කලාව තුළ කටු සටහනක් හෝ සිතුවමක් ඇඳීම වැනි අවසානාත්මක කෘතියක් නිර්මාණය කිරීමේ පෙරහුරුවක් ලෙස හෝ දෘෂ්‍ය සටහනක් තබාගැනීම ලෙස අධ්‍යනයක් ලෙසින් හැඳින්වේ. විචිත්‍රවත් සැලසුම් සහගතව නිර්මාණය කරන ලද කෘතියකට වඩා අධ්‍යනයක් විසින් නිර්මාණකරුවා වෙත බලපෑමක් සිදු කරයි. ඒ චිත්‍ර ශිල්පියා සිය විෂය වස්තුව ගවේෂණය කිරීමේදී අරමුණු වන නව තීක්‍ෂණ සිතීම් එයට අන්තර්ගත වන බැවිනි. එතුළින් හමුවන නව දෘෂ්ටිය විසින් නර්මාණයට නව ජීවයක් එක්කරනු ලබයි. දෘෂ්‍ය රූපයන්ට අදාළව ලියනු ලබන සටහන් වලින් සිත්තරා විෂය වස්තුව පිළිබඳ ඥාණනය ලද ආකාරය හෙළිකරන බැවින් ඒවා මඟින් කෘතියේ වටිනාකම වැඩි කරයි. අවාසනාවකට මෙන් අධ්‍යයනයන් සඳහා යොදාගනු ලබන කඩදාසි බොහෝදුරට කල්පැවැත්මෙන් තොර ඒවා වෙයි.

tiny globe
කළලය පිළිබඳ ලියනාඩෝ ඩා වින්සිගේ අධ්‍යනයක් (1510 - 1513), රතු රටහුණු මත පෑනෙන් ඇඳ ඇත, 12 × 8” (සෙ. මී. 30 5 × 20),රාජකීය පුස්තකාලය, වින්ඞ්සර් මාලිගය.

20 වැනි සියවසේ සංකල්පීය චිත්‍ර කලාවේ ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අධ්‍යයනයන් හේතුවිය. මෙහිදී නිර්මාණාත්මක ක්‍රියාවලියම කලා කෘතියේ විෂය වස්තුව බවට පත්විය. අධ්‍යයනයේදී වැඩි වැදගත්කමක් මෙම ක්‍රියාවලිය කෙරෙහි යොමුවන බැවින් නරඹන්නාට කලාකෘතියක් ලෙස භෞතික යමක් ඉතිරි නොවේ.

අධ්‍යයනයන් ඉතාලියානු පුනරුද යුගය දක්වා දිවයයි. කලා ඉතිහාසඥයෝ මයිකල් ආන්ජලෝගේ අධ්‍යනයන් සමහරක් සංරක්‍ෂණය කොට ඇත. මෙයින් එක් අධ්‍යයනයක් සිස්ටීන් දේවස්ථානයේ සීලිමේ ඉතිරිව පවතී. අධ්‍යයනයේ පදනම ලෙස පිරිමි නිරූපකයකු යොදාගනු ලැබ තිබුණද අවසාන කෘතියේ චිත්‍රණය කර තිබුණේ කාන්තා රුවකි. මෙවැනි අධ්‍යනයන් තුළින් විශිෂ්ට සිත්තරුන් සිය නිර්මාණය ක්‍රමක්ක්‍රමයෙන් ගොඩනංවා ඇති ආකාරය පිළිබඳව අදහසක් ලබාගත හැකිවෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=අධ්‍යයනය_(ඇඳීම)&oldid=167874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි