකරණය විණි.