අනුරාධපුර රාජවංශය

අධිරාජ්‍යයා සමග ඔහුගේ තිබුණ සම්බන්ධතාවය හේතුවෙන් ක්‍රි.පු. 247 දී (අශෝකගේ පුත්) මහින්ද මගින් ලංකාවට බුදු දහම හදුන්වාදීම ද (මහින්දගේ සොයුරිය) සංඝමිත්තා මගින් ශ්‍රී මහා බෝධිය ජම්බු කොළය (සම්බිලිතුරෙයි) හරහා ලංකාවට ගෙන ඒමද සිදුවිය. රජතුමාගේ රාජ්‍ය සමය ථෙරවාදී බුදුදහමට ඉතා සමීප විය. එළාර (ක්‍රි.පු 205 - 161) දෙමළ රජකෙනෙක් වූ එළාර අසේල රජු මරා දැමී‍මෙන් පසු මහවැලි ගගට උතුරින් වූ පිහිටි රට පාලනය කළේය. එළාර රජ සමයේදී කැළණිතිස්ස (නිරිත දිග) මයා ‍රටේ උප රජක විය. (ගිණිකොණ දිග) රැහුණේ ප්‍රාදේශිය උප රජු වුයේ කාවන් තිස්සයි. තිස්ස මහා විහාරය, දීඝ වාපී වැව සහ සේරුවිල පිහිටි බොහෝ සිද්ධස්ථානද කරවන ලද්දේ කාවන්තිස්ස විසිනි. දුටු ගැමුණු (ගාමිණි) (ක්‍රි.පු. 161 - 137) මහා වංශයේ විස්තර අණුව කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුතා වූ දුටු ගැමුණු අවුරැදු 25 ක තරුණ යෙකි. එළාර (අවුරැදු 64) හා සටන් කොට ඔහුව පරාජ‍ය කළේය. ලංකාවේ අශෝක ලෙස දුටුගැමුණු රජතුමා වර්ණනා කර ඇත. පීරමීඩ හා සමාන රුවන්වැලි සෑය කරවන ලද්දේ මේ රජතුමාය. එය ඉන්ජිනේරුමය හාස්කමකි. එළාර සමග කළ යුද්ධයේදී සිර භාරයට ගත් දෙමළ ඉන්ජිනේරැවන් හා කම්කරුවන් යොදා එය ගොඩ නංවන ලදී. දෙමළ ප්‍රධානීන් පස් දෙනෙක් ප්‍රලහත - බාහිය විසින් ධුරයෙන් පහ කරන ලදී. බාහිය - පනය මාර විසින් ධුරයේන් පහ කරන ලදී. පනයමාර - පීලය මාර විසින් ධුරයෙන් පහ කරන ලදී. පිලයමාර - ධාතිය විසින් ධුරයෙන් පහ කරන ලදී. ධාතිය - වළගම්භා රජු විසින් රාජත්වයෙන් පහ කරන ලද්දේ දෙමළ පාලනය අවසන් කරමින. 1 වැනි වළගම්බාහු (ක්‍රි.පු. 89 - 77)

දුටු ගැමුණු රාජධානිය නැවත ස්ධාපනය කළේය. මෙකල ථෙරවාදී මහා විහාරය සහ මහායානවාදි අභයගිරිය අතර ආගමික මත වාද ගැටුම් ඇති විය. මාත‍ලේ අළු විහාරයේදී ත්‍රිපිටකය පාලි විසින් ග්‍රන්ථාරූඩ කෙරෙනි. චෝර නාග (මහානාග) (ක්‍රි.පු. 63 - 51) මොහුගේ බිසව වු අනුලා දේවිය විසින් වස ෙදවනු ලැබින. අනුලා දේවිය (ක්‍රි.පු. 48 - 44) කුඩා තිස්ස හා චෝර නාගගේ වැන්දඹුව වූ අනුලා ලංකාවේ පළමු රැජිනයි. ඇයට බොහෝ පෙම්වතුන් සිටි අතර ඔවුන්ට වස දෙනු ලැබින. අවසානයේ කුට්ටකන්න තිස්ස අතිත් මරැමුවට පත්වුවාය. වසභ (ක්‍රි.ව. 67 - 111) වල්ලිපුරම් රම්පත - අනුරාධපුර නගරය ආරතක්ෂාව අතින් ශක්තිමත් කළේය. වැව් එකොළහක් බොහෝ ආඥාවල් 1 වැනි ගජබාහු ක්‍රි.ව. 114 - 136 චෝල රාජ්‍ය ආක්‍රමණය කර සිරකරැවන් ආපසු ගෙනාවේය. බුදුන්ගේ ධන්ත ධාතුව නැවත හිමිකරගනී. මහාසේන ක්‍රි.ව. 274 - 301 ථෙරවාදයට (මහාවිහාරය) බොහෝ හිරි හැර කළේය. මහායානය ඉස්මත්‍රවි. පසුව රජු මහා විහාරයට පැමිණියේය. පණ්ඩු ක්‍රි.ව. 429 පාණ්ඩ්‍ය පාලකයින් හත්දෙනාගෙන් පළමු වැන්නාය. අන්තිමයා පීඨිය විය. 455 ධාතුසේන ක්‍රි.ව. 455 - 473 මේ රජුගේ මාමා වූ මහානාම (හිමි) මහාවංශය ලිවීය. කලාවැව කරවීය. ඔහුගේ පුත් කාශ්‍යප ක්‍රි.ව. 470- 488 අති ප්‍රසිද්ධසීගිරිය පර්වත මාළිගය ගොඩනැංවීය. සීගිරියේ 700 ක් පමණ වූ කුරැටු ගී සිංහලයේ කිසියම් පැතිකඩක් පෙන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_රාජවංශය&oldid=471880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි