අපරිකානු ඇමරිකානු අධ්‍යනය

(අපරිකානු ඇමරිකානු අධ්යයන වෙතින් යළි-යොමු කරන ලදි)

අප්‍රිකානු-ඇමරිකානු අධ්‍යයනය යන්න අප්‍රිකානු අධ්‍යයන හෝ කළු ජාතික අධ්‍යයනවල උප කොට්ඨාසයකි. මෙය කළු ඇමරිකානුවන්ගේ ඉතිහාසය, සංස්කෘතිය හා දේශපාලනය පිළිබඳ වූ අන්තර් කලාපීය අධ්‍යයන ක්ෂේත්‍රයකි. වඩා පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය හුදෙක් ඇමරිකාවේ වෙසෙන අප්‍රිකානුවන් පිළිබඳ අධ්‍යයනයක් පමණක් නොව, බ්‍රිතාන්‍ය දූපත්වල සිට කැරිබියානු දූපත් දක්වා විසිර සිටින සමස්ත අප්‍රිකානු ඩයස්පෝරාව පිළිබඳ අධ්‍යයනයකි. මෙම ක්ෂේත්‍රය, අප්‍රිකානු-ඇමරිකානු සාහිත්‍යය, ඉතිහාසය, දේශපාලනය, ආගම හා ආගම් අධ්‍යයනය, සමාජ විද්‍යාව සහ වෙනත් බොහෝ සමාජ විද්‍යාත්මක හා මානව ශාස්ත්‍ර විෂය පථයේ කොට්ඨාස හරහා විහිද ඇත.

සැන් ෆ්රැන්සිස්කෝ ප්‍රාන්තයේ කළු ජාතික අධ්‍යයනයන් උදෙසා පස් මසක වැඩ වැරුමෙන් ඇරඹී අන්තර් වාර්ගික සිසුන් විසින් විශ්ව විද්‍යාල පද්ධති තුළ ගෙන ගිය බොහෝ ක්‍රියාකාරකම් හේතුවෙන් 1960 හා 1970 දශකවල දී බොහෝ විශ්ව විද්‍යාලවල අප්‍රිකානු-ඇමරිකානු අධ්‍යයනය සඳහා පාඨමාලා හා පීඨ නිර්මාණය විය. 1968 පෙබරවාරි මස දී සැන් ෆ්රැන්සිස්කෝ ප්‍රාන්තය විසින් නේදන් හෙයාර් නම් සමාජ විද්‍යාඥයා පළමු කළු අධ්‍යයන පාඨමාලාව සම්බන්ධීකරණය කිරීමටත්, පළමු කළු ජාතිකයන් පිළිබඳ අධ්‍යයන පීඨය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටත් සහභාගි කර ගන්නා ලදී. 1968 දී පීඨය ඇරඹුනු අතර එතෙක් පැවති පස් මස් වැඩ වැරුම අවසන් කරමින් 1969 වසන්තයේ දී නිල වශයෙන් ක්‍රියාත්මක විය. කළු ජාතික අධ්‍යයන පිළිබඳ පීඨ හා පාඨමාලා ආරම්භ කිරීම පිළිබඳ ඉල්ලීම් හා උද්ඝෝෂණ සුළුතර ශිෂ්‍ය ප්‍රජාව හා ඔවුනගේ සහයෝගීන් අතර සුළභ විය. තම සංස්කෘතීන් හා විෂය පථයන් සාම්ප්‍රදායික අධ්‍යාපනික රාමු නිසා පසෙකට වී ඇති බව ඔවුනගේ මතය විය. කළු ජාතික අධ්‍යයන යනු ලෝකයෙහි වෙසෙන කළු ජාතික ජනතාව පිළිබඳ කෙරෙන ක්‍රමානුකූල අධ්‍යයනයකි. එයට ඔවුනගේ ඉතිහාසය, සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ ආගම ආදිය ඇතුළත් වේ. එය කළු ජාතික අත්දැකීම් පිළිබඳ අධ්‍යයනයක් වන අතර ඔවුන්ගෙන් සමාජයටත්, සමාජයෙන් ඔවුනටත් සිදු වූ බලපෑම් පිළිබඳ විග්‍රහයකි. මෙබඳු අධ්‍යයනයක් බොහෝ වාර්ගික ඒකාකෘතීන් විනාශ කිරීමෙහි ලා වැදගත් විය හැකිය.



http://en.wikipedia.org/wiki/African_American_studies