අතීන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂ

අතීන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂය

අතීන්ද්‍රීය ප‍්‍රත්‍යක්ෂය යනු, භෞතික සංවේදනයන් මගින් හෝ පූර්ව අත්දැකීම් ලබා ගැනීමකින් තොරව, සාමාන්‍ය තත්ත්වයන්ට ඔබ්බෙන් පවත්නා මාර්ගවලින් තොරතුරු ලබා ගැනීමේ හැකියාවයි. මෙය 'ඩියුක් විශ්වවිද්‍යාලයේ' පර්යේෂකයකු වූ ජේ. බී. රයින් විසින් හඳුන්වා දෙන ලද යෙදුමකි. සම්මත සංවේදන ක‍්‍රම 5 එනම්, කලින් දැන සිටීම, අනාගත සිදුවීම පිළිබඳ ඇති දැනීම, දිවැස, මිනිසුන් වස්තූන් හා සිදුවීම් පිළිබඳ ව ඇති දැනීම යනාදියෙන් තොරව සංවේදනා හා දැනීම ලබා ගැනීම ඔහු ඉන් අදහස් කළේය. මෙය සමහර අවස්ථාවලදී හයවන සංවේදනය, සහජ බුද්ධිය, අද්භූත කම්පනය හෝ අන්තර් ඥානය ලෙස ද හඳුන්වනු ලැබේ. මෙයට ඇතුළත් වන්නේ විද්‍යාව මගින් අදාළ කාලය තුළ විග‍්‍රහ කළ නොහැකි තොරතුරු සහ මූලාශ‍්‍රයන් ය. මෙය ඉතා ජනප‍්‍රිය විශ්වාසයක් වන නමුත්, නිසි තොරතුරු හා න්‍යායන් නොමැති වීම ඒ පිළිබඳ සැක පහළ කරන්නෝ ද බොහෝය.

මෙම හැකියාව ඉතා මතභේදකාරී වන අතර, එය තහවුරු කළ හැකි කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නොමැත. පාර- මනෝවිද්‍යාව තුළ මේ පිළිබඳ ව ඇති හැකියාව සොයා බැලෙන අතර, ඒ සඳහා විවිධ පර්යේෂණ ක‍්‍රම ද යෝජනා වී තිබේ. එහෙත්, විද්‍යාත්මක තහවුරු කිරීම් තුළ මෙය සාමාන්‍යයෙන් පිළිගැනීමක් නැත.


සටහන් සංස්කරණය

Clinical Depression - Signs and symptoms