අනුයාත අයනීකරණ ශක්ති විචලනය

අයනීකරණය යනු කුමක්ද?

අයනීකරණය යනු උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර පරමාණුව ධන අයනයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියයි.මෙහිදී ආරෝපණය ධන අගයක් දරයි.

අයනීකරණ ශක්තිය යනු කුමක්ද?

උදාසීන පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කර ධන අයන සෑදීමට දිය යුතු අවම ශක්තිය අයනීකරණ ශක්තිය නම් වේ. මෙහිදී න්‍යෂ්ටිය විසින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගෙන ඇති අතර එම බලය බිදීමට නම් ශක්තිය සැපයිය යුතු වේ. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන එකිනෙක ඉවත් කිරීමේදී ආකර්ෂණ බලය බිදීමට දිය යුතු ශක්තිය ක්‍රමයෙන් වැඩි කළ යුතුය.මන්ද ඉලෙක්ට්‍රෝන එකිනෙක ඉවත් කිරීමේදී න්‍යෂ්ටිය විසින් පෙර ආකර්ෂණ බලයට වඩා වැඩි ආකර්ෂණ බලයක් යොදා ඉලෙක්ට්‍රෝන රදවා ගැනීමට උත්සහ කරන නිසාවෙනි.

ප්‍රථම අයණීකරන ශක්තිය