අජටාකාශවිද්‍යාවේ විප්ලවය (1600)

1609 වසරේ අවසාන භාගය වන විට ගැලීලියෝ ගැලලි විසින් තම දුරේක්ෂ නිරීක්ෂණයන් ආරම්භ කරන ලදී.ඉන් අනතුරුව 1610 මාර්තු වන විට ඔහු Starry Messenger (ලතින්: Sidereus Nuncius)[1] නමින් එතෙක් දර්ශනවාදයේ පවා සාකච්ජා කර නොතිබුණු සොයාගැනීම් ඇතුළත් පොත් පිංචක් පළ කිරීමට පියවර ගත්තේය.චන්ද්‍රයාගේ කදු,බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් සහ සූර්යය ලප පිළිබදව ලියැවුණු පරිච්ජේදයක්ද ඊට ඇතුළත් විය.

එහෙත් මෙම කිසිදු සොයා ගැනීමකින් පෘථිවිය භ්‍රමණය වන බවට ඔප්පු කිරීමට හෝ ක්‍රිස්තියානි මතවාද සෘජුව අභියෝගයට ලක් කිරීමට හැකියාවක් නොලැබුණි. දේව ධර්මවාදීන්ගේ සහ ඇරිස්ටෝටලියානු මතවාද දැරූ ස්වභාවික දර්ශනවාදීන්ගෙන් ගැලීලියානු මතවාද දැරූවන්ට නොයෙක් කරදර සිදු වුණි.ඇරිස්ටෝටලියානු ඉගැන්වීම් බොහෝ සෙයින්ම කතෝලික පල්ලියේ ඉගැන්වීම් වලට සමාන විණි.රෝමානු කතෝලික සභාවට අයත් තාරකා විද්‍යාඥයෝ කතෝලික පල්ලියේ ඉගැන්වීම් මෙන්ම ස්වභාවික දර්ශනවාදය පිළිබදවද දැනුම ඇත්තෝ වූහ.


කෙසේ වෙතත් වර්ෂයක් හෝ දෙකක් ඇතුළත නවීන දුරේක්ෂයන් පරිහරිණයට පැමිණීමත් සමගම අලුත් නිරීක්ෂණ කටයුතුවලට මග පෑදිණි. වර්ෂ 1612 දී රෝමානු කතෝලික සභාවට අයත් වූවන් ගැලීලියෝගේ නිරීක්ෂණයන් නැවත කර තිබුණි. එහෙයින් ගැලීලියෝ රෝමයේ රෝමානු පාසලට පැමිණි අවස්ථාවේදී ඔහුට ගරුත්වයෙන් සලකන ලදී.මෙහිදී රෝමානු කතෝලික සභාවේ ශිෂ්‍යත්ව ධාරියෙකුව සිටි "ක්‍රිස්ටොපර් ග්‍රෙයින්බර්ග් " නැමැත්තා ගැලීලියෝගේ මතවාද මැදිහත් සිතින් අධ්‍යයනය කල අයෙකු විය. එහිදී ඔහු රෝමානු කතෝලික සභාවේ ප්‍රධාන පියතුමා වූ, ක්ලෝඩියෝ ගෙනහැර දක්වා තිබූ මතවාද බිද හෙලන ලෙස ගැලීලියෝගෙන් ඉල්ලා සිටියේය.කෙසේ හෝ ගැලීලියෝගේ මත සියල්ල පිළිගැනුනේ නැත.ඔහුගේ සමයේ සිටි අග්‍රගනයේ තාරකා විද්‍යාඥයෙකුව සිටි ක්‍රිස්ටොපර් ක්ලෝඩියස් පවා කිසි දිනක සඳේ කඳු ඇති බවට කී ගැලීලියානු මත වාදය පිළිගත්තේ නැත.

මේ අතර රෝමානු පාසලෙන් පිටත පවා ඉහත නිරීක්ෂණවල සත්‍යතාව පිළිබද මතවාද ඇති විණි.වර්ෂ 1610 දී ගැලීලියෝ විසින් කෙප්ලර්ට යැවූ ලිපියක තම මතයට විරුද්ධවන ඇතැම් දාර්ශනිකයන් ඒවා ඉවත දමන්නේ දුරේක්ෂයකින් කිසිදිනෙක නිරීක්ෂණයක් පවා නොකරන බවට චෝදනා කරයි.

මේ අතර දිගින් දිගටම රෝමානු කතෝලික සභාව සමග ගැටුම් ඇති විණි.සූර්යය ලප පිළිබඳව රෝමානු කතෝලික සභාවේ ප්‍රමුඛයකුව සිටි නැමැත්තා සමග වාදයකට පැටලුණු අතර,එය ඔහුගේ ජීවිත කාලය පුරාවටම පැතිරී ගිය ආරවුලක් විණි.නමුත් ඔවුන් දෙදෙනාම නිවැරදි නොවීය. ඩේවිඩ් හැබ්රිකන් සහ ඔහුගේ පුත්‍රයා වූ ජොහැන්සන්ගේ පළමු නිරීක්ෂණයන් අපැහැදිලි තත්වයක පැවතුණා විය හැකිය.

එසේම මේ කාලය වන විට වස්තූවක් ජලයේ පාවීම හෝ ගිලී යාම පිළිබඳව ආකිමිඩීස්ට එරෙහිව ඇරිස්ටෝටල් කළ අරගලයට විරුද්ධවද ගැලීලියෝ තර්ක කළේය. මෙම වාදයන් මිත්‍රශීලි බවෙන් තොර විය.මෙම මොට සහ උපහාසාත්මක විවේචනයන් එකල විවාදයන් අනුව බලන විට අසාමාන්‍ය තත්වයක් නොවුනද,එය ඔහුට සතුරන් ඇතිවීමට හේතුවිය.මෙහිදී ගැලීලියෝගේ මිතුරන් කණ්ඩායමක් ඔහුට දන්වා සිටියේ, දර්ශනවාදී මහාචාර්යයවරුන් පිරිසක් ගැලීලියෝට එරෙහිව කතෝලික පල්ලියේ මරණීය චෝදනා ගොනු කරන බවයි.පසුව විස්තර වන කැසිනි දේශනාවල ඒ බව විස්තර කෙරේ.

ආශ්‍රිත ලිපි සංස්කරණය

  1. Starry Messenger: Galileo and Sidereus Nuncius . University of Cambridge