අට මහා කුසල් යනු කුමක්ද ? සංස්කරණය

  1. කඨින චීවර පූජා කිරීම
  2. අටපිරිකර පූජා කිරීම
  3. ආවාස ගෙවල් තනවා සඟසතු කර පූජා කිරීම
  4. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සඟසතු කර දන් දීම
  5. බුද්ධ ධර්මය ලිවීම හා මුද්‍රණය කර බෙදා දීම
  6. සඟසතු කොට බුද්ධ පූජාවක් ලෙස කෙත්වතු පූජා කිරීම
  7. බුදු පිළිම චෛත්‍ය විහාර සාදවා පූජා කිරීම
  8. වැසිකිළි සාදවා සඟසතු කොට පූජා කිරීම

ඉහත දැක්වෙන්නේ අපි දන්නා අටමහ කුසල්ය. නමුත් මේ ගැන බුද්ධිමත්ව සිතාබැලිය යුතුය. කුසල් සහ පින් යනු දෙවර්ගයකි. පින් යනු සසර සැප පිණිස හේතුවන ක්‍රියාවන්ය. බොහෝ පින් නිවනට උපකාරී වේ. නමුත් නිවන් පිණිස වැඩිය යුත්තේ කුසල්ය. ඉහත දැක්වෙන්නේ එම කුසල් දැයි නුවණින් විමසා බැලිය යුතුය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි නිවන් මග යන්නා පුද්ගලයන් අට දෙනෙකි.

එනම්

01. සෝවාන් මාර්ගයේ යන්නා

02. සෝවාන් මාර්ගලාභී උත්තමයා

03. සකදාගාමී මාර්ගයේ යන්නා

04. සකදාගාමී උත්තමයා

05. අනාගාමී මාර්ගයේ යන්නා

06. අනාගාමී උත්තමයා

07. රහත් මාර්ගයේ යන්නා

08. රහතන් වහන්සේ

ඉහත සඳහන් වන්නේ නිවන් මාර්ගයේ යන පුද්ගලයන් අට දෙනාය. එමෙන්ම එහි සඳහන් වන්නේ මග හතරක් සහ ඵල හතරකි. එම මග හතර සහ ඵල හතර ඉහත අටමහ කුසල් ලෙස සඳහන් කාරණා අටට වඩා බලවත් බව කිව යුතුය. එසේ බැලූ විට අටමහ කුසල් ලෙස හැඳින්විය යුත්තේ මෙම මග හතර සහ ඵල හතර විය යුතුය. නමුත් සමාජයේ බොහෝ ස්වාමීන් වහන්සේලා සඳහන් කරන්නේ අටමහ කුසල් ලෙස පළමුව සඳහන් පුණ්‍ය කර්මයන් අටය. මදකට විමසා බැලුවොත් එම අටමහ කුසල් සිදු කළ විට නිවන් සාක්ෂාත් සාක්ෂාත් වෙනවානම් නිවන් දැකීම ඉතා සරල වූත් පහසු වුත් කාරණයක් විය යුතුය. නමුත් නිවන් දැකීමටනම් සිතේ අකුසල් දුරු කළ යුතුය. එනම් කුසල් වැඩිය යුතුය. බුදුුදහම යනු සිත සමග පවතින දහමකි. එසේනම් නිවන් දැකීම පිණිස සිදු කළ යුත්තේ මග හතර සහ ඵල හතර අනුගමනය කිරීමයි. මෙහිදී වරදවා වටහා නොගත යුතුය. පින් යනු නිවනට උපකාරී වන ක්‍රියාවන් කරගත යුතුය. නමුත් පිනක් සිදුකල පමණින් නිවන් දැකිය නොහැකිය. බුදුන් වහන්සේගේ කාලයේ රහත් වූ උත්තමයන් ගැන අපි නොයෙකුත් දේශනා අසා ඇත. ඔවුන් සිය ලු දෙනා අකුසල් දුරු කර දෙවෙනියට සඳහන් වූ මග හතර සහ ඵල හතර අනුගමනය කළ උත්තමයන්ය.

එසේනම් අපි අටමහ කුසල් පිළිබඳව නූවණින් විමසා බැලිය යුතුය. මේ පිළිබඳව ගැටීමක් ඇතිකරගත නොගත යුතු බවද සඳහන් කළ යුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=අට_මහා_කුසල්&oldid=659267" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි