අනුරාධපුර යුගයේදී ලක්දිව මාර්ග
තැනක
සාහිත්‍යය හා අභිලේඛන මුලාශ්‍ර වලට අනුව පැවති මාවත් වර්ග
සංස්කරණය- අගනගරය හා ප්‍රධාන වරායවල් සම්බන්ධ කළ මාර්ග
තැනක
- අගනගරය හා පාදේශිය මධ්‍යස්තාන අතර පැවති මාර්ග
- පාලන ඵ්කක තුළ පැවති මාර්ග
- ආගමික ස්ථාන සම්බන්ධ කළ මාර්ග
- කුඩා මංමාවත්
අගනගරය හා ප්‍රධාන වරායවල් සම්බන්ධ කළ මාර්ග
සංස්කරණයඅනුරාධපුරය - මහාතිත්‍ථ මාර්ගය
අනුරාධපුරය - ජම්බුකෝල පටිටන මාර්ගය
අනුරාධපුරය - ගෝකණ්ණ මාර්ගය
අනුරාධපුරය - උරැවල පට්ටන මාර්ගය
අනුරාධපුරය - පල්ලවවංක මාර්ගය
අනුරාධපුරය - මහාතිත්‍ථ මාර්ගය
සංස්කරණයමේය වයඹ ප්‍රදේශයේ පැවති ප්‍රධාන වරාය විය.මල්වතු ඔය දකුණු ඉවුර අසබඩ පිහිටි තම්බපණ්ණි නගරය හා සම්බන්ධව පැවති මාර්ගයයි. මේය ක්‍රි.පු.5 වන සියවස සිටම පැවත ඇත.මහාතිත්‍ථ නැවි තොට සිංහල සාහිත්‍යය හා සෙල්ලිපි විවිධ නම්වලින් හදුන්වා ඇත,ඵ්වනම්, මහාතොට,මහාවොටි,මහපුටු,මාවටු,මවතුතොට,මහපටන,මාතොට,මාතෝට්ටම් ආදියෙන්, වළගම්බා රජු කළ (ක්‍රි.පු.89-77) බැමිණිතියා සාය දුර්භික්‍ෂය ඇති කළ ඉන්දියාවට ගිය භික්‍ෂුන් ආපසු ඵන ගමනේදි මේම වරායෙන් ගොඩබැස මේම මාර්ගයෙන් රට අභ්‍යන්තරයට පැමිණ තිබේ.තැනක
අනුරාධපුරය - ජම්බුකෝළ පට්ටන මාර්ගය
සංස්කරණයශ්රි ලංකාවේ උතුරු ප්‍රදේශයේ යාපනය අර්ධද්වීපයේ කන්කසන්ටුරයේ සිට බටහිරට වෙන්නට වු සම්බිල්තුරය පැරණි දඹකොලපටුන නොහොත් ජම්බුකෝළ පට්ටනය. උතුරු භාරතය සමග සම්භන්දතා පැවැත්වීමේදී අනුරාධපුර සිට මෙම ස්ථානය දක්වා වූ මාර්ගය ක්‍රි පු සියවස් වල ප්‍රදාන ස්ථානයක් හිමිකරගත් බව පෙනේ.දේවානම් පියතිස්ස රජු(ක්‍රි.පු.250-210) විසින් අශෝක අදිරාජ්‍යා වෙත යවූ දුත පිරිස් දෙක මෙම මාර්ගය ඔස්සේ යවා ඇත.එහිදී සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රි මහා බෝධීඅංකුරය වැඩම කොට ගෙන අනුරාධපුරයට ආවේ මේම මාර්ගයෙනි.[1]ජම්බුකෝල පට්ටන සිට අනුරාධපුරයට දින 4 පමණ ගතවී ඇත.[2] දේවානම් පියතිස්ස රජු අශෝක අදිරාජ්යාට යවන ලද ප්‍රථම දුත පිරිස දබකොලපටුනේ සිට සත් දිනක් සාගරයේ ගොස් තාම්මලිප්තියට ලගාවූ අතර ආපසු දින පුර පෑල විය එතැනින්ම නැවු නැග දොළොස්වක් දින අනුරාධපුරයට ලගාවිය.[3] පස්වන සියවසයේදී ෆාහියන් හිමි තාම්මලිප්ති සිට ලංකාවට පැමිණ අනුරධප්‍රයට පැමිණීමේදීද මෙම මාර්ගයම යොදාගෙන ඇත .[4]
අනුරාධපුරය - ගෝකණ්ණ මාර්ගය
සංස්කරණයශ්රි ලංකාවේ නැගෙනහිර පිහිටි වරාය වන මේය වර්තමානයේ ත්‍රිකුණාමල වරාය ලෙස හදුනාගෙන ඇත.ඵළාර රජු (ක්‍රි.පු.2 සියවස) සේනාව සමඟ පැමිණ ඇත්තේ මේම මාර්ගයෙනි.
අනුරාධපුරය - උරුවේල පට්ටන මාර්ගය
සංස්කරණයඅනුරාධපුරය සිට බටහිරෙන් කළා ඔය මුවදොරින් මේය පිහිටා .අනුරාධපුර මහාථුපය ගොඩනැංව්ම සඳහා උරැවේල ජනපදයේ ධීවරයන් හට මහත්ඵල හා සදිසි මුතු ලැබුන බව දැන්විමට අනුරාධපුරයට (ක්‍රි.පු.161-137) පැමිණ ඇත්තේ මේම මාර්ගයෙනි.මේම වරාය හා ප්‍රධාන නගරය සම්බන්ධ කරමින් පැවති මාර්ග ජාලය අනුව අභ්‍යන්තර හා බාහිර වේළඳ කටයුතු කරගෙන යාමට තරම් විහිදුණු මාර්ග ජාලයක් පැවති බවට සඳහන් කළ හැකිය.
අගනගරය හා ප්‍රාදේශීය පාලන මධ්‍යස්ඨාන අතර පැවති මාර්ග
සංස්කරණයපුරාණ ශ්‍රි ලංකාවේ ප්‍රධාන ජනාවාස හතරක් විය,අනුරාධපුරය අගනගරය කරගත් උතුරු තැනනිතලා,රෝහණ ජනපදය,කැළණිය,මධ්‍යම කදුකරයේ මලය රට යන්නයි.
අනුරාධපුරය සිට රෝහණ ජනපදය තෙක් වු මාර්ගය
මේ පිළිබඳව මහාවංශයේ ප්‍රථම සිද්ධීය දේවානම්පියතිස්ස සොයුරුමහානාම සියදිවි රැකිම සඳහා රෝහණයට පලා යැමයි.
"උපරාජා තතෝ යෙව සදා බේල වාහනෝ-
කේඛිතුං සතමත්තානං රෝහණාභිමුඛෝ අගා'"
රෝහණ ජනපදය සිට අනුරාධපුරය තෙක් පැවති මාර්ගය පිළිඳව සද්ධර්මාලංකාරයෙදි සඳහන් වේ,එයට අනුව,මේම මාර්ගය පුඵල්ව හා ශක්තිමත්ව ඉදිකර තිබු බවට,
"ගැල් කණු සැටක් පිරවු කරත්ත සැටක් ගෙන යාමට ශක්තිමත්ව හා පුළුල්ව ඉදිකර තිබු බව"ට සඳහන්ය.
පාළන ඒකක තුළ පැවති මාර්ග
සංස්කරණයරාජධාණියක් ඇතුළත කොට්ඨාස කිහිපයක් විය,මේවා දේශ,පදේශ,මණ්ඩල යා ජනපද ලෙස හදුනා ගනි.මේවා අගනගර හා සම්බන්ධ කිරිම මාර්ග නිසා සිදුවිය.රාජධානි ඇතුලත සැම අතටම විහිදුණු මාර්ග පැවති බවට මංමාවත්,සන්ධි,දෙමං සන්ධි, සතර මං සන්ධි ගැන සඳහන් විමේන් පැහැදිළි වේ.විසුද්ධිමාර්ග සන්නසඅනුව,සිතුල්පව්වට යන ගමනේදි දෙමන් සන්ධියකට පැමිණි මඟියකුට මාර්ගය සොයා ගැනිමට නොහැකි වි තිබේ.
විථි
සංස්කරණයඅනුරාධපුර උතුර සිට දකුණට හා නැගෙනහිර සිට බටහිරට විහිදුණු මාර්ග පද්ධතියක් පැවති බවට මහාවංශයෙන් හෙළි වේ.මේවා ගඩොල් අතුරා සකස් කර විථි යටින් ගලා බස්නා ජලප්‍රවාහන ක්‍රමයක් පැවත තිබේ.
රාජ විථිය
සිදු කරන ලද කැණිම් වලට අනුව සොයා ගෙන ඇති පරිදි මේම විථියක් අඩි පනස් හතක් පළල් වු බව සොයා ගෙන ඇත.
කුඹල් විථිය
මේහි ජිවත් වුයේ කුඹල් කුලයේ ජනතාවයි,වේඵසුමන යෝධයාපැන් ගැනිම සඳහා කළයක් ගෙන ඵ්මට මේමවිථියට පැමිණි බව මහාවංශය සඳහන් කරයි.
මඟුල් විථිය
අනුරාධපුර ඇතුල් නුවර පිහිටි විථියක් විය.
බස්නාහිර විථිය
මේම ප්‍රදේශය තුළ දුටුගැමුණු රජ සිය කුමාරයාට මාළිඟයක් සාදවා දි තිබේ
මාවටු විථිය
කේවට්ට විථිය
ථුපාරාමය අසල වැටි තිබු මාර්ගයයි.
කුඩා මංමාවත්
විශාළ වැව් හා ප්‍රධාන ඇළවල් වල වෑකණ්ඩි හා ඉවුරැ ඒවාට ආසන්නව පැවති ජනාවාස සම්බන්ධ කළ කුඩා මංමාවත්,අඩිපාරවල් ලෙස භාවිතයට ගෙන තිබේ.
මාර්ග වල ස්වරුපය
සංස්කරණයපැරණි ලක්දිව මාර්ග වල ස්වරුපය පැහැදිළිව දැක්විය නොහැකි වුවද,සෑම පාළකයකුම මංමාවත් ඉදිකිරිම හා අලුත් වැඩියා කිරිම කෙරෙහි සැලකිළිමත් වි තිබේ.ඉළනාග රජු'(ක්‍රි.ව.34-43)මහාථුපයට මාර්ගයක් ඉදිකළ බවත් දිඹුලාගල පර්‍වත ලිපියේ එන පාඨයකින් පැහැදිළි වේ. 'කැබලිගල් හස්වා මඟ වත්කොට'
උපුටා ගැනිම්
සංස්කරණයආරියපාල,ඇම්.බි,මධ්‍යකාලීන ලංකා සමාජය,ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
මුණසිංහ,ඉණ්ද්‍රාණි,ශ්‍රී ලංකාවේ මාර්ග ප්‍රවාහනය,ශ්‍රී දේවී ප්‍රකාශකයෝ
හිමි,සුමංගල,බටුවන්තුඩාවේ පණ්ඩිත සංස්කරණය,මහාවංශය,දීපානී ප්‍රකාශකයෝ
සුරවීර,ඒ.වී,රාජාවලිය සංස්කරණය,අධ්‍යාපන ප්‍රකාශන දේපාර්තමේන්තුව
ආශ්‍රිත ලිපි
සංස්කරණය
බාහිර යොමු
සංස්කරණය- අනුරාධපුරය සංරක්ෂණය කළ පිටපත 2008-06-09 at the Wayback Machine