කලලය පිලිබඳ ලියනාඩෝ ඩා වින්සිගේ අධ්‍යනයක් (1510 - 1513), රතු රටහුණු මත පෑනෙන් ඇඳ ඇත, 12 × 8” (සෙ. මී. 30 5 × 20),රාජකීය පුස්තකාලය, වින්ඞ්සර් මාලිගය

කලාව තුල කටු සටහනක් හෝ සිතුවමක් ඇඳීම වැනි අවසානාත්මක කෘතියක් නිර්මාණය කිරීමේ පෙරහුරුවක් ලෙස හෝ ද්‍රෘෂ්‍ය සටහනක් තබාගැනීම ලෙස අධ්‍යනයක් ලෙසින් හැඳින්වේ. විචිත‍්‍රවත් සැලසුම් සහගතව නිර්මාණය කරන ලද කෘතියකට වඩා අධ්‍යනයක් විසින් නිර්මාණකරුවා වෙත බලපෑමක් සිදු කරයි. ඒ චිත‍්‍ර ශිල්පියා සිය විෂය වස්තුව ගවේෂණය කිරීමේදී අරමුණු වන නව තීක්‍ෂණ සිතීම් එයට අන්තර්ගත වන බැවිනි. එතුලින් හමුවන නව දෘෂ්ඨිය විසින් නර්මාණයට නව ජීවයක් එක්කරනු ලබයි. දෘෂ්‍ය රූපයන්ට අදාලව ලියනු ලබන සටහන් විසින් සිත්තරා විෂය වස්තුව පිලිබඳ ඥාණනය ලද ආකාරය හෙලිකරන බැවින් ඒවා කෘතියේ වටිනාකම වැඩි කරයි. අවාසනාවකට මෙන් අධ්‍යනයන් සඳහා යොදාගනු ලබන කඩදාසි බොහෝදුරට කල්පැවැත්මෙන් තොර ඒවා වෙයි.

20 වන සියවසේ සංකල්පීය චිත‍්‍ර කලාවේ ප‍්‍රබෝධයක් ඇති කිරීමට මෙම අධ්‍යනයන් හේතුවිය. මෙහිදී නිර්මාණාත්මක කි‍්‍රයාවලියම කලා කෘතියේ විෂය වස්තුව බවට පත්විය. අධ්‍යනයේදී වැඩි වැදගත්කමක් මෙම කි‍්‍රයාවලිය කෙරෙහි යොමුවන බැවින් නරඹන්නාට කලාකෘතිය ලෙස භෞතික යමක් ඉතිරි නොවේ.

අධ්‍යනයන් ඉතාලියානු පුනරුද යුගය දක්වා දිවයයි. කලා ඉතිහාසඥයෝ මයිකල් ආන්ජලෝගේ අධ්‍යනයන් සමහරක් සංරක්‍ෂණය කොට ඇත. මෙයින් එක් අධ්‍යනයක් සිස්ටීන් දේවස්ථානයේ සීලිමේ ඉතිරිව පවතී. අධ්‍යනයේ පදනම ලෙස පිරිමි නිරූපකයකු යොදාගනු ලැබ තිබුණද අවසාන කෘතියේ චිත‍්‍රණය කර තිබුණේ කාන්තා රුවකි. මෙවැනි අධ්‍යනයන් තුලින් විශිෂ්ඨ සිත්තරුන් සිය නිර්මාණය ක‍්‍රමක‍්‍රමයෙන් ගොඩනංවා ඇති ආකාරය පිලිබඳ අදහසක් ලබාගත හැකිවෙයි.


"https://si.wikipedia.org/w/index.php?title=අධ්‍යනය_(ඇඳීම)&oldid=170729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි