සතර අපාය

ආගමික සංකල්පයක්
(අපාය වෙතින් යළි-යොමු කරන ලදි)

මොකක්ද මේ සතර අපාය කියන්නේ? සෝවාන් නොවුණොත් ඒ කියන්නෙ දහම් ඇස පහළ නොවුනොත් යන්න වෙන අපායවල් සතරක් ගැන නිතර නිතර කථා බහට ලක්වෙනවානේ. ඉතින් මේ සතර අපාය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතිව කොහොමද එහි යනවාද නැත්ද කියලා තීරණය කරන්නෙ නේද? ඒ නිසා මේ කොටස වෙන් වෙන්නේ මේ සසරේ බරපතලම අනතුර හඳුනාගන්නටයි.

බොහෝ දෙනෙක් සතර අපාය විශ්වාස කරන්නේ නෑ. විශේෂයෙන් තිරිසන් අපාය හැරුණුකොට නොපෙනී තිබෙන අපායන් විශ්වාසය කරන්නේම නෑ. හැම ආගමකම මේ සතර අපායන් විග්‍රහ කරන්නේ මිනිස්සු භය කරන්න කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. බුදු හිමියන් නම් ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි අනුගමනය කලේ. සතර අපාගත ලෝකයක් සකස් වෙනවා. ඒ සතර අපාගත ලෝකයට හේතු මේවයි... ඒ සතර අපාගත ලෝක නිරෝධය මේකයි... ඒ සතර අපාගත ලෝක නිරෝධ කරගන්න ක්‍රමය මේකයි... අපායන් පිළිබඳව චතු සත්‍ය පෙන්වා දුන්නා. එතකොට සිහියෙන් අහගෙන හිටියාම ප්‍රඥාව අවධි වෙච්ච ප්‍රඥාවන්ත පිරිස සතර අපාගත ලෝකයෙන් මිදුණා.

භය වෙන්න තරම් කරුණු කාරණා තිබුණත් පේන්නේ නැති දේකට ඉතින් බයක් ඇතිවෙන්නේ නෑනේ. අනෙක් ඒ විදියට නැවැත්තුවා කියලා පැවැත්මෙන් නිදහස් වීමකුත් නෑ. ඒ විදියට නැවත්වූ විට බොහෝ විට සකස් වෙන්නේ ලෞකික පැවැත්ම පිණිස වූ ලෞකික සුගති මාර්ගයයි. ඒ නිසා බුදු දහම කියන්නේ භය කරලා පව් කරන එක බලහත්කාරයෙන් නවත්වන දර්ශනයක් නෙවේ. පැවැත්ම නවත්වාගන්න වැඩපිලිවෙල තමයි පෙන්වා දුන්නේ.

ඉතින් මේ අපාය ගැන පොත පතින් හෝ දැකලා බලලා ටිකක් විතර භයක් තියෙන පිරිස නම් ඉතින් අපායේ යන්න කැමති නෑ කියනවා. ඒත් ඉතින් යනවනේ... හේතු තියෙනවා නම් ඵලය එපෝ! එපෝ! කිව්වට හරියන්නේ නෑ ඕං. ඒ නිසා අපි උත්සාහ කල යුත්තේ හේතු නැති කරන්න මිසක් හේතු තියාගෙන ඵලය එපෝ! එපෝ! කියලා මතුරන්න නෙවේ. එහෙම නේද? ඉතින් සතර අපාය පිළිබදව විස්තර විග්‍රහ කරලා දැනගන්න, ත්‍රිපිඨක ග්‍රන්ථ තුල ගැබ්වී තිබෙන ශ්‍රී සද්ධර්මය තුළ අපායන් ආදිය පිළිබදව තිබෙන විස්තර මෙන්ම වෙනත් මා විසින් කියවන්නට යෙදුන පතපොත බ්ලොග් අඩවි ආදිය ඇසුරු කරගෙන සකස් කල එකතුවක් ලෙසින් මෙම කොටස සකස් කරලා තියෙනවා. ඉතින් මේවා ගැන වෙන වෙනම කථා කරන්නට තරම්ම විස්තර නම් තියෙනවා. ඒ නිසා සුදුසු පරිදි හැකි අයුරින් ඒවා පිළිබදව කථා බහ කරමු නේද?

අසුර අපාය

සංස්කරණය

අසූරයා කියන්නේ කාටද? වචනයකට "අ" යන්න දාපුවම එයින් එහි විරුද්ධ අර්ථය තමයි කියැවෙන්නේ නේද? එහෙනම් සූරයාගේ ඉස්සරහට "අ" දාපුවාම මොකක්ද එයින් එන අදහස?

සූරයෙක් නොවේ අසූරයෙක් කියලා තමයි ඉන් කියැවෙන්නේ නේද? ඉතින් සූරයෙක් නෙවේලු... මොකක්ද මේ කියන්නේ... තමන්ට හිමි වැඩකොටසක් තියෙනවානේ... ගෙදර හෝ වේවා... රැකියාවක හෝ වේවා වෙන තැනක හෝ වේවා තමන්ට හිමි වැඩකොටසක් තියෙනවානේ... ඒවගෙන් මග හරින්න බොරු ලෙඩගන්නවා... වෙන අය ලවා තමන්ගේ වැඩ ටිකත් කරගන්නවා... සූර බව නැති කරගෙන විහින්ම අසූරයෙක් වෙලා නේද? දැන් හේතු හැදුවේ අසුරයෙක් වෙන්නනේ... කැමැත්ත කොහෙටද අසූර බවට... ඉතින් ඔන්න එයාට යන්න පුළුවන් අසුරයන්ගේ රටට නැත්නම් අසුර අපායට... මොකද එහෙ ගිහින් කරන්න වෙන්නේ?

ගල් ගෙඩි තිබ්බා වගේ දුක් විඳිමින් ඉන්නයි වෙන්නේ... සමහර අසුරයෝ ගල්පර්වත වගේ එයාලට ගල් පර්වත අව්වට රත්වෙනකොට ඒ හා සමානව රත්වෙමින් දැවෙන්න වෙනවා... මහා කඳු වගේ තමන් විඳින දුක දැන දැනම කල්ප ගානක් ගෙවන්න වෙනවා... ගිනි කඳු වගේ පුපුරා යමින් අනන්ත දුක් විඳින්න වෙනවා... නොපෙනෙන ලෝකයේ තිබෙන දේ බොහෝමයි... ඒ දුක් මොහොතකට හෝ අංශු මාත්‍රයකට හෝ දැක්කා නම් ඔබ නැවත ඒවැනි විපාක ලබන්නට හේතු ගොඩනගන වැඩ පිලිවෙල ගැන සිතන්නට පවා යොමු නොවේවි නේද?.

ප්‍රේත අපාය

සංස්කරණය

මිනිස් ලොව ඇසුරු කරගෙන පවතින අපායක් ලෙස ප්‍රේත අපාය දැක්වේ.මෙම ප්‍රේතයන් උපත ලබන්නේ ඕපපාතිකවය.ඛුද්දක නිකායේ ප්‍රේථ වස්තු ග්‍රන්තයට අනුව ප්‍රේතයන් ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත.ඒනම් පාංශු පිසාචික,පුප්පිපාසික,නිජ්ඣාමතණ්නික හා පරදත්තූපජීවී යනුවෙනි.පාංශ පිසාචික ප්‍රේතයන් අපිරිසිදු ස්ථාන ඇසුරුකරගෙන වාසය කරති.ඔවුන් පසට වැටෙන සෙම්,සොටු,කෙළ,සැරව,ලේ,මුත්‍රා හා අසුචි වැනි අපවිත්‍ර දෑ ආහාරයට ගිනිමින් ජීවත් වෙයි.පුප්පිපාසික ප්‍රේතයන් දැඩි පිපාසයෙන් පෙළෙමින් දිවි ගෙවයි.ඔවුන් ගංගා ඇල දොළ ආදී ජලය ඇති තැන්වල සැරිසරමින් ජලය සොයයි.එහෙත් පෙර පාප කර්ම බලවත් නම් පිපාසය සංසිදුවීමට තරම් ජලය නොලැබේ.නිජ්ඣමතණ්නික ප්‍රේතයන්ගේ සිරුරු ඇතුලතින් ගිනිගෙන දැවෙයි.මුළු සිරුරම ගිනිගෙන දැවෙද්දී ඉතා වේදනාවෙන් කෑගසමින් ඔබමොබ ගමන් කරති.පරදත්තූපජීවී ප්‍රේතයන්ට පිං අනුමෝදන් කරගැනීමේ හැකියාව ඇත.මොවුන් පෙර ඥාතීන් වෙත පැමිණ ඔවුන් පිං අනුමොදන් කරනු දැක සතුටුවී සැපයට පත්වේ.මෙම ප්‍රේත නිකායන් හතරට අමතරව තවත් ප්‍රේත නිකායන් පිළිබද බුදු දහමේ සදහන්වේ.

තිරිසන් අපාය

සංස්කරණය

ඔබ තිරිසනුන් දන්නවද? "අපෝ! තිරිසනුන් දන්නේ නැත්තේ කව්ද?" කියලා ඔබට සිතේවි! ඔව් තිරිසනුන් කියලා කියන්නේ ලෝකයේ නොයෙක් සත්ව විශේෂ වලටයි. බල්ලෝ, පූසෝ, හාවෝ, මුවෝ, සිංහයෝ, කොටියෝ, අලියෝ, මාලු, කුරුල්ලෝ, කූඹි, වලස්සු, වඳුරෝ, පනුවෝ, සර්පයෝ ආදී එකී නොකී සියලු සත්ව විශේෂ මේ කියන තිරිසන් ගොඩට තමයි අයත් වෙන්නේ.

ඉතින් බොහෝ වෙලාවට කුඩා දරුවන් වශයෙන් නම් අපි කියනවා "මම ආසයි කුරුල්ලෙක් වෙන්න... එතකොට මට පියාඹන්න පුළුවන්... මම ආසයි සිංහයෙක් වෙන්න එතකොට හැමෝම මට බයවේවි" මේ වගේ නොයෙක් දෑ කුඩා අවදියේ අපි කියනවා. හරි කැමතියි මේ වගේ සතෙක් වෙන්න. ඉතින් ඇත්තටම සතෙක් වෙන එක එතරම් දරුණු දුකක් වෙන්නේ කොහොමද කියලා ඔබට එතරම් හැඟීමක් නැතිවෙන්නත් පුළුවන්. කොතරම් නම් බල්ලෝ පූසෝ ඉන්නවද මිනිස්සුන්ටත් වැඩිය සැප විඳින කියලා කියන පිරිසත් අප අතර ඉන්නවනේ. ඉතින් ඇත්තටම මේ තිරිසන් සතුන් විඳින්නේ සැපක්ද? එහෙනම් ඇයි ඒ අයගේ මේ තිරිසන් ලෝකයට තිරිසන් අපාය කියලා කියන්නේ. අපි ලස්සනයි සුන්දරයි කියලා දකින සත්ව ලෝකය කොතරම් දුරට දුක් ගෙන දෙන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම වටහාගෙන කටයුතු කලේ නැතිනම් මහා අමාරුවක වැටෙනවා නියතයි.

නිරයද ප්‍රේත හා තිරිසන් අපාය මෙන් නොව අසුර ලොකය මෙන් මිනිස් ලොවින් බැහැරව පිහිටා ඇත.නිරය ප්‍රධාන කොටස් අටකට බෙදා ඇත.ඒවානම් සංජීවය,කාලසූත්‍රය,සංඝාතය,රෞරවය,මහා රෞරවය,තාපය,ප්‍රතාපය,අවීචිය යන්නයි.

සංජීවය

සංස්කරණය

මහ පොළවේ සිට යොදුන් 15000 දුරින් සංජීවය පිහිටා ඇත.සංජීව අපායේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ ලක්ෂ 90 කි.එවන් දින 30ක් මාසයකි (9000000×30) එවන් මාස 12ක් අවුරුද්දකි.අවුරුදු 500 ක් එහි පරම ආයුෂවේ.සත්ව ඝාතනය තම ජීවිකාව ලෙස කරන පුද්ගලයන් අධික කෝපය හෝ මානය නිසා දුබලයන් තලා පෙලා කටයුතු කරන රජවරු පාලකයන් නිලධාරීන් මෙම අපායේ උපත ලබයි.දුප්පතුන් පෙළූ පොහොසතුන් හා අසරණ මිනිසුන්ට හිරිහැර කොට වස්තු සම්පත් උදුරාගත් සොරුන් මැරයන් අදිය මෙහි උපදිති.මෙහි උපදනා නිරි සතුන්ව යම පල්ලන් විසින් ගිනියම්වූ පොළවේ ගසා කෑලි කෑලි කොට කපයි.එසේ කපද්දීද නිරි සතුන් මැරි මැරී යලි යලිත් එම අපායේම උපදනා බැවින් සංජීවය යන නම මෙයට ලැබී ඇත.සං ජීවය යනු නැවන නැවත උපදින්නේය යන්නයි.

කාලසූත්‍රය

සංස්කරණය

මෙම අපාය පිහිටියේ සංජීව නිරයට වඩා යොදුන් 15000 දුරින්.එනම් මිනිස් ලොව සිට යොදුන් 30000 දුරිනි.මෙම අපායේ එක් දිනක් මිනිස් ලොව වර්ෂ ලක්ෂ 90කි.එවන් දින 30 මාසයකි.මාස දොළහක් වර්ෂයකි.වර්ෂ 1000 මෙහි පරම ආයුෂවේ.මවුපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරුකටයුතු අයට හිරිහැර කළ පුද්ගලයින් ප්‍රධාන වශයෙන් මෙහි උපදී මෙහි උපදනා නිරි සතුන්ව කලු හැහැ නූලකින් බැඳ ගිනියම්වූ පොළවේ දමා ලී දඩු රහින්නාසේ නිරි සතුන්සේ සිරුරු රහිනු ලබයි.

සංඝාතය

සංස්කරණය

මෙම අපාය කාලසූත්‍ර නිරයට වඩා 15000 දුරින් පිහිටයි.මෙම අපාය නව යොදුනක් පමන විශාලය.මෙහි උපත ලබන නිරි සතුන් නව යොදුන් ඝක පොළවේ එරී නිශ්චලව පවතී.හෙි අහස ගුගුරන්නාසේ මහා දැවැන්ත පර්වතයන් එරී සිටින නිරි සතුන් මතට වැටී ඔවුන් අඹරවමින් ඒ මේ අත පෙරළෙයි.මෙම අපායේ උපත ලබන්නේ ඇත් අස් ගවා ආදී නොයෙත් සතන්ට අනේක වධ හිංසා පමුණුවමින් වැඩ ගත්තවූවන්ය.

මෙම අපාය සංඝාත නිරයට යොදුන් 15000 දුරින් පිහිටයි.මෙම නරකයෙහි උපදනා සත්වයන්ගේ සිරුර තුලට වැද ඇතුලත දවාලන්නාවූ නපුරු දුමක් ඇත.ඇතුලත මෙන්ම පිටතද දවාලීම නිසා අදික වෙදනාවෙන් මරහඩ නගන නිරු සතුන්ගෙ හඩින් පිරී ඇති නිසා මෙයට රෞරව නරකයයි කියනු ලබයි.දස දහස් ගණනින් මිනිසුන් සතුන් මරා දමන සොරුන් මංකොල්ලකරුවන් ත්‍රස්තවාදීන් වැනි දාම ඝාතකයන් මෙහි උපත ලබති.

මහා රෞරවය

සංස්කරණය

මෙහි උපදනා නිරි සතුන්ගේ සිරුරු අතිෂයිම රෞද්‍රවූ ගින්නෙන් හා දුමින් ඇතුලත හා පිතට දවාලන්නේය.මෙසේ දුක් විදින නිරි සතුන්ගේ ලෙයින් පොළව වැසී ඇති අතර අදික වේදනාවෙන් මරහඩ නගත නිරි සතුන්ගේ විලාපයෙන් පිරී ඇති බැවින් මෙම නිරය මහා රෞරවය යන නම ලැබී ඇත.තුරුණුවන් මාපියන් හො සිල්වත් ගුනවත් උතුමන්ට චධ හිංසා පමුණුවනු ලැබූවන් ඔවුන්ගේ වස්තු සම්පත් උතුරාගත්තවුන් මෙහි උපත ලබති.

මෙම අපායේ උපදනා නිරි සතුන්ව යමපල්ලන් විසින් ගිනියම්වූ යහුල්වලින් ඇන ගිනියම්වූ මහ පොළවේ අමුණා තබනු ලබති.උල හිදුවන්නාසේ යහුල්වලින් ඇන තුබූ නිරි සතුන් දවාලමින් පොළවෙන් ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ උපත ලබන්නේ සතුන් පණපිටින් පුළුස්සා මරූවන් හා අනුන්ගේ නිවෙස් ගින්නෙන් දවාලූවන්ය.

ප්‍රතාපය

සංස්කරණය

මෙම අපායේ උපදනා සත්වයෝ තාප නිරයේ උපදනා සත්වයින්ට සමානව දුකකට ලක්වේ.එහෙත් තාප නිරයට වඩා ප්‍රතාප නිරයේ ආයුෂ වැඩිය.

අවීචිය

සංස්කරණය

මෙම අපාය අටමහා නිරයන් අතුරින් දරුණුම අපායයි.මෙම අපායේ යොදුනක් දිය යොදුනක් පළල ගිනියම්වූ යපොළවකින් තුනුන ඝූමියක් ඇත.මෙහි දොරටු සතරක් ඇති අතර දොරටු සතරෙහි යමරජවරු සතරදෙනෙක් ඇත.මෙම අපායේ එත් දිශාවක සිට අනෙක් කොන දක්වා සතර දිශාවෙන්ම ගිනිජාලා මතු වෙමිනි නිරි සතුන් පෙළනු ලබයි.එසේම උඩ සිට පහළට හා පහළ සිට උඩ දක්වා සදිශාවෙන්ම ගිනිජාලා මතුවෙයි.මෙම අපායේ පරම ආයුෂ කල්පයකි.පංචානතරීය පාප කර්ම එකම් මව මැරීම,පියා මැරීම,සංඝ භේදය,රහතුන් මැරීම,බුදුන්ගේ ලේ සෙලවීම යන පාපප කර්ම සිදුකලවුන් මෙහි උපදිති.

කුඩා නිරයන්

සංස්කරණය

ගූථ නිරය

සංස්කරණය

මෙම නරකය ඉතා දුර්ගන්දයෙන් යුක්තව කැකෑරුන අසූචියෙන් පිරී පවතී.මෙහි උපදනා සතුන් අසූචියේ ගිලී යන අතර මෙහි සිටින විශාල පණුවන් නිරි සතුන්ගේ සිරුරු පසාරු කරමින් වේදනාවට පමුණුවති.

කුක්කුල නිරය

සංස්කරණය

මෙම අපාය අළුවලින් වැසුණු ගිනි අගුරු වලින් සැදී ඇත.මෙහි උපදනා නිරි සතුන් අළු යටින් ඇති ගිනි අගුරවල තාපයෙන් දැවි දැවී පවතී.

අසිපත් නිරය

සංස්කරණය

අසිපත් වැනි කොළ සහිත දෙපැත්තම කැපෙන ආකාරයෙන් සැකසුන කොළවලින් ගහන වනයකින් මෙම අසිපත් නිරය සමන්විතය.නිරන්තරව හමන සුලගින් මෙම අසිපත් වැනි කොළ ඒ මේ අත වේගයෙන් ළෙවෙයි.මෙහි උපදනා සතුන් මෙම අසිපත් වැනි කොළවල ගැටී කැපි කැපී යයි.

සිම්බලිවන නිරය

සංස්කරණය

මෙය කටු ඉඹුල් වැනි තියුනු උල් සහිත කටු අති වෘෂයන්ගෙන් සැදුන නිරයකි.

මූලාශ්‍ර

සංස්කරණය
  • අති පූජ්‍ය මහාචාර්ය රේරුකානේ ශ්‍රී චන්දවිමල මහනාහිමි ගේ "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථය (2009)
  • nirwanadhamma.lk වෙබ් අඩවිය
"https://si.wikipedia.org/w/index.php?title=සතර_අපාය&oldid=598267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි