අන්සාරි එක්ස් ප්‍රයිස්

Ansori X prize යනු තරගයකි. මෙය X Prize පදනම විසින් සංවිධානය කරන ලදී. තරඟය වූයේ සති 2 ක් ඇතුළත නැවත භාවිතා කළ හැකි මිනිසුන් සහිත යානය දෙවරක් අභ්‍යවකාශගත කිරීමයි. රාජ්‍ය නොවන සංවිධාන සහභාගි වූ මෙම තරඟයේ ජයග්‍රාහී ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 10 ක් විය. “20th Century Aviention” තරඟය ආශ්‍රිතව නිර්මාණය කළ මෙය, අභ්‍යවකාශ තරණය උනන්දු කිරීමට හා සංවර්ධනය අරමුණු කර පැවැත්වනු ලැබේ. 2004 ඔක්තෝම්බර් 4 වැනිදා “Burt Ruton” විසින් නිපදවූ යානය ත්‍යාගය දිනා ගත්තේය. මෙම යානය සඳහා අනුග්‍රහය දැක්වූයේ මයික්‍රසොෆ්ට් ආයතනයේ අධ්‍යක්ෂකයෙකු වන පෙවු ඇලන් (Pew Allen) විසිනි. ත්‍යාගය මිලියන 10 ක් වුවත්, යානයට අවශ්‍ය තාක්ෂණයට මිලියන 100 ක් පමණ වියදම් විය. මෙම යානය ත්‍යාගය දිනාගත් දිනය ස්පුට්නික් (Sputnik I) යානය අභ්‍යවකාශ ගත කිරීමේ 47 වන සංවත්සරයයි. දෙවන X prize ලෙස Archon X Prize 2006 ඔක්තෝම්බර් ද, තෙවන ත්‍යාගය වන Automotive X Prize ඊට ටික කලකට පසුද, 2007 සැප්තැම්බර් Google Lunor X Prize ද ආරම්භ විය. Google Lunor X Prize 2015 අවසානය වනතුරු දිනාගත හැක. Automotive X Prize හා Archon X Prize හි ත්‍යාග ප්‍රදානය කර අවසන්ය.