අප්‍රිකානු දේශපාලනය -African Politics
අප්‍රිකානු සමූහාණ්ඩුව යනු මොරොක්කෝව හැර ඉතිරි අප්‍රිකානු රාජ්‍යයන්හි එකතුවකි. 2001 ජූනි මස 26 වන දින අඩිස් අබාබා කේන්ද්‍රි කර ගනිමින් මෙය පිහිටුවනු ලැබීය. 2004 ජූලි මස පෑන්හි අප්‍රිකානු පාර්ලමේන්තුව දකුණු අප්‍රිකානු මිඩ්‍රන්ඩ් වෙත ගෙන යනු ලැබූවද,මානව අයිතීන් සඳහා වූ අප්‍රිකානු කොමිසම අඩිස් අබාබා හිම රැදවුණි. අප්‍රිකානු සමූහාණ්ඩුවේ ආයතන විමධ්‍යගත කොට සෑම රාජ්‍යයකටම ඒවා බෙදා හදාගැනීමට අවස්ථා ලබාදීමේ ප්‍රතිපත්තියක් පවතියි.
අප්‍රිකානු සමූහාණ්ඩුව සමූහාණ්ඩු පනතකින් නිර්මාණය කෙරුනේ පොඳු මණ්ඩලයක් ලෙස කටයුතු කල අප්‍රිකානු ආර්ථික ප්‍රජාව ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රකාර රාජ්‍යයක් බවට හැරවීම සඳහාය.අප්‍රිකානු සමූහ ආණ්ඩු රජය නමින් හැදින්වෙන පාර්ලිමේන්තු ක්‍රමයක් මෙහි පවතින අතර එහ ව්‍යවස්ථාදායකයක් , විධායකයක් සහ අධිකරණයක් ඇත. රාජ්‍ය නායකයා අප්‍රිකානු සමූහාණ්ඩුවේ ජනපති වන අතර පෑන් අප්‍රිකානු පාර්ලමේන්තුවේ සභාහපතිද වේ.ඔහු සමූහාණ්ඩුවේ ජනාධිපති වන්නේ පෑන් අප්‍රිකානු පාර්ලිමේන්තුවට පත් වී එහි බහුතර කැමැත්ත ලබා ගැනීමෙනි.
වර්තමානයේ රාජ්‍යයේ හා ආණ්ඩුවේ නායකයා සහ පෑන් අප්‍රිකානු පාර්ලමේන්තු සභාපති ධුරය දරනුයේ ගර්ට්‍රෑඩ් ඉබේ වේ මොංගෙල්ලා මහත්මියයි. 2004 මාර්තු මාසයේදී වසර 5 ක් සඳහා පාර්ලිමේන්තුව මගින් ඇයව පත් කෙරිණි. පෑන් අප්‍රිකානු පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 265 දෙනෙකි. ඒ අප්‍රිකානු සමූහාණ්ඩුවේ සෑම රාජ්‍යයකින්ම 5 දෙනා බැගින් වු නියෝජනයකින් යුතුය.ඔවුන්ගෙන් 21% ට වැඩි ගණනක් ස්ත්‍රීන්ය.
පාර්ලිමේන්තුවේ සභාහපතිගේ බලතල සමූහාණ්ඩු පනතේ සහ මූල ලේඛණයේ දක්වා ඇත. අප්‍රිකානු සහ ජාත්‍යන්තර ගිවිසුම්වලින් උරුමවන බලතල ආදියද මෙයට ඇතුළු වේ. අප්‍රිකානු සමූහාණ්ඩුවේ රජයට සියළුම රටවල,කලාපීය,සහ නාගරික ආයතන මෙන්ම ආයතන සිය ගණනක් ඇතුලත්වේ.
අකර්මන්‍ය වූ රාජ්‍ය ප්‍රතිපත්ති,අයුක්ති සහගත ලෝක වෙළද කටයුතු සහ දේශගුණික තත්ව නිසා මෙම කලාපය දැඩි දුර්භීක්ෂයන්ට ලක්වී ඇත්තේ ජනතාවට අවශ්‍ය ජලය හෝ ආහාර බෙදා දීමට නොහැක බැවිනි. යටත් විජිතකරණයට පෙර ලොව රත්තරන් 90% නිපද වූ මෙම භූමිය අද ලොව දුප්පත්ම මහද්වීපය බවට පත්ව ඇති අතර එහි සම්පත් වෙනත් මහද්වීප භුක්ති විදියි.රෝග පැතිරීමද විශාල වශයෙන් සිදුවන අතර විශේෂයෙන් HIV සහ AIDS වසංගතයක් වී ඇත.
අප්‍රිකානු සංවිධාන සහ රාජ්‍යයන් අතර දැඩි එකමුතුවක පැහැදිලි ලකුණු දක්නට ලැබේ. කොංග්‍රස් ජනරජ සිවිල් යුද්ධයේ දී ධනවත් අප්‍රිකානු නොවන රටවල් නොව අප්‍රිකානු රටවල්ම මැදිහත් වූහ. 1998 ගැටුම ඇරඹුමෙහිදීම සිදුවු මරණ ගණන මිලයන හතරකට ආසන්නය. අප්‍රිකානු සමූහාණ්ඩුව වැනි දේශපාලන එකමුතුවන් මහද්වීපයේ රටවල් අතර සහයෝගය සහ සාමය සදහා බලාපොරොත්තු නංවයි. එහෙත් තවමත් රාඡ්‍යය අනුග්‍රහය සහිතව දැඩි ලෙස මානව හිමිකම් කඩකරීමේ බොහෝ අප්‍රිකානු රටවල සිදුවේ.එවන් බොහෝමයක් දේ සිදුවන්නේ දේශපාලන හේතු එසේත් නැත්නම් සිවිල් යුද්ධයක අතුරු ඵලයක් ලෙසනි. කොංගෝ ජන රජය,සයෙරෝ ලයෝන්,ලයිබීරියාව,සූඩානය, සම්බාබ්වේ වැනි රටවල මෙවන් කඩකිරීම් වැඩි වශයෙන් වාර්තාවේ.
සටහන්
සංස්කරණයPolitics of Africa - Politics |