අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය

ජාතිය මෙන්ම භාෂාවත් කැපී ‍පෙනෙන්නට පටන් ගැනුනේ බුදුසමයේ ආලෝකයත් සමග මිහිදු දූත පිරිසේ පැමිණීමෙන් පසුවයි.එ‍තෙක් කවුරුන් කෙසේ බලගතුව සිටියත් උන්වහන්සේගෙන් පසුව නම් සිංහල ජාතියේ භාරය අත්වූයේ ඵ් මිහිදු මාහිමියන් ඇතිකරලූ සිංහල භික්ෂු පරපුරටයි.එතැන් සිට මෙහි වැඩී ගිය ඵ් භික්ෂූන් වහන්සේ වෙත පැවතිණ.එදා සිට අද දක්වා ඇති දීර්ඝ කාලය තුල ජාතිය නිසා වැඩී ආ සාහිත්‍යය සිංහල භික්ෂූන් වහන්සේ මුල් වීමෙන් ගොඩනැගී ඇත.

ථූපාරාමය

ලංකාව ශිෂ්ට සමාජයක් හැටියට ගොඩ නැගීම ආරම්භ වූයේ වර්තමාන ඉතාහාසයේ මුල් අවස්ථාව සේ ගැනෙන විජයාවතරණයෙන් පසුවයි.ජාතියක් වශයෙන් හෙළදිව් වාසීන්ගේ වැඩීම ඇරඹී දියුණුව කරා ගිය ඵ් මුල් අවස්ථාව පුරාතන යුගය හැටියට ගැනේ.හෙළ බස ඇතිවී වැඩී ආ හැටි පෙනෙන්නේද ඵ් යුගයේදීය.එය අනුරාධපුර යුගය සීමා කොට පවතී.ක්‍රි.පූ පස්වන සියවසේ සිට ඇරඹී ආ අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ දහවන සියවස දක්වා ඇති අවුරුදු 1500 දක්වා ගමන් ගනී.

ලංකාවෙ භාෂා සාහිත්‍යයේ වර්ධනය මිහිදු හිමිගේ පැමිණීමත් සමග වර්ධනය වුවකි.මෙරට පැනෙන ආදිම ලිපිවල සම්පූර්ණ හැඩහුරුකම අශෝක ලිපි හා සමානව පැවතීමෙන් පෙනෙන්නේ ලේඛන විද්‍යාව හෙවත් අකුරු ලිවීමෙ ක්‍රම ව්‍යවහාරයෙන් ලංකාවටඅශෝක රාජ්‍යයෙන්ලැබී ඇති බවයි.

ගොනුව:Anuradhapura stupa.jpg
අනුරාධපුර ස්ථූප

ඉගෙනීමේ ප්‍රධාන අංගය සංස්කරණය

ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය.

සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්බා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.

  1. තෙවලා දහම හා අටුවා කථා ග්‍රන්ථාරුඪ කිරීම නිසා පොත්පත් ලිවීම ඇරඹීම
  2. සිංහල අටුවා පොත් සම්පාදනය වීම (සිංහල සාහිත්‍යය ඉතිහාසයේමුල්ම පොත් විශේෂයයි.)

ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.

සෙල්ලිපි හා පොත්පත් සංස්කරණය

අනුරාධපුර කාලයට අයත් මුල් යුගයේ ලියැවුණු පොත්පත් මෙකල නැත.එවක ලියැවුණු දේ පිරික්සන විට ලිවීමෙ තතු සඳහා අපට පිහිට කර ගත හැක්කේ සෙල්ලිපිත් හෙළ අටුවා වදන් යයි සළකනු ලබන වාක්‍ය කිහිපයකුත් පමණි.

පොත්පත් සංස්කරණය

මිහිදුමාහිමියන් වචන මාර්ගයෙන් ගෙන ආ ෙහළඅටුවා මෙරට භික්ෂූන් හෙළ බසින් උගත් බව සඳහන් වේ.එද පෙළදහම සෙයින් රැකගත් භික්ෂූහු පොත්ලිවීම ආරම්භ කලාට පසු ග්‍රන්ථාරුඪ කළහ.සිංහල සාහිත්‍යයේ චිරන්තන ග්‍රන්ථ වූ මේ පොත්පෙළ හෙළ අටුවා ලෙස හැඳින්වේ.මේ හෙළ අටුවා තිබුණේ පාලි අටුවා වලිනි.බුදුගොස් හිමියන් පස්වන සියවසේ ලක්දිවට පැමිණ පාලි අටුවා කරන ලද්දේ මෙම හෙළ අටුවා උපකාර කර ගෙනයි.

මේ සඳහා උන්වහන්සේ අට්ඨ කථා පහක් පිහිට කරගත්හ. මහා අට්ඨ කථා,මහාපච්චරියට්ඨ කථා,කුරුන්දිට්ඨ කථා,අන්ධකට්ඨ කථා,හා සංඛෙපට්ඨ කථාවයි.

සීහලට්ඨ කථා මහාවංසය,ථූපවංස වණණනා මේ යුගයේ ලියැවුණු පොත් ලෙස සැළකිය හැකි වුවත් අද වනවිට මේවා සම්පූර්ණයෙන්ම අභාවිත කෘතීන්ය.

අනාගතවංස වණණනා විමුක්ති මාර්ගය,නමක්කාර වණ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ණනා, යන කෘතීන්වල නම් පසුකාලීන කෘතීන්වල සඳහන් වූ නිසා මේවා අනුරාධපුර යුගයට අයත් ඒවා යයි සැළකිය හැකිය. දනට විද්යමාන කෘති කිහිපයක්ද වේ. එනම් සියබස්ලකර නම් ග්‍රන්ථය කාව්යාදර්ශය ඇසුරු කරගනිමින් අභාසලමෙවන් විසින් සිංහල කාව්යාලංකාර සදහාත්, පාලි ධම්මපට්ඨකතාවෙ තේරුම් ගැනීමට අපහසු වචන සදහා සිංහල සකු මගධ මිශ්‍ර දම්පියා අටුවා ගැටපදයත් . භික්ෂු විනය සදහා සිඛ වළද හා සිඛවළද විනිස නම් ග්‍රන්ථයත් හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිස යන ග්‍රන්තයන්ද අනුරාදපුර යුගයේ රචිත ග්‍රන්ථ වේ,

සීගිරි ගී සංස්කරණය

අනුරාධපුර යුගයේ ඉතා අනුස්මරණීය වූ සාහිත්‍යය සටහනක් නම් සීගිරි ගී පෙළයි.දැනට ප්‍රකාශිත ශිලාලිපි හැරුණු කොට මෙතෙක් සොයාගෙන ඇති සිංහල සාහිත්‍යයේ ඉතාම පැරණි සටහන හැටියට ඇත්තේ මේ ගී වැලයි.

හයවන සියවසේදී පළමුවන කාශ්‍යප රජතුමා මේ කදු ගැටය වාසය කරගත්තේ සතුරන්ගෙන් බේරීම සඳහාය.චිත්‍ර කලාව සම්බන්ධයෙන්ද මෙය වැදගත් වේ.සීගිරි කැටපත් පවුරේ මුළු කවි ගණන 685කි. සීගිරි ගී එක් අයෙකුගේ රචනා නොවේ.බොහෝ දෙනාගේ රචනායි.එ‍හි සිරි නරඹා තම හැඟීම් රිසි සේ වර්ණනා කරතිබේ.සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දෙන පරිදි ගී සිව්පදකරණය මේ අවස්ථාව වන විට වෙසෙසින් දියුණුව පැවතිණ.යාග ගී,කව් ගී,යොන් ගී වෙසෙස්ද සිව්පද හා සැහැලිද මේවා අතර වේ.එළිසමය පවා දැකිය හැකිය.නොයෙක් අලංකාර,දේශීය උපමා දක්නට ලැබේ.

"නිල් කට්රොල් මලෙකැ ඇවුණු,

වැට්කොල මල සෙයි,

සැන්දැ ගී සිහිවෙන්නෙ,

මහනෙල් වන හය්රන්වන හුන්"

සීගිරී ගී පිරික්සන විට එහි සාහිත්‍යමය අගය,එවක කවියේ විචාරශීලී අගය සොයා ගත හැකිය.

ගැටපද, සන්‍ය, පිටපොත්, වණ්‍ර්‍ණනා සංස්කරණය

අපේ පුරාතන සාහිත්‍යයේ හා හා පුරා කියා අපට හමුවන්නේ ගැටපද,සන්‍ය,පිටපොත්,වණ්‍ර්‍ණනා යන නම් වලින් යුත් පොත් ගණයකි.සාහිත්‍යයට මේ පොත් බෙහෙවින් පිහිට වන්නේ භාෂාවේ වර්ධනය ඇති වූ සැටි පෙන්වා දීමටයි.

ගැටපද සංස්කරණය

පාලි අටුවාවල ඇතැම් වචන තව දුරටත් ලිහිල් කර දැක්වීමේ උපායක් වශයෙන් ගැටපද හෙවත් ගණ්ඨී පද ලියැවී තිබේ. උදා- විසුද්දි මග්ගයට ලියූ ගැටපදය, අභිධම්මට්ඨ කතාවට ලියූ ගැටපදය

සන්‍ය සංස්කරණය

"තේරුම"යන සාමාන්‍ය අරුත දෙයි.

උදා-

  1. විසුද්දි මග්ග සන්‍යය,
  2. කුදුසික සන්‍යය ,
  3. විනය සන්‍යය

අනුරාධපුර යුගයේ ලියැවී ඇති සිය ගණනක් සන්‍ය අතරින් අදට ඉතිරිව ඇති සන්‍යය දෙකකි.

  1. දම්පියාවට කළ අටුවා සන්‍යය
  2. වෙසතුරු දා ගාථා සන්‍යය

සියබස්ලකර (පද්‍ය) සංස්කරණය

සීගිරි ගී හැරුණු විට ඊළඟ ඉතා පැරණි ගී ඇති සිංහල පොත සියබස්ලකරයි.එය ලියැවී තිබෙන්නේ නවවන සියවසේ මධ්‍ය කාලයේදීය.සකු අලංකාර ග්‍රන්ථයක ඇසුර ලබමින් ලියන ලද්දකි.සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ ප්‍රසිද්ධ කාව්‍යාදර්ශය ඇසුරෙන් සිංහල සියබස්ලකර ලියන ලද්දේ සලමෙවන් රජකෙනෙකුන් විසින් බව පොතේ අග සඳහන් වේ.

සිඛවළඳ හා සිඛවළඳ විනිස(ගද්‍ය) සංස්කරණය

සිංහල සාහිත්‍යය ඉතිහාසයේ පුරාතන අවධියට අයත් ඉතා පැරණි ගද්‍ය කෘතියකි.සිඛවළඳ විනිස උපසපන් භික්ෂූන් සඳහා පිළියෙළ කළ ශාසනික විනය නීති සංග්‍රහයකි.සිඛවළඳ වඩාත් පැහැදිලි කිරීමේ අරමුණින් සිඛවළඳ විනිස ලියා තිබේ.

දම්පියා අටුවා ගැටපදය සංස්කරණය

පුරාතන සන්‍ය ගැටපද පොත් අතර පැරණිම ග්‍රන්ථයයි.බෞද්ධාගමික ස්වරූපය ගත් කතා එහි දක්නට ලැබේ.දම්මපදට්ඨ කතාව සිංහලයන්ට වඩාත් පහසුවෙන් දැන ගැනීමට දම්පියා අටුවා ගැටපදය ලියා තිබේ.

හෙළ දැය හා බස ඇති වී වැඩී ආවේ අනුරාධපුර කාලයට අයත් මේ පුරාතන අවධියේය.එවක නිපැයුණු ද‍හස් ගණන් පොත් ඒවායේ කතුවරයනුත් සමග කාලය නැමැති වැලිතලාවෙන් යටවී ගොස් ඇත.අද ඉතිරිව ඇත්තේ පොත් දෙක තුනක් පමණි.මෙතෙක් ප්‍රකටව සිය ගණනින් පවත්නා අනුරාධපුර කාලීන සෙල්ලිපි හා පො‍ත්පත් විමසා බලන විට පුරාතන යුගයේ සාහිත්‍යය දීප්තිමත්ව තිබු අයුරු දැකගත හැකිය.

මේවාද බලන්න සංස්කරණය

==වෙනත් ==

  • සිංහල සාහිත්‍යය වංශය , පුංචි බණ්ඩාර සන කාව්‍ය සෙකර පොත