අන්තර් මෞලික බන්ධන

අන්තර් මෞලික බන්ධන

අණු, අයන හෝ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇතිවිය හැකි මූලික වර්ධන වර්ග හතරක් පවතී. අන්තර්මෞලික බල අණු ආකර්ෂණය කිරීමට හෝ එකිනෙක විකර්ෂණය කිරීමට හේතුවේ. මෙම ක්‍රියාවලි පදාර්ථයේ භෞතික ලක්ෂණ තීරණය කිරීමට හේතුවේ.

ස්ථර ද්විධ්‍රැව - ස්ථර දිවිධ්‍රැව බන්ධන

ශක්තිමත්ව බැඳුනු අණුවක පරමාණු දෙකක් අතර තිබෙන විශාල විද්යුත් ඝණතාවයේ වෙනස නිසා එම අණු වේ. ස්ථර ද්විධ්‍රැවයක් හටගනී. මෙම ද්වි-ධ්‍රැව ආකර්ෂණය වීම හෝ විකර්ෂණය වීම සිදුවේ.

හයිඩ්‍රජන් බන්ධන

මෙය එක්තරා අන්දමකට සැලකූ විට ස්ථර ද්වි-ධ්‍රැවයකට හොඳ උදාරහරණයකි. කෙසේවුවත්, හයිඩ්‍රජන් බන්ධනයකදී, හයිඩ්‍රජන් ප්‍රෝටෝන දායක පරමාණුවක් හා ග්‍රාහක පරමාණුවක් අතර හවුල් වීමට ලංවීමක් සිදුවේ. මෙය කේන්ද්‍ර තුනක් ඉලෙක්ට්‍රෝන දෙකක් බන්ධනයකි. (උදාහරණ ලෙස ඩයිබොරේන් (B2 H6 - බොරෝන් 2ක් හා හයිඩ්‍රජන් 6ක් ඇති රසායන සංයෝගය) ආකාරයේ) ආවර්තිතා වගුවේ සිරස් පෙළක ස්කන්ධයෙන් වැඩි පරමාණු වලට වඩා හයිඩ්‍රජන් බන්ධන වලට වැඩි තාපාංක පවතී (උදාහරණ ජලය, ඇමෝනියා හා හයිඩ්‍රජන් ප්ලුවොරයඩ්)

ක්ෂණික ද්වි-ධ්‍රැව හා ප්‍රේරිත ද්වි-ධ්‍රැව (වැන්ඩර් වාල් බන්ධන)

බන්ධන අතර දුර්වලම හා විශාල ලෙස සියලුම රසායනික ද්‍රව්‍යය අතර ඇතිවන බන්ධන වර්ගයකි. හීලියම් පරමාණුවත් සලකා බැලුවිට, දෙන ලද ඕනැම අවස්ථාවක පරමාණුවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන වලට (නැතිනම් උදාසින) තරමක් අසමතුලිත වන අතර එනිසා ක්ෂණිකව වඩා ඝෘණ ආරෝපණයක් එක පැත්තක පවතී. මෙයට ක්ෂණික ද්වි-ධ්‍රැව යන නම යෙදේ. මෙනිසා ළඟින් පවතින හිලියම් පරමාණු වල ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය හෝ විකර්ෂණය කරමින් තවත් ද්වි-ධ්‍රැව නිර්මාණය වීම සිදුවේ. පරමාණු දෙක මොහොතකට අකාර්ෂණය වන අතර පසුව ආරෝපණ නැවස සමතුලිත වී පරමාණු චලනය වේ.

කැටායත - පයි අන්තර් ක්‍රියාව

කැටයත - පයි අන්තර් ක්‍රියාව ඇරොමැටික වළල්ලේ තලයේ ඉහලින් හා පහලින් පිහිටා ඇති තක්ෂීය ඉලෙක්ට්‍රෝන වල ස්ථානයක ඝෘණ ආරෝපණ හා ධන ආරෝපණ අත

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්_මෞලික_බන්ධන&oldid=471723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි