අන්තර්ජාල නීතිය
අන්තර්ජාල නීතිය අධිකරණ බලය සහ ස්වෛරීත්වය අන්තර්ජාල යුගයේදී අධිකරණ බලය සහ ස්වෛරීත්වය සම්බන්ධ වාදයන් ඉක්මනින් ඉදිරියට පැමිණ ඇත. අන්තර්ජාලය තුල භූගෝලීය සහ අධිකරණ බල සීමාවන් පැහැදිලි නොමැති අතර එය භාවිත කරන්නන් අන්තර්ජාලයේ රැඳී සිටීමෙන් ස්වායත්ත ව භෞතිකව සිටින්නා වූ අධිකරණ සීමාවන් තුළ පවතින නීතියට යටත් වේ. මෙසේ සිදු කරනු ලබන එක් කටයුත්තක දී අවම වශයෙන් අධිකරණ බල ප්‍රදේශ 3 කට සම්බන්ධ වේ.
(1) භාවිත කරන්නා පදිංචි වී සිටින රටේ පවතින නීතිය |
(2) කටයුතු සිදුවන සේවාව සපයන්නා (සඑරවඑර) සිටින ස්ථානය පවතින රටේ නීතිය |
(3) කටයුතු සිදුකරන පුද්ගලයා හෝ ව්‍යාපාරය පවතින ස්ථානය අයත් වන රටේ නීතිය. |
එක්සත් ජනපදයේ පුද්ගලයෙක් බ්‍රිතාන්‍යයේ සිටින පුද්ගලයෙක් සමඟ කැනේඩියානු සේවා සපයන්නෙක් හරහා ගණුදෙණු සිදුකරන විටක දී ෙසෙද්ධාන්තිව කටයුතු සම්බන්ධ වන රටවල් තුනෙහිම නීතියට යටත් වේ. අධිකරණ බල සීමාවන් රටක ස්වෛරීත්වයේ අංගයක් වන අතර එය අධිකරණ, ව්‍යවස්ථාදායකය සහ පරිපාලනමය නීත්‍යානුකූල බලයට අදාළ වේ. අධිකරණ බල සීමාවන් රටක ස්වෛරීත්වයේ අංගයක් වුවත් එය ස්වෛරීත්වය සමඟ එකසේ නොපවතී. රටක නීතිය එම රටේ ස්වෛරීත්ව සීමා සහ දේශ සීමාවන්ගෙන් ඔබ්බට විහිදෙන දේශභූමි-බාහ්‍ය බලපෑම් ඇත. අන්තර්ජාල මාධ්‍යයයේ දී මෙම තත්වය වඩාත් ගැටළු සහගත වන්නේ ස්වෛරීත්ව සීමා සහ දේශ සීමාවන් පැහැදිව හඳුනා ගත නොහැකි නිසාය. පොදුවේ භාවිත වන නොවෙනස් ජාත්‍යන්තර නීතිය ක් නොමැති අතර මෙම ගැටළු සාමාන්‍යයෙන් පුද්ගලික ජාත්‍යන්තර නීතියේ පවතින නීති පිළිගැටුම් වේ. මීට හොඳම උදාහරණයක් ලෙස එක් වෙබ් අඩවියක් එක් රටක නීත්‍යානුකූල වන අතර තවත් රටක එය නීති විරෝධි වේ. පොදුවේ භාවිත වන නොවෙනස් ජාත්‍යන්තර නීතියක් නොමැති බැවින් නීතිඥයන් සමාන්‍යයෙන් එවැන්ි අවස්ථාවන් නීති පිළිගැටුම් ලෙස සලකා ඉවත දමනු ලැබේ. තවත් වැදගත් ප්‍රශ්ණයක් වන්්නේ අන්තර්ජාල නීතිය පවතින්නේ අන්තර්ජාලය භෞතික අවකාශයේ ඇතැය් සලකා (එ මඟින් දී ඇති අධිකරණ සීමා වලට යටත් වන බවත්) හෝ අන්තර්ජාලය ලෝකයක් ලෙස සැලකීම(එ මඟින් සීමා කිරීම් වලින් තොරව). දෙවනුවට ඉදිරිපත් කරන ලද මතය ට සහය පලකරන්නන් ගේ අදහස වන්නේ රජයන් අන්තර්ජාල ප්‍රජාවට ස්වයං පාලනයකට ඉඩ හැරිය යුතු බවයි. ජෝන් පෙරී බාර්ලෝ ලෝකයේ රටවලට අමතා ප්‍රකාශ කරන ලද්දේ නියම වශයෙන් ගැටුම් පවතින අවස්ථාවේ දී, වැරදි සිදු වන අවස්ථාවේ දී අපි ඒවා සඳුනා ගෙන අපගේ ක්‍රමයට ඒවා විසඳා ගනිමු. අපි අපේ ම සාමාජ ගිවිසුම නිර්මාණය කරමු. මෙම පාලනය හට ගන්නේ අපගේ ලෝකයේ තත්වයනට අනුව මිස අන්‍යයකුගේ නොවේ. අපගේ ලෝකය වෙනස් ය. (බාර්ලෝ ං ඪඑචලඅරඅටඉඔන ඔෆ ටහඑ ඊනඩඑපඑනඩඑනචඑ ඔෆ ඡයබඑරසපඅචඑ). වඩා සමබර විකල්පය වන්නේ අන්තර්ජාල අපක්‍රමණයයි. නීතිමය සීමාවන් නොමැති ව සම්පූර්ණයෙන් ම නිදහසේ ජීවත්විය හැකි මනසක් මනුෂ්‍යයින් සතුව පවතී. මානව ශිෂ්ටාචාරය තම මනස (සාමූහික) සංවර්ධනය කරයි. අප සියලු ම දෙනාට අවශ්‍යය වන්නේ නීතිමය බාධා වලින් තොරව ජීවත් වීමේ නිදහස යි. අප ඔබට හානියක් නොකරන බවටසහතික වන නිසා අපගේ ජීවිත වලට අනවසරයෙන් ඇතුළු වීමට ඔබට සදාචාලාත්මක අයිතියක් නොමැත. එම නිසා අනවසරයෙන් ඇතුළු වීම නවත්වන්න. අනෙකුත් විචාරකයන් ගේ තර්කය නම් ජාතීන් දෙකක් අතර සමථයකට පත්වූ තත්වයක් වන අතර ලෝරන්ස් ලෙසිග් ගේ තර්කය නම් නීතිමය ප්‍රශ්ණය වන්නෙ ජාතීන් දෙකක නියමයන් යොදා ගැනීමේ දී ඒවා යොදා ගන්නේ කෙසේ ද ඒවාට යටත් වන්නේ කවු ද ඒවා දෙරටේ දීම යොදා ගත හැකි ද යන්න්යි. (ලෙසිග් සංග්‍රහය 190) බාහිරින් ආකර්ෂණීය ලෙස පෙනුන ද අන්තර්ජාල අපක්‍රමණයට මුලපිරීම අනතර්ජාලය සහ එය පාලනය කරන නීති සම්බන්ධයෙන් වන බලපෑම ඉතා අල්පය. ප්‍රායෝගික වශයෙන් අන්තර්ජාලය භාවිත කරන්නා සෘජුවම පරිගණකයේ මධ්‍යම පාලනයට සම්බන්ධ වී සිටින රටේ නීතියට අනුව පාලනය කරනු ලබයි. ඇමෙරිකා එක්සත් ජනපදය් ජේක් බේකර් නමැත්තා ඔහුගේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යය තුළ හැසිරීම නිසා අපරාධ චෝදනා වලට ලක් වූ අතර සහ සමීප මිතුරන් අතර ලේඛන හුවමාරු කර ගැනීමේ මෘදුකාංගය භාවිත කරන බොහෝ දෙනෙක් ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කිරීමේ සිවිල් නීතිය යටතේ නඩු පවරන ලදී. මෙම ක්‍රමය ගැටළුසහගත වන්නේ ජාත්‍යන්තර මට්ටමේ නඩු හබ වලදීය. සිවිල් නඩුවක ඔප්පු කිරීමේ භාරය සම්බන්ධයෙන් පවතින වෙනස්කම් නිසා අධිකරණ බලය සම්බන්ධ ප්‍රශ්ණ ඇතිවිය හැකීය. ඇමෙරිකාවේ කීර්තිමත් පුද්ගලයෙකු ඇමෙරිකානු අන්තර්ජාල සඟරාවක් මඟින් තමාට අපහාස කලේ යැයි වන්දි ඉල්ලා පැවරූ නඩුව ජයග්‍රහණය සඳහා දුෂ්කරතාවන් ට මුහුණ දීමට සිදු විය.