අන්තර්-ජාතීය සබඳතා
අන්තර් - ජාතීය සබදතා / අන්තර්ජාජාතික සබදතා ජාත්‍යන්තර සබදතා.
අතීතයේ ලොව බොහො රටවල් ස්වයං පොෂිත අර්ථ ක්‍රම පැවතුනි. පසුව ජනගහණය වර්ධනය සමග ඊට සාපේක්ෂව මිනිස් අවශ්‍යතා සංකීර්ණ වීම පදනම් කරගෙන භාම්ඩ සදහා පවතින ඉල්ලුම වැඩි වුණා..
මධ්‍යතන යුරෝපයේ ඇති වූ නවසොයාගැනිම් සහ නවෝත්පාදන , දේශගවේෂණවල දියුණුව ආදිය නිස රටවල් අතර ගණුදෙනු සහ සම්බන්ධතා වර්ධනය වුණා. යුරෝපය සහ පෙරදිග රටවල් අතර සම්බන්ධතා ගොඩ නගා ගැනිම එහි ප්‍රතිඵලය වුණා.
කාර්මික විප්ලවය සමග යුරෝපයේ නිෂ්පාදන සීඝ්‍ර ලෙස වර්ධනය වු අතර ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනිම අවශ්‍ය වුණා. ඒ වගේම නිපදවන භාණ්ස අලෙවිය සදහා වෙලදපොලක් සොයා ගැනිමත් අවශ්‍ය වුණා.
ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකානු ප්‍රදේශ ඉලක්කකරගෙන මෙම සෑම කාර්‍යාක්ම සිදුවුණා. ඒ සදහා යුරෝපය විසින් යටත් විජිත ප්‍රතිපත්තිය කරා නැඹුරු වුණා. යටත් විජිත අත්පත්කරගත් යුරෝපා රටවල් සංවර්ධිත රටවල් බවට පත්වුණා. ප්‍රාග්ධන සහ තාක්ෂණික ශක්තිය ඉහල මට්ටමකට පැමිණියා.යටත් විජිත වශයෙන් පැවති රටවල් ප්‍රාග්ධන හා තාක්ෂණික දියුණුව අතින් අඩු මට්ටමක පැවති අතර ආර්ථික වශයෙ අඩු දියුණු මට්ටමක පැවතියා.එම නිසා මෙම රටවල් වලට සංවර්ධිත ලේබලයේ රටවල් මත යැපීමට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර් ජාතික සබදතා වර්ධනය වුණා.
01.ජාත්‍යාන්තර සබදතා යනු ජාතීන් අතර සියලු ආකාරයේ සබදතාවයන් වේ. 02.රාජ්‍යයන්හි බලයලත් නැතහොත් අවසරලත් නිලධාරින් විසින් පවත්වන්නාවූ රාජ්‍ය මට්ටමේ සබඳතාවයකි.
ඒ අනුව ජාත්‍යාන්තර සබදතා යනුවෙන් අදහස් කරන්නේ රාජ්‍යයන් දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් අතර නැතිනම් රාජ්‍ය හා ජාත්‍යන්තර සංවිධාන අතර හෝ රාජ්‍ය හා පුද්ගලයන් අතර ඇති වන්නාවූ ඕනෑම ආකාරයක සම්බන්ධතා වේ.
ජාත්‍යාන්තර සබදතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූප
ජාත්‍යාන්තර සබදතා පවත්වනු ලබන ප්‍රධාන ක්‍රමවේද දෙකකි.
01.රාජ්‍ය උපාය සම්බන්ධතා (සාමකාමී සබදතා)🤝
රාජ්‍ය අතර ඇතිකරගන්නා සාමකාමී සබදතා වේ. තානාපතිවරුන්, මහ කොමසාරිස් වරුන්, රාජ්‍ය දූතයන් ආදී පුද්ගලයින් හරහා ගොඩනගාගන්නා රාජ්‍ය තාන්ත්‍රික සබදතා වේ. රාජ්‍ය උපාය සබදතා සදහා තම රටේ විදේශ ප්‍රතිපත්තිය මග පෙන්වනු ලබයි.
02.යුධ උපාය සබදතා ( කැරළි කොලාහල හා යුධමය සබදතා) 💣
යුධමය වශයෙන් රාජ්‍ය අතර ගොඩනගා ගන්නා සම්බන්ධතා වෙව්. යම් රාජ්‍යයක් සදහා වෙනත් බාහිර රාජ්‍යයකින් යුධමය තර්ජන පවතින පවතින අවස්ථාවල තම ආරක්ෂාව තහවුරු කිරිම වෙනුවෙන් යුධ උපාය සබදතා ගොඩනගා ගනියි. නිදසුන් - පළමු හා දෙවන ලෝක යුද්ධ අවස්ථාවන්හී පෙර රාජ්‍ය විසින් ගොඩ නගාගත් බල කදවුරු.
අන්තර්ජාතික දේශපාලනය පැන නැගිමේ හේතු, 🔴ජාතික ආරක්ෂාව තහවුරු කිරිම 🔴ජාතික ආර්ථිකය වර්ධනය කිරිම 🔴ජාතික සුබ සාධනය ඉහල නැංවීම 🔴ජාතික අභිමානය ගොඩනැංවීම 🔴ජාතික දේශපාලන මතවාදය ආරක්ෂා කර ගැනිම. ඉහත කරුණු සාක්ෂාත් කර ගැනිමට යාමේදි තම අයීතීන් නැතහොත් අභිලාෂයන් ආරක්ෂා කර ගැනිමට සහ ප්‍රවර්ධනයට වෙනුවෙන් ලොව සෙසු රටවල්වලට බලපෑම් කිරිම හෝ ඔවුන් හැසිරවීමට උත්සහ ගැනිම ජාත්‍යන්තර දේශපාලනයේ ස්වභාවයයි.