වගතුග සංස්කරණය

අඳ ගොවිතැන් ක්‍රමය යනු හවුල් ගොවිතැන් ක්‍රමයයි. මඩ සහ ගොඩ යන දෙවර්ගයකට බෙදෙන ගොවිතැ‍නෙහි, මෙම අඳ ගොවි පිළිවෙත ක්‍රියාත්මක වන්නේ මඩ ගොවිතැන හෙවත් වී ගොවිතැන විෂයයෙහි පමණි. අඳ ගොවිතැන් ක්‍රමය හා බැඳී ඇති ‍ලෙස ඉහතින් දැක්වූ හවුල පවතින්‍‍නේ කුඹුරු හිමියා සහ ගොවියා අතරය. මෙම හවුල හා බැඳි එකඟතාවය අදාළ වන්නේ වී අස්වැන්න පිළිබඳවයි.


වදන් අරුත සංස්කරණය

අඳ යන වදන පාලියයෙන් බිඳී ආවෙකැයි පැවැසේ. අද්ධ යන පාලි වදනෙන් මෙය බිඳී ඇත. අර්ධය හෙවත් අඩක් යන්න මෙම වදනනෙහි අරු ත වේ. අඩ හෙවත් අර්ධය හෙවත් බාගය මෙහිදී අදාල වන්නේ, අස්වැන්න කැපීමෙන් පසුව ගොවියා විසින් කුඹුරු හිමියාට අස්වැන්නෙන් බාගයක් ‍හෙවත් අඩක් ගෙවනු ලබන බැවිනි. සාමාන්‍ය සිරිත වනුයේ වැපිරීම සඳහා අවශ්‍ය බිත්තර වී කුඹුරු අයිතිකරු විසින් සැපයීමයි.

කෙසේවුවද. මෙම ක්‍රමය, ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධ ආකාර ගනියි. වී, පොහොර, සී සෑමට හා වැපිරීමට අවශ්‍ය උපකරණ ඈ සියල්ල, කුඹුරු අයිතිකරු විසින් සපයන අවස්ථා ද නැත්තේ නොවේ. අනෙක් අතට, ගොවියා ශ්‍රමය පමණක් යොදවන්නේ නම් අඳය මෙන් ඔහුට හරි අඩක් ලැබෙන්නේ නැත.

අස්වැන්න ලබාගැනීමෙන් පසුව, කුඹුරු හිමියා වෙත “දැකුම්” ගෙනයාමේ ක්‍රමයක් ද පැවතිණි. දැකුම් ගෙනයාම යනු කැවුම්, කිරිබත්, හෝ වෑංජන සහිත බත් පෙට්ටියක් කැවිලි වර්ග, බුලත්, පුවක්, දුම් කොළ, කෙහෙල් කැනක් ආදිය සමග කුඹුරු හිමියා බැහැ දැකීමට යාමයි.

"https://si.wikipedia.org/w/index.php?title=අඳ_ගොවියා&oldid=471070" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි