අන්තර්ජාල පත්‍රකලාවේදනය

අන්තර්ජාල පත්‍රකලාවේදනය තාක්ෂණික දියුණුව සමග මතු වූ නව ප්‍රවණතාවයකි. වේගය සහ පහසුව නිසා අන්තර්ජාලය තුළ ප්‍රවෘත්ති විශාල ප්‍රමාණවලින් සහ විවිධත්වයෙන් වාර්තා කෙරේ.

බොහෝ විට මෙහිදී සිදුවන්නේ මුද්‍රිත සහ විකාශන මාධ්‍යන්ගෙන් අන්තර්ජාලය තුළ ප්‍රවෘත්ති පොදු නිෂ්පාදනයක් බවට පත් කිරීමයි. ලියන ලද විගසම ප්‍රවෘත්ති ප්‍රකාශනයට පත් කල හැකි බැවින් මාධ්‍යවේදීන් මත වැඩි පීඩනයක් නොයෙදේ.

ප්‍රවෘත්ති නිෂ්පාදනයේදී ඩිජිටල් තාක්ෂණය සහ අන්තර්ජාලයේ විවිධ හැකියාවන් සම්ප්‍රදායික වෘත්තීමය පත්‍රකලාවේදී සංස්කෘතියට තර්ජණයක් වී ඇත. සහභාගීත්ව පත්‍රකලාවේදය නිසා වෘත්තීමය නොවන ආධුනිකයන්ට ද ප්‍රවෘත්ති වාර්තා කිරීමට අවස්ථාව ලැබී ඇත.

බොහෝ ප්‍රවෘත්ති වෙබ් අඩවි සේවාවන් නොමිලේ සපයයි. එහෙත් වොල් ස්ට්ර් ජර්නල් වෙබ් අඩවි සඳහා දායකත්ව මුදලක් අය කෙරේ. නිව්යෝක් ටයිම්ස් වැනි සමහර වෙබ් අඩවි වර්තමානයේ ප්‍රවෘත්ති නොමිලේ ලබාදෙන නමුත් ආරක්ෂිත ලේඛණ අදහස් තීරු සහ ප්‍රවෘත්ති නොවන වෙනත් අංශ සඳහා කාලානුරූප අය කිරීමක් සිදු කරයි. දායකත්ව මුදල් අය නොකිරීමක් නිසා 'ස්ලේට්' සහ 'සැලෝන්' වැනි වේබ් අඩවි අසාර්ථක විය.

අන්තර්ජාල භාවිතය හරහා බොහෝ පුවත්පත් විවිධත්වය සෙවීමට උත්සාහ දරයි. එම වෙබ් අඩවිවල පටිගත කරන ලද දර්ශන, බ්ලොග් ආදිය ඇතුලු විය හැක. ස්ටෝර් වැට් හරහා සංස්කාරකවරයකුගේ අනුමැතියෙන් තොරව ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව කියවන්නාට ලැබේ.

සම්ප්‍රදායික මාධ්‍යයන්ට පරිබාහිර කටයුතු සංස්කරණය

අන්තර්ජාලය හරහා පත්‍රකලාවේදීන් නොවන පුද්ගලයන් ගේ මාධ්‍ය සහභාගීත්වය ඉහළ ගොස් ඇත.

වෙබ් අඩවිවල ලේඛකයන් පත්‍රකලාවේදීන් යැයි සම්ප්‍රදායික පත්‍රකලාවේදනය නොපිලි ගනී. මෙහිදී ගැටලුව වී ඇත්තේ පත්‍රකලාවේදන මාධ්‍ය නොව පිළිගත් සම්මතයන් සහ වෘත්තීමය පිළිවෙත් සම්බන්ධයෙනි. එහෙත් 2005 වන විට වෙබ් අඩවි වැඩි ආකර්ශනයක් දිනා ගත් අතර ප්‍රචාරණ ජන මාධ්‍ය තුළද වෙනස්කම් ඇති කලේය.


අන්තර්ජාල පත්‍රකලාවේදනයේ තවත් වැදගත් මෙවලම් කහිපයක් වනුයේ අන්තර්ජාල විනිශ්චය ශාලා,සාකච්ඡා මණ්ඩල සහ චැට්ය. ලොව පුරා විශාල වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීම නිසා බොහෝ ගැටලුවලට දෙපාර්ශවයටම හමුවීමටම අන්තර්ජාලය ඉඩ කඩ සලකයි. උදාහරණ:- ඊශ්‍රායල් පලස්තීන ගැටුම,රුසියානු චෙච්නියානු යුද්ධය මේ හරහා නව විසදුම් සොයාගැනීමට අවස්ථාව ලැබුන ද බොහෝවිට දෙපාර්ශවයම අන්තර්ජාලය තුළ ගැටුම් ද ඇති කර ගනී.

නිල මාධ්‍යයන්ට වඩා අන්තර්ජාල මූලාශ්‍රවාදීන් තොරතුරු සපයන බව බොහෝ අන්තර්ජාල ග්‍රාහකයන් ගේ අදහසය. මෙම අදහස තවත් සාධාරණීකරණය වන්නේ අන්තර්ජාල පත්‍රකලාවේදීන් බොහෝ විට ස්වේච්ඡාවෙන් ලිපි රචනා කරන බැවින් සදාචාරාත්මක බැමි වලින් බැදී නොසිටීමය. එහෙත් මෑත කාලයක සිට අන්තර්ජාල සාකච්ඡා මණ්ඩල මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබේ.


දීර්ඝ කාලයක දී ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය අතුරුදහන් වී අන්තර්ජාල මාධ්‍ය පමණක් භාවිතා වනු ඇති බවට ද අදහසක් ඇත. සමහර අන්තර්ජාල සාකච්ඡා මණ්ඩප දැනටමත් ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවලට වඩා ජනප්‍රිය වී ඇත. උදාහරණ :- එක්සත් ජනපදයේ about.com සහ බටහිර යුරෝපයේ Expatica. එමෙන්ම අන්තර්ජාල ගුවන් විදුල සහ Podcast දියුනු වෙමින් පවතී.

අන්තර්ජාල පත්‍රකලාවේදයේ නෛතික ගැටළු සංස්කරණය

එක්සත් ජනපදයේ අන්තර්ජාල පත්‍රකලාවේදනය පිළිබදව පැන නගිමින් පවතින ගැටළුවක් නම් පළමු ව්‍යවස්ථා සංශෝදනයට අනුව මුද්‍රිත මාධ්‍ය හෝ විකාශන මාධ්‍ය වාර්තාකරුවන්ට හිමි අයිතීන් අන්තර්ජාලයේ ප්‍රකාශනයන්ට ඉඩ නොලැබීමය. මේ නිසා අපකීර්තිය වැනි චෝදනාවලට මොවුන් වැඩිපුර ලක්වේ. එහෙත් කාණ්ඩ දෙක සඳහාම මූලාශ්‍ර සුරකීමේ අයිතිය කැලිපෝනියාවේ ලබා දී ඇත.


කැනඩාවේ ද බොහෝ ගැටළු ඇත. කැනේඩියානු නීතිය අනුව ව්‍යාජ තොරතුරු ප්‍රකාශනය කොට නැතත්, ජනතාවට බලපාන විවාදාත්මක තොරතුරු සාකච්ඡා කෙරෙතත් , අපකීර්තිය පිළිබදව නඩු ජයග්‍රහණය කල හැක.නෛතික තීරු ලිපි රචක මයිකල් කිස් පවසන්නේ බ්‍රිතාන්‍යය කොබොම්බියා නීතිය සමග නඩු තීන්දු කිහිපයක් හරහා අන්තර්ජාල පත්‍රකලාවේදය පිළිබද ප්‍රතිපත්ති හදුනාගෙන නැති බවය. කැනඩාවේ හරිත පක්ෂයේ මූල්‍ය සම්පාදක වේන්ස් කෘස් ගොණු කල නඩුවකින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රසිද්ධ කල අන්තර්ජාලය පුවත් සේවයකයන්ට වන්දි ඉල්ලා සිටියේය. මෙම නඩුවට ලොවපුරා විශාල අවධානයක් යොමු විණි. සිය හිතවාදීන් හැදින්වීම සඳහා යෙදු කෘස් කල්ලි යන යෙදුම භාවිතා කිරීම සම්බන්ධයෙන් ද කෘස් විරෝධය දැක්වූවේය.


කුමුද් රන්ජන් ඇතුළු සමහර ප්‍රවීණයන් පවසන්නේ අපකීර්තිය පිළිබදව නීතිය අන්තර්ජාල පත්‍රකලාවේදනයට අදාල නොවිය යුතු බවත් ඒ වෙනුවට පිළිතුරු දීමේ අයිතියක් ඇති කල යුතු බවත්ය. එසේ කල යුත්තේ අපකීර්තිය පිළිබද නීතිය සුළු ධනවතුන් පිරිසකට විශාල බලයක් ලබාදෙන බැවිනි. ජෙනිෆර් ජන්න්‍රස්කා සහ තවත් නීති විචාරකයන් පවසන්නේ ප්‍රකාශකයන්ට දැඩි ආරක්ෂාවක් ලැබිය යුතු බවත්, නිර්නාමිකත්වය කෙසේ හෝ මඟ හරවා ගත යුතු බවත්ය.