අඛණ්ඩතාව (සිනමා ඉතිහාසය)

Film History from 1895 to 1906 - Film continuity අඛණ්ඩතාව (සිනමා ඉතිහාසය)

චිත්‍රපටයක් තුල දක්නට ලැබෙන අඛණ්ඩතාවය ලෙස හදුන්වනු ලබන්නේ එක් රෑප රාමුවකින් අනෙක් රෑප රාමුවට මාරැවිමේදි පියවි ඇසට අඛණ්ඩ සිදුවිමක් ලෙස පන්වනු ලැබිමයි. 1898 දී රෝබට් ඩබ්. පොල් විසින් නිපදවන ලද Come along, Do! චිත්‍රපටය උදාහරණයක් ලෙස ගනිමු. මෙහි පළමු රෑපරාමුවේදි මහලු යුවලක් කලා ප්‍රදර්ශණයක් පැවැත්වෙන ස්ථානයක පිටත සිටින දර්ශණයක් පෙන්වයි. දෙවන රෑප රාමුවේදි ඔවුන් දෙපල කලා ප්‍රදර්ශණය තුලදි ක්‍රියාකරන ආකරය පෙන්වයි.

බහුරෑප රාමු සහිත චිත්‍රපට වලදි මෙම අඛණ්ඩතාවය යන සිද්ධාන්තය භාවිතා කරනු ලැබුවේ 1879 සිට ය. එම වර්ෂයේ අගභාගයේ දී ‍ජෝජ් ඇල්බට් ස්මිත් විසින් " The kids in the tunnel' නිපදවන ලදි. එම චිත්‍රපටියේ ආරම්භක රෑප රාමුවේ 'Phinatm ride' එකක් පෙන්නයි. මෙහිදි දුම්රියක් උමගක් තුලට ගමන් කරයි. පසු දර්ශණයේදි කාන්තාවක් සහ පුරැෂයෙකු දුම්රිය තුළදි සිපගන්නා දර්ශණයක් පෙන්වයි. ඉන්පසු නැතත් දුම්රිය උමගෙන් පිටතට එන අවස්ථාවේ 'Phinatm ride' එක නැවත පෙන්වයි. ඊට මසකට පසු යොක්ෂර් වල පිහිටි බැමිෆොක් වෙළද සමාගම මගින් එම චිත්‍රපටයම නැවත රෑගත කරන ලදි. මෙහිදි දුම්රිය උමගට ඇතුලුවන හා පිටවන රෑපරාමු එම දුම්රිය මාර්ගයේ පසකින් සිට රෑගත කරන ලද අතර පසුව එම දර්ශණ දෙක අතර‍ට සිප ගැනිමේ දර්ශණයක් ඇදන ලදි.

1900 දී සාර්ථකව අඛණ්ඩතාවය භාවිත කිරීමේ ගෞරවය හිමිවනුයේ ජෝජ් ඇල්බට් ස්මිත් සහ ජෙම්ස් බිලියන්සමන් හට ය. එම වර්ෂයේදි ස්මිත් විසින් "seen through the tekescope' නිපදවන ලදි මෙම චිත්‍රපටයේ ප්‍රධාන රෑපරාමුව පෙන්වුයේ මහා මාර්ග‍යක සිටින තරැණයෙකු සපත්තු බදින පටියක් ගැට ගසන ආකාරයත් පසුව ඔහු තම පෙම්වතියගේ පාද වැලද ගන්නා ආකාරයත් මහල්ලකු මේ සියල්ල දුරදක්නයකින් නිරික්ෂණය කරන ආකාරයත්ය. පසුව මෙ දර්ශණය කළු පැහැ පසුබිමක් මැද ඇති රවුම් දර්ශණයකින් පෙම්වතිවය පාද මත ඇති අත්වල දර්ශණයකට මාරැවේ. පසුව නැවත කළු රෑපරාමුවලට මාරැවේ.