අනුබද්ධදාහය රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ බොහොමයක් දක්නට ලැබෙන්නේ දකුණු ජගන ලේනයේය. (Right iliac fossa) උදර කුහරයේ බිත්තිය ස්පර්ශ කිරීම ඉතා කුඩා පීඩනය කිරීමකට වුවද සංවේදී වේ. තවද, උදර කුහරයේ බිත්තිය මත පීඩනයක් යොදා අත ඉවතට ගැනීමේදී අධික වේදනාවක් ඇති වේ. උණ්ඩුකපුච්ඡය මහාඅන්ත්‍රයට පිටුපසින් පිහිටි අවස්ථා වලදී උදරකුහරයේ දකුණු පස පහළ කොටසෙහි ඉහත සදහන් කල පරිදි පීඩනයක් යෙදුව ද වේදනාවක් ඇති නොවනුයේ වාතය පිරී විස්තාරණය වී ඇති මහාඅන්ත්‍රයේ කොටස මගින් යොදනු ලබන පීඩනය ආසාදනය වූ උණ්ඩුකපුච්ඡය මත ක්‍රියාත්මක වීම වළක්වාලීම හේතුවෙනි. තවද,උණ්ඩුකපුච්ඡය ශ්‍රෝණිමේඛලාව තුළ පිහිටා ඇති අවස්ථා වලදී ද වේදනාවක් ඇති ‍ෙනාවේ. මෙහි දී ගුදමාර්ගය තුළට ඇගිල්ලදමා පරීක්ෂා කිරීමේදී ගුදමාර්ගය සහ මුත්‍රාශය අතර ඇති කොටසෙහි වේදනාවක් ඇතිවේ. කහින විට McBurney’s Point නම් උදරකුහරය මත ඇති ස්ථානයෙහි වේදනාවක් ඇති වීම උණ්ඩුකපුච්ඡය ආසාදනය වී ඇති අවස්ථාවන් වලදී ඒ බව දැන ගැනීමට ඇති පහසුම සහ වේදනාව අවම මාර්ගයයි. උදර කුහරය ස්පර්ශ කිරීමේදී රෝගියා උදර කුහරයේ බිත්තිය තද කිරීමකට ලක් කරමින් වේදනාවට පත්වන්නේ නම් එය පරිතාන ප්‍රදාහය ඇති බවට තද බල සාක්ෂියකි. එවිට වහාම ක්‍රියාත්මක වන පරිදි සැත්කමක් මාර්ගයෙන් උණ්ඩුකපුච්ඡය ඉවත් කළ යුතුය. අනෙකුත් රෝග ලක්ෂණ වනුයේ ;


Rovsing’s ලක්ෂණය සංස්කරණය

මෙහිදී වම් ජගන ලේනය (Left iliac fossa) මත තද පීඩනයක් යෙ‍දීම මගින් දකුණු ජගන ලේනයෙහි හි වේදනාවක් ඇති වේ. මෙය සොයාගනු ලැබුයේ Niels Thorkild Rovsing විසිනි. මෙම ලක්ෂණය උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය හදුනාගැනීමට භාවිතා කෙරේ. අවරෝහණ මහාන්ත්‍රිකය මත යොදන පීඩනයක් මගින් උදරකුහරයේ දකුණු පස පහළ කොටසෙහි වේදනාවක් ඇති වේ.


Psoas ලක්ෂණය සංස්කරණය

ඇතැම් අවස්ථා වලදී ආසාදිත උණ්ඩුකපුච්ඡය උදරකුහරයෙහි Psoas නම් පේෂිය මත පිහිටන අතර මෙහිදී රෝගියා දකුණු කකුල උකුල් ඇටය ලගින් නැවී සිටින අන්දමට පිහිටුවා ගැනීමෙන් වේදනාව අවමකර ගනී.


Obturator ලක්ෂණය සංස්කරණය

මෙ‍හිදී ආසාදිත උණ්ඩුකපුච්ඡය Obturator internus නම් පේශිය සමග ස්පර්ශව පවතී. උකුල් ඇටය ලගින් පාදය නැවීමෙන් සහ ඇතුළතට කරකැවීමෙන් එම පේශි සංකෝචනය වේ. මෙමගින් අධශ්ඡඨරය (Hypogastriem) පෙදෙසෙහි වේදනාවක් ඇති වේ.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Appendicitis#Signs

"https://si.wikipedia.org/w/index.php?title=අනුබද්ධදාහය_රෝග_ලක්ෂණ&oldid=472707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි