අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන

ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ පුරෝගාමී චරිතයක් වූ කොලඹ කොටුවේ විසූ පුරෝගාමි වෙළඳ ව්‍යාපාරිකයෙකු සේම ගරු නම්බු මුහන්දිරම් වරයෙකු වූ අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන මැතිතුමා 1809 නොවැම්බර් දහනවය දා උපත ලැබුවේ ආදුරුප්පු වීදියේ ජින්තු වලව්වේ දන්දිරිස් ප්‍රේරා මැතිතුමා සහ සුසෙව්හේවගේ මිසියෝනා ප්‍රනාන්දු දම්පතීන් දාවයි.බෞද්ධ පුනරුදය සමයේ කොලඹ පිහිටා තිබූ තම විශාල දේපල රැසක් නිහඬව පරිත්‍යාග කළ එතුමානෝ වර්ශ 1890 ජනවාරි 24දා අවසන් හුස්මහෙලුවේය. එතුමාගේ සහ බිරිඳගේ සුසාන විද්‍යෝදය පිරිවෙන් භුමියේ වවර්තමානයේ පවා දැකගත හැකිය.