අන්තර්ජාල සේවා දායකයන්

නියෝජන අනුග්රහකය

නියෝජන අනුග්‍රහකය (proxy server) සංස්කරණය

එක් එක් සේවාදායක පරිඝණක(clients) වලින් ලැබෙන ඉල්ලීම් වලට අදාලව , සම්පත්දායක කළ හැකි අනුග්‍රහක (server) පරිඝණක සොයාදීමේ අතරමැදිකරැවා ලෙස ක්‍රියා කරනු ලබන, පරිඝණක පද්ධතියක් හෝ යෙදවුමක් වේ . නියෝජිත සේවාදායක පරිඝණකයක් තුළින් ඉල්ලීමක් කරනු ලැබූ විටකදී, ඉල්ලීම ඇගයීමක් (evaluate) තුළින් ඉල්ලීමේ සංකීර්ණත්වය අවම කිරීමට නියෝජිත සේවාදායක පරිඝණකයට පුලුවන . අන්තර්ජාල සේවා පෙරීමකට ලක්කිරීම(web filtering), ආරක්ෂිත ජාල සම්බන්ධයක් පවත්වාගැනීම, වේගවත් සම්බන්ධතාවක් පවත්වා

ගැනීම මෙහි ඇති ප්‍රධාන වාසි වේ .

යෙදුම් අනුග්‍රහකය (application server) සංස්කරණය

යෙදුම් අනුග්‍රහකය යනු, මෘදුකාංග යෙදවුම් නිර්මාණය (creating software applications) සදහා හා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුග්‍රහක පසුබිම (server environment) යන කාර්යන් දෙක සදහාම පහසුකම සළසන්නා වූ පද්ධතියකි .

විෂය නාම සේවා අනුග්‍රහකය (DNS server) සංස්කරණය

අන්තර්ජාලය තුළ විෂය නාමයන් IP ලිපින බවට පරිවර්තනය කරන සේවාවක් ලෙස මෙය හැදින්විය හැකිය . සාමාන්‍යයෙන්අන්තර්ජාලය තුළ විෂය නාමයන් පවතින්නේ අකුරු ආකාරයටය, මක්නිසාද යත් එවිට ඒවා පහසුවෙන් මතක තබා ගත හැකිය(උදාහරණයක් ලෙස www.example.com ). නමුත් අප දන්නා පරිදි අන්තර්ජාලය සැබෑ ලෙසම ගොඩනැගී ඇත්තේ IP ලිපින පදනම්වය . තවදුරටත් පැහැදිළි කරගතහොත්, ඔබවෙබ් බ්‍රව්සරයක් තුළ ඇතුළත් කරනු ලබන ඕනෑම විෂය නාමයක් සදහාම ඊට අනුරූප වූ ලිපිනයක් ඇත(උදා: www.example.com විෂයනාමයට අනුරූප ලිපිනය 198.105.232.4). එමනිසා සෑම විෂය නාම සේවා ඇතුලත් කිරීමකදීම මෙම සේවාව විෂය නාමය ඊට අදාළ ලිපිනයට පරිවර්තනය කරයි .විෂය නාම සේවා අනුග්‍රහකය ඊටම අදාළ වූ ජාලයකි . කිසියම් විෂය නාම සේවා අනුග්‍රහකයකට දෙන ලද විෂය නාමයට අනුරූපව පරිවර්තනයක් නොදන්නේ නම්, නිවැරදි ලිපිනය ලැබෙන තෙක්ම එය තවත් විෂය නාම සේවා අනුග්‍රහක සේවාව ලබා ගනී .

ගතික සංග්‍රාහක වින්‍යාස නියමාවලි අනුග්‍රහකය (DHCP server) සංස්කරණය

කිසියම් ජාලයක් තුළ, ජාලය හා සම්බන්ධව ඇති මෙවලම් සදහා ගතික IP ලිපින ලබා දීමේ සේවාවයි . මෙය ගතික ලිපින ලබා දීමේ ක්‍රියාවලියක් නිසාවෙන්, කිසියම් මෙවලමක් සදහා එම මෙවලම ජාලය හා සම්බන්ධ වෙන සෑම වාරයක් පාසාම විවිධ(එකිනෙකට වෙනස්) IP ලිපින ලැබේ . ඇතැම් විටම ජාලය හා සම්බන්ධව තිබියදීම වුවද ලිපිනය වෙනස් විය හැකිය . එසේම මෙම අනුග්‍රහකය ගතික හා ස්ථිතික ලිපිනයන් එකිනෙක මුහු කිරීමටද යොදා ගනී . නවක මෙවලමක් ජාලය හා සම්බන්ධ කිරීමේදී, නවක මෙවලම සදහා ලිපින ලබා දීමට වෙනමම වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවන නිසා (මෙම අනුග්‍රහකය ස්වයංක්‍රීයව එය ක්‍රියාවට නංවයි.) ජාලකරණයේදී වැඩි වෙහෙසක් දැරීම නුවුමනාය . මේ හේතුවෙන් අන්තර්ජාල සේවා සපයන්නන් බොහොමයක් තම සේවාදායකයන් (dial-up users)සදහා ලිපින ලබා දීමට මෙම අනුග්‍රහකය යොදා ගනී .